ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විදේශීය ඩිජිටල් සේවා සහ අන්තර්ජාල වේදිකාවන් හරහා සපයන සේවාවන් සඳහා අලුතින්ම එකතු කළ අගය මත බදු (VAT) පැනවීමට රජය තීරණය කර ඇත.
2026 අප්‍රේල් මස 24 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මේ පිළිබඳ නීතිමය විධිවිධාන ප්‍රකාශයට පත් කර ඇති අතර, නව බදු සංශෝධන 2026 ජූලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
මේ දක්වා දේශීය මට්ටමින් සපයන ලද සේවා සඳහා පමණක් බලපැවැත්වුණු වැට් බද්ද, මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ පදිංචි නොවී විදේශයන්හි සිට මෙරට පාරිභෝගිකයන්ට සපයන ඩිජිටල් සේවා සඳහා ද අදාළ කර ගැනීමට රජය මෙලෙස පියවර ගෙන ඇත.
ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් හෝ ඩිජිටල් වේදිකා හරහා සැපයෙන පහත සේවාවන් සඳහා මෙම බද්ද බලපැවැත්වේ.
- වෙළඳාම සහ දැන්වීම්: ඩිජිටල් දැන්වීම් ප්‍රචාරණය සහ අලෙවිකරණ සේවා.
- විනෝදාස්වාදය: මාර්ගගත සිනමා පට , සංගීතය සහ වීඩියෝ Streaming සේවා.
- මෘදුකාංග සහ දත්ත: අන්තර්ජාලය හරහා බාගත හැකි මෘදුකාංග, ඇප් (Apps) සහ Cloud ආශ්රිත දත්ත ගබඩා කිරීමේ සේවා.
- සූදු සහ ක්‍රීඩා: මාර්ගගත සූදු (Online Gaming) සහ ඔට්ටු ඇල්ලීමේ සේවා.
- වෙනත් සේවා: ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සහ ඩිජිටල් තොරතුරු සැපයීමේ සේවාවන්.
ශ්‍රී ලංකාව තුළ වසරකට රුපියල් මිලියන 36කට වඩා ආදායම් ලබන හෝ ඕනෑම මාස තුනක කාලයකදී රුපියල් මිලියන 9ක ආදායමක් ලබන විදේශීය සේවා සපයන්නන් අනිවාර්යයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
අදාළ සේවා සපයන්නා ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටියද, සේවාව ලබාගන්නා පුද්ගලයා ශ්‍රී ලංකාවේ බැංකු කාඩ්පතක් භාවිත කරන්නේ නම් හෝ ශ්‍රී ලාංකේය අන්තර්ජාල ලිපිනයක් (IP address) භාවිත කරන්නේ නම්, එය ශ්‍රී ලංකාව තුළ සිදුකළ ගනුදෙනුවක් ලෙස සලකා මෙම බදු මුදල් අය කර ගැනීමට කටයුතු කරනු ඇත.

28 – 8583කැබ් රථය, RMV ගැන රටටම කී කතාව
ReplyDeleteඔබ 28 – 8583 දරන කැබ් රථය දන්නවාද? යම් දිනෙක ඔබ එය පාරේ දැක තිබෙනවාද? මෙය ලංකාවේ පාරවල්වල කිලෝමීටර් දසහස් ගණනක් ගමන් කර තිබෙනවා. දිනෙක මෙය ඔබත් දැකලා ඇති. ඒ වාහනය තමන්ගේ එන්ජිම හඩනංවමින් ඔබට යමක් කියන්න තැත් කරන්නට ඇති. එහෙත් ඔබට එය කිසිදා වැටහෙන්න නැතිව ඇති.
අනෙක් අතට, රටේ මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයෙකු අත්අඩංගුවට පත් වන්නට මේ කැබ් රියේ අංක තහඩුව හේතු වනු ඇතැයි කිසිවෙක් නොසිතන්නට ඇති.
28 – 8583
මෙම කැබ් රථයේ කතාව ආරම්භ වන්නේ නීති විරෝධී ලෙස කොටස් එකලස් කිරීමකිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙම රථය සඳහා අවශ්‍ය කොටස් නීති විරෝධී ලෙස ගෙන්වා හෝ ලබාගෙන එකලස් කර තිබෙනවා. එහෙත් මෙලෙස එකලස් කළ වාහනයක් පාරට දැමීමට නම් ලියාපදිංචි අංකයක් අවශ්‍ය වෙනවා. අප නම්බර් ප්ලේට් එක කියන්නේ එයටයි.
මෙසේ කිරිම සදහා රථයේ සැබෑ අනන්‍යතාවය සඟවා, එහි චැසි අංක වෙනස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කර තිබෙනවා. අනතුරුව එම ලේඛන ඉදිරිපත් කර, වාහනයේ කාර්මික තත්ත්වය තහවුරු කරන බර සහතික වංචනික ලෙස ලබාගෙන තිබෙනවා. චැසි අංක සංශෝධනය කිරීමේදී පවත්වාගෙන යා යුතු නිල ගොනුව නීති විරෝධී ලෙස සඟවා තබමින් විමර්ශන මගහැරීමට කටයුතු කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමස්ත පද්ධතිය ගැන විමර්ශනයක් සිදු කරමින් සිටිනවා. දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක වන ගයනි කෞෂල්‍යා විජේසිංහ මහත්මිය නීත්‍යානුකූල ලියාපදිංචියක් නොමැති වාහනවලට අංක තහඩු නිකුත් කිරීමේ චෝදනාව මත අප්‍රේල් 28 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවයි.
වලංගු මූලික ලියාපදිංචියක් නොමැති බවට වාර්තා වන වාහනයකට අංක තහඩු නිකුත් කිරීම හා සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. ඇය දැනට බත්තරමුල්ලේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස සේවය කරන බව වාර්තා වෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.
කොහෙද යන්නෙ මල්ලෙ පොල් නෙ බං උඹ
Deleteමාලිමාවෙ එකෙක්ද?
පුනරුදේ........පුනරුදේ.....රෙන්නත් බද්දක් ගෙවන්න වෙයි ලගදිම....
ReplyDeleteමට තනිකර ජෙප්පෝ පෙන්න බැහැ. ඒත් මේ තීරණය නම වඩා හොඳයි. ලෝකෙම කතා වෙන ප්‍රශ්නයක් තමයි මේ ඩිජිටල් වේදිකා සාමාන්‍ය පරිශීලකයන් සුරා කෑම. අත්තිනොමතික විධිහට. Big tech billionaire bros consumer rights violation විදිහට ඉන්ටර්නෙට් එකේ බැලුවොත් ලෝකෙම මිනිස්සු නගන චෝදනා බලාගන්න පුළුවන්.
ReplyDeleteNetflix, Amazon prime, Disney plus, HBO Max, Hulu, Microsoft Windows and office, spotify, Apple music, meta platform, YouTube, games වාගේ කිසිම තේරුමක් නැති දේවල්වලට මුදල් වියදම් කිරීම කිසිම පලක් නැත. ලංකාවගේ රටකට හරියන්නේ මේ සර්විසස් pirate කිරීමය.
කෙසේ වුවත් මෙම බදු පනවද්දි ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය ගැනත් සලකා බලා බදුපැනුවත් හොඳයි. මොකද සමහර සර්විස් මිලදීගන්න වෙනවා පිටරට client lage අවශ්‍යතාවය අනුව, ඒ අයගෙන් තමයි ඩොලර් ලැබෙන්නේ රටට. Hosting services වගේ ඒවා.