ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් SJB ජ්‍යෙෂ්ඨයෙකුගේ නිවසට... ඇමතිකමට කැදවයි..


 ආණ්ඩුව මේ වන විට දැඩි දේශපාලන අර්බුදයකට සහ පසුබෑමකට ලක්ව ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.

මීට පෙර පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා හොරු සහ වල් පැල ලෙස හැඳින්වූ ආණ්ඩුවේ ප්‍රබලයින්, දැන් එම පිරිසටම ආණ්ඩුවට එකතු වන ලෙස බැගෑපත් වෙමින් සිටින බව ඔහු අවධාරණය කළේය.

පසුගිය දිනෙක ආණ්ඩුවේ ප්‍රබල ප්‍රධානියෙකු සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුගේ නිවසට ගොස් ඇමතිකම් ඇතුළු ඕනෑම වරප්‍රසාදයක් ලබා දීමට සූදානම් බව පවසා ඇති බව අත්තනායක මහතා හෙළි කළේය.

කෙසේ වෙතත්, අදාළ දේශපාලනඥයා පිළිතුරු දීමටත් ප්‍රථම ඔහුගේ පුත්‍රයා සහ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් එම ආරාධනය ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුවේ ප්‍රබලයාට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත.

තම පියා ඇතුළු පිරිස දූෂිත වල් පැල ලෙස හැඳින්වූ අයට සහය දීමට තම පියා නොපැමිණෙන බවත්, වහාම නිවසින් පිටව යන ලෙසත් දරුවන් එහිදී පවසා තිබේ.

වසන්ත සමරසිංහ, නලින්ද ජයතිස්ස සහ බිමල් රත්නායක වැනි ඇමතිවරුන් මීට පෙර ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ සිටින 225ම හොරු බවත්, ඔවුන් සියලු දෙනා වල් පැල බවත්ය. ඔවුන් තමන්ව හඳුන්වා ගත්තේ රට ගොඩනැගීමට පැමිණි මල් පැල ලෙස වුවද, දැන් ඔවුන්ට වැඩ කිරීමට නොහැකි බව වටහාගෙන විපක්ෂයේ සහය ඉල්ලමින් සිටින බව අත්තනායක මහතා පැවසීය.

159ක බහුතරයක් තිබියදීත් ආණ්ඩුව දැන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කකුල් දෙක ළඟ වැටී සහය ඉල්ලන මට්ටමට පත්ව ඇති බව ඔහු සඳහන් කළේය.

ආණ්ඩුවට තවමත් ජනතාවගේ සහය තිබේදැයි මැන බැලීමට නම් කළ යුත්තේ දැනට අක්‍රිය කර ඇති පළාත් සභා මැතිවරණය වහාම පවත්වා ජනමතය විමසීම බව අත්තනායක මහතා අභියෝග කළේය.

රෙදි ඇඳගෙන මෙලෙස විපක්ෂයට ආරාධනා නොකර, වැඩ කිරීමට නොහැකි නම් වහාම ධුරවලින් ඉල්ලා අස්වී ගෙදර යන ලෙස ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Previous Post Next Post