සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු ආණ්ඩුව සමඟ එක්වීමේ සූදානමක් පවතින බවත්, ඒ සඳහා වන පෙරනිමිති මේ වන විටත් පළ වෙමින් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
පසුගිය දින කිහිපය පුරා පාර්ලිමේන්තු මුදල් කාරක සභාව තුළ සිදුවන සිදුවීම් සහ එහි ක්‍රියාකාරීත්වය දෙස බැලීමේදී, වෙනසක් සිදුවන බව පැහැදිලි වන බව කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
විවිධ ආකාරයෙන් මතු වෙමින් පවතින මෙම දේශපාලන පෙරනිමිති පිළිබඳව අවධානයෙන් පසුවන බවත්, ඉදිරියේදී එම දේශපාලන වෙනස සිදුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ලැජ්ජ නැති හර්ශ තමයි ඉතින්
ReplyDeleteහොඳ මිනිස්සුන්ට මඩ ගහන්න එපා.
DeleteHarsha kiyanne hoda minihek. Malimawata yana eka hodayi neda..
Deleteපුදුම වැඩේ කියන්නේ මෙච්චර කල් හොදයි කියපු කෙනා ආණ්ඩුවට ගිය ගමන් නරක් වෙන්නෙ කොහොමද.
ReplyDeleteආණ්ඩුව නරක නිසා!
Delete