කොට්ටාව හයිලෙවල් පාරේ UDA අක්කරයක් ආයෝජකයෙකුට අවුරුදු 99කට බදු දෙයි..


 කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගර සභා සීමාවේ හයිලෙවල් ප්‍රධාන මාර්ගයට මුහුණ ලා කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි, ප්‍රමාණයෙන් අක්කර 01 රූඩ් 01 පර්වස් 19.40 යුක්ත ඉඩම් කොටස රජයේ ඉඩම් ආඥාපනතේ 6 (1) වගන්තිය යටතේ නිදහස් දීමනාවක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත. 

නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම් වඩාත් සුදුසු සංවර්ධන කටයුතු සඳහා නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති විශේෂ කමිටුව විසින් එකී ඉඩම් කොටස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීමට නිර්දේශ කරනු ලැබ තිබේ. 

ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වසර 99 ක කාල සීමාවකට දිගු කාලීන බදු පදනම මත එකී ඉඩම සුදුසු ආයෝජකයෙකු වෙත බැහැර කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2 Comments

  1. කොට්ටාව නගරය පාරවල් පළල් කිරීමේදී සියලුම ගස් කපා ඇති හෙයින් එය කොන්ක්‍රීට් සහ තාර කාන්තාරයක් වෙලා. දවල් කාලයේ මේ හරහා ඇවිදගෙන යන්නටවත් බෑ. විශේෂයෙන් වයස්ගත හෝ දුර්වල අයට වාහනයක් රැගෙන මිස යන්නට බෑ. කරුණාකර RDA හෝ UDA හෝ, දෙක එක්වී හෝ මග දෙපස සෙවණ ගස් වවන්නට වහාම කටයුතු කළ යුතුය. අනික පාර මැද ඇති roundabout එකත් එය අසල ඇති traffic island එකත් සම්පූර්ණයෙන් කොන්ක්‍රීට් දමා ඇත. මේ අක්කර බාගයක් පමණ ප්‍රදේශයේ කොන්ක්‍රීට් ඉවත් කර තණ බිමක් වවන්නේ නම් දැනට ඇති අපහසුව මඳ වශයෙන් හෝ අඩුවනු ඇත. මේ සඳහා පෞද්ගලික සමාගමක සහාය ලබාගත හැකි බව මගේ අදහසයි.

    ReplyDelete
Previous Post Next Post