SJB ලොක්කෙක් මාලිමා වැට පනින්න ලෑස්තියි..

 


සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු ආණ්ඩුව සමඟ එක්වීමේ සූදානමක් පවතින බවත්, ඒ සඳහා වන පෙරනිමිති මේ වන විටත් පළ වෙමින් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය දින කිහිපය පුරා පාර්ලිමේන්තු මුදල් කාරක සභාව තුළ සිදුවන සිදුවීම් සහ එහි ක්‍රියාකාරීත්වය දෙස බැලීමේදී, වෙනසක් සිදුවන බව පැහැදිලි වන බව කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

විවිධ ආකාරයෙන් මතු වෙමින් පවතින මෙම දේශපාලන පෙරනිමිති පිළිබඳව අවධානයෙන් පසුවන බවත්, ඉදිරියේදී එම දේශපාලන වෙනස සිදුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

12 Comments

  1. ලැජ්ජ නැති හර්ශ තමයි ඉතින්

    ReplyDelete
    Replies
    1. හොඳ මිනිස්සුන්ට මඩ ගහන්න එපා.

      Delete
    2. Harsha kiyanne hoda minihek. Malimawata yana eka hodayi neda..

      Delete
    3. මාලිමාවේ උන් ඇරෙන්න ලංකාවේ අනෙක් හැම දේශපාලකයෙක්ම පට්ටපල් හොරු කියලා කෑ ගහලා කිව්ව උඹලා රෙදි ඇඳගෙනද යූඑන්පී කාරයෝ එක්ක එකතු වෙන්නේ ? තොපිව විශ්වාස කරලා ඡන්දෙ දුන්න මීහරකුන්ට දැන්වත් තේරුම් ගන්න පුලුවන්ද මන්දා ?

      Delete
  2. පුදුම වැඩේ කියන්නේ මෙච්චර කල් හොදයි කියපු කෙනා ආණ්ඩුවට ගිය ගමන් නරක් වෙන්නෙ කොහොමද.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව නරක නිසා!

      Delete
  3. ආණ්ඩුවෙ ඉන්නෙ වැඩ බැරි අය නම් ඒ අය වැඩ දන්නෙ නැත්තම් වැඩ දන්න අය වෙනත් පක්‍ෂ වලින් හයර් කරනවනම් 159ක් මහජන මුදලින් නඩත්තු කරන්නෙ ඇයි?

    ReplyDelete
  4. All these people are just power hungry ............. psychos, that's all ........... otherwise what could they do even if they join this Govt., ........

    ReplyDelete
  5. වැඩ බැරි ආන්ඩුවට චන්දෙ දීල වැඩ පුලුවන් අය විපක්ශෙන් ගන්නවා.චන්දෙ දීපු උන් නන්නාත්තාරයි.

    ReplyDelete
  6. වැඩ බැරි ආණ්ඩුවට සජබෙන් අරගෙන තමයි වැඩ කරන්න වෙන්නෙ කියල කලින් තේරුණා නම් අපරාදෙ සජබෙටම චන්දෙ දෙන්නයි තිබුනෙ.
    කොහෙද ඉතිං කයියට රැවටුණා 68 ලක්ෂයක්ම.

    ReplyDelete
  7. කව්ද? හර්ෂ ද සිල්වා ද? අම්මෝ ගියොත් ලොකු දෙයක්. මුදල් කමිටුව ඕනේ නෑ. අනුර කුමාර අය වැය කතාව ඉවර කලාට පස්සේ භාණ්ඩාගාරේ සල්ලි එකතු වෙලා තියෙන එක ගැන කියලා, ආණ්ඩුව්වේ ගුණ වයන කොට මෙයා එන්නේ මොකාටද කියන එක පැහැදිලි වුනා. බදු වැඩි කරලා සල්ලි එකතු කර ගෙන, කිසිම වැඩක් නොකර ඒ සල්ලි ටික එකතු කර ගෙන ඉන්න කොට භාණ්ඩාගාරේ සල්ලි එකතු වෙන එක හර්ෂ ද සිල්වා ට මැජික් එකක් වුනාට, හර්ෂ ද සිල්වා දන්නේ නෑ භාණ්ඩාගාරේ සල්ලි එකතු කර ගෙන ඉන්න නිසා, මේ වන විට රටේ cash-flow හිර වීමක් තිබෙන බව සහ රටේ ආර්ථික වර්ධන වේගය බාල වීමට ඒකත් බලපාලා තියෙන බව. ආර්ථිකය කියන්නේ PhD ගහලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට ඉව තියෙන්න ඕනේ. රනිල් ට ඒ ඉව තියෙනවා. මම මේ කියන කතාව ගැන අවශ්‍ය කෙනෙකුට මහින්ද සිරිවර්ධනගෙන් අහලා දැන ගන්න පුළුවන්. ආර්ථික වර්ධන වේගය, උද්ධමනය, විරැකියාව, විදේශ සංචිත, වගේ parameters ටික healthy range එකක maintain වෙන විදියට භාණ්ඩාගාරේ ගොඩ ගහන ගෙන ඉන්න (සහ හර්ෂ ද සිල්වා මාර ලොකු වැඩක් කියලා හිතා ගෙන ඉන්න) සල්ලි වලින් කොයිතරම් මුදල් ප්‍රමාණයක් මුදා හැරිය යුතු ද කියන එක ඉවෙන් තමයි (intuitively තමයි) හිතා ගන්න ඕනේ. රටක ආර්ථිකය මෙහෙයවීම කියන්නේ decision-making under uncertainty and incomplete information සඳහා තියෙන පාඨ ග්‍රන්ථ උදාහාරණයක්; text book example එකක්. (decision-making under uncertainty and incomplete information කියලා දෙයක් මේ ලෝකෙ තියෙනවයි කියලාවත් දන්නේ නැති අය තමයි අපිට ඉගැන්නුවේ රිලව් කීයක් ඉන්නවද කියලා දන්නේ නැතිව අපිට මුකුත් කරන්න බෑ - ඒ නිසා අපි අනිත් වැඩ නවත්තලා රිලව් ගනිමු කියලා. ඔය වැඩ බැරි PhD කාරයෝ හරි යන්නේ මාළිමාව ට ම තමා. චෙස් ක්‍රීඩා කරලා තියෙන කෙනෙක් මාළිමාවේ හිටියා නම්, රිලව් ගනිනවට විරුධ වෙනවා. චෙස් ක්‍රීඩා කරන්නේ ඔක්කොම movements වල outcome එක ගනන් බලලා නෙමෙයි.)

    හර්ෂ ද සිල්වා කියන්නේ මාළිමාවේ කයියන්ට ම හරියන තවත් කයියෙක්. කටින් වැඩ කෝටියයි. කටින් මිසක් කරලා පෙන්නපු දෙයක් නෑ. ඉන්දියාවෙන් දීපු සුවසැරිය එයා ගේ වැඩක් වගේ පෙන්න පෙන්න ලකුණු දා ගන්න බලන එක ඇරෙන්න. සුවසැරියක් කරන්න මොකද මෙයා දොස්තර කෙනෙක් ද? මෙයා ගේ විෂය ආර්ථික විද්‍යාව. ඒකේ මෙයා වැඩ්ඩෙක් ද? මොනවද මෙයා පෙන්නලා තියෙන වැඩ? යහපාලන කාලේ මේ ගොල්ලන්ට ඇමතිකම් තිබුනානේ. වැඩ්ඩෝ නම් වැඩ පෙන්නන්න අවස්ථාව තිබුනා. නමුත් පෙන්නපු වැඩක් නෑ. යහපාලන කාලේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය අඩු වුනා.

    ලංකාවේ Annual GDP growth rate (%) එක මම මෙතන දාන්නම් - කටින් වැඩ පෙන්නන මහත්තුරු ගැන දැන ගන්න

    2014 - 5%
    2015 - 5%
    2016 - 4.5%
    2017 - 3.6%
    2018 - 3.3%
    2019 - 2.3%

    පේනවා නේද යහපාලන ආණ්ඩුව කාලේ ලංකාවේ ආර්ථිකයේ වාර්ෂික වර්ධන වේගය ක්‍රමිකව අඩු වුනු හැටි.

    මේ කඩාවැටීම උඩට තමයි කෝවිඩ්-19 කඩා පාත් වුනේ. 2022 ආර්ථික අර්බුදයේ මුල තියෙන්නේ යහපාලන කාලේ. (ඕවා කව්රුවත් කතා කරන්නේ නෑ)

    හර්ෂ ද සිල්වා වගේ වැඩ බැරි දාස කෙනෙක් හරියන්නේ මාළිමාව ට ම තමයි

    ReplyDelete
  8. 28 – 8583කැබ් රථය, RMV ගයනි කෞශල්‍යා විජේසිංහ හිරේ යාම ගැන රටටම කී කතාව

    ඔබ 28 – 8583 දරන කැබ් රථය දන්නවාද? යම් දිනෙක ඔබ එය පාරේ දැක තිබෙනවාද? මෙය ලංකාවේ පාරවල්වල කිලෝමීටර් දසහස් ගණනක් ගමන් කර තිබෙනවා. දිනෙක මෙය ඔබත් දැකලා ඇති. ඒ වාහනය තමන්ගේ එන්ජිම හඩනංවමින් ඔබට යමක් කියන්න තැත් කරන්නට ඇති. එහෙත් ඔබට එය කිසිදා වැටහෙන්න නැතිව ඇති.

    අනෙක් අතට, රටේ මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයෙකු අත්අඩංගුවට පත් වන්නට මේ කැබ් රියේ අංක තහඩුව හේතු වනු ඇතැයි කිසිවෙක් නොසිතන්නට ඇති.

    28 – 8583

    මෙම කැබ් රථයේ කතාව ආරම්භ වන්නේ නීති විරෝධී ලෙස කොටස් එකලස් කිරීමකිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙම රථය සඳහා අවශ්‍ය කොටස් නීති විරෝධී ලෙස ගෙන්වා හෝ ලබාගෙන එකලස් කර තිබෙනවා. එහෙත් මෙලෙස එකලස් කළ වාහනයක් පාරට දැමීමට නම් ලියාපදිංචි අංකයක් අවශ්‍ය වෙනවා. අප නම්බර් ප්ලේට් එක කියන්නේ එයටයි.

    මෙසේ කිරිම සදහා රථයේ සැබෑ අනන්‍යතාවය සඟවා, එහි චැසි අංක වෙනස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කර තිබෙනවා. අනතුරුව එම ලේඛන ඉදිරිපත් කර, වාහනයේ කාර්මික තත්ත්වය තහවුරු කරන බර සහතික වංචනික ලෙස ලබාගෙන තිබෙනවා. චැසි අංක සංශෝධනය කිරීමේදී පවත්වාගෙන යා යුතු නිල ගොනුව නීති විරෝධී ලෙස සඟවා තබමින් විමර්ශන මගහැරීමට කටයුතු කර තිබෙනවා.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමස්ත පද්ධතිය ගැන විමර්ශනයක් සිදු කරමින් සිටිනවා. දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක වන ගයනි කෞෂල්‍යා විජේසිංහ මහත්මිය නීත්‍යානුකූල ලියාපදිංචියක් නොමැති වාහනවලට අංක තහඩු නිකුත් කිරීමේ චෝදනාව මත අප්‍රේල් 28 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවයි.

    වලංගු මූලික ලියාපදිංචියක් නොමැති බවට වාර්තා වන වාහනයකට අංක තහඩු නිකුත් කිරීම හා සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. ඇය දැනට බත්තරමුල්ලේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස සේවය කරන බව වාර්තා වෙනවා.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.

    ReplyDelete
Previous Post Next Post