කලින් ලාභ දැන් අලාභ සීනි කතාව චතුරංග හතරැස් කරයි.. ‘සීනි කඩේ ආර්ථික දායකත්වය රු බිලියන 11ක්..’


 2023 හා 2024 වසර වල ලාභ ලබන ලද සීමා සහිත ලංකා සීනි සමාගම 2025 වසරේ රුපියල් බිලියන තුන ඉක්මවූ අලාභයක් ලබා ඇති බව මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාව මගින් හෙළිදරව් කර ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අභ්‍යසිංහ මහතා අදහස් පල කර තිබේ.

ඔහු මේ පිළිබඳව සටහන් කරමින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

සීනි කඩේ ආර්ථික දායකත්වය රු බිලියන 11ක් 

මේ දවස්වල ලංකාවේ සීනි කර්මාන්තය ගැන ගොඩක් කතා වෙනවා. සමහරු 2024 සහ 2025 වාර්තා අරගෙන "කලින් ලාභයි, දැන් අලාභයි" කියලා ලේසියෙන් නිගමන වලට එනවා. හැබැයි සංඛ්‍යා ලේඛන පිටිපස්සේ තියෙන ඇත්ත කතාව ටිකක් වෙනස්.

මුලින්ම එක දෙයක් තේරුම් ගන්න ඕනේ.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන දුඹුරු සීනි, රටේ සමස්ත සීනි අවශ්‍යතාවෙන් සපුරන්නේ 12%ක් පමණ, ඒ වගේම අපි තරඟ කරන්නේ බ්‍රසීලයෙන් සහ වෙනත් රටවලින් එන මහා පරිමාණයේ සුදු සීනි නිෂ්පාදකයත්එක්ක. 

ආනයනික සීනි වලට රජය විශේෂ පාරිභෝගික බද්දක් (SCL) රුපියල් 50ක් පනවලා තිබුණත්, පාරිභෝගිකයාට සීනි කිලෝවක් රුපියල් 240කට වගේ මිලකට ලබා ගන්න පුළුවන්. එහෙම තත්ත්වයකදී, දේශීය දුඹුරු සීනි ඊට අඩු මිලකට විකුණලා පිරිවැය තරඟය දිනන එක ප්‍රායෝගිකව කොහොමත් අසීරුයි.

ඒ නිසාම සීනි සමාගමේ ලබදායිත්වයේ ශක්තියේ ප්‍රධාන කොටසක් තිබුණේ එතනෝල් ව්‍යාපාරය මතයි. ඒ වගේම ආර්ථික අර්බුදය කාලේ ලංකාවට සීනි ගේන එක අඩුවුනා සීනි මිල වැඩි වුනා. 2022,23,24 සීනි විකිනෙන්නෙ රු 242,304,270 වැනි ගනං වලට. 2025 සාමාන්‍ය Factory Out මිල 205ක්. 

නමුත් 2022න් පස්සේ එතනෝල් වෙළෙඳපොළත් අභියෝගවලට මුහුණ දුන්නා. මත්පැන් නිෂ්පාදනයේ අඩුවීම, වෙළෙඳපොළ ඉල්ලුමේ වෙනස්කම් සහ ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු නිසා එම ආදායම් මාර්ගයත් පීඩනයට ලක්වුණා. පහුගිය ආණ්ඩුව බඩ ඉරිඟු වලින් එතනෝල් හදන්න අවසර දීල ඒ නිසා එතනෝල් ඉල්ලුම 25% කින් විතර අඩු වෙලා. 

එතනෝල් 2022 විකුනන්නෙ රු 832ට 2023 දී රු 890ට දැන් රු635යි

ඒ අතරේ 2024 සිට තවත් විශාල වෙනසක් ආවා. ඒ තමයි VAT 

කලින් නොගෙවූ VAT බද්ද 2024 සහ 2025 වසරවලදී නීතියට අනුව ගෙවන්න සිදු වුණා. නීතිය නම් නීතිය. අපි එය ගෙව්වා. හැබැයි ගැටලුව තිබුණේ ඒ බදු බර පාරිභෝගිකයාට පවරන්න බැරි වීමයි. සීනි මිලත්, එතනෝල් මිලත් VAT ප්‍රමාණයයෙන් වැඩි කලානම් කිසිම Bulk හෝ Retailer කෙනෙක් ගන්නෙ නෑ. සීනි සමාගමේම Distribution එකක් ගැන සාකච්ඡාව එන්නෙ මේ වෙළෙඳපොළ ඒකාධිකාරය කුඩා විසදුමක් ලෙසයි. 

2025 VAT එක රු බිලියන 1ක් ඒක ආයතනයේ පිරිවැයක් වෙලා

2024 සහ 2025 කියන්නේ මෙහෙයුම් අතින් දුර්වල වසරවල් නෙමේ 

ඒ කාලයේදී,

✅ විකුණුම් අඩුවෙලා තියෙන්නෙ මිල නිසා හා ආනයන තරඟකාරීත්වය නිසා නමුත් අමාරුවෙන් සීනි MT 30,887 2025 විකුණලා ඒක 2024 දී 25,852යි

✅ ගොවීන්ට ගෙවිය යුතු හිඟ මුදල් ගෙවා අවසන් කළා. ගොවීන්ගෙන් උක් MT 578,071 ක් මිලදී ගෙන තියෙනවා ඒ රු 10,336කට 

✅ ගුණාත්මකභාවය සම්බන්ධ බොහෝ ගැටලු නිරාකරණය කළා.

මේ ප්‍රශ්නය ගැන අමාත්‍යාංශය ලෙස මුදල් අමාත්‍යාංශය සමඟ වාර ගණනාවක් සාකච්ඡා කළා. නමුත් අවසාන ආර්ථික තීරණය වුණේ VAT ඉවත් කළ නොහැකි බවයි.

එතකොට ප්‍රශ්නය මෙහෙමයි.

රුපියල් 240කට සීනිත් දෙන්න, VATත් ගෙවන්න, ගොවියාත් ආරක්ෂා කරන්න, සේවකයාත් රැකගන්න, ඒක කරන්න තියෙන උපක්‍රමය මොකක්ද?

ඒකට පිළිතුරක් දෙනවා වෙනුවට, "ලාභද? අලාභද?" කියලා පේළි දෙකක විශ්ලේෂණයක් කිරීම ලේසියි.

හැබැයි සමහර රාජ්‍ය ව්‍යාපාරවල වටිනාකම මනින්නේ ලාභ අලාභ පත්‍රයෙන් විතරක් නොවේ කියන එකනම් මතක් කරන්න ඕනේ

මොනරාගල ප්‍රදේශයේ පවුල් 250,000ක ගණනක ජීවිත, ගොවීන්ගේ ආදායම්, ප්‍රාදේශීය වෙළෙඳපොළ, ප්‍රවාහන ජාල, සැපයුම් දාම සහ කුඩා ව්‍යාපාර සියල්ල මේ කර්මාන්තය වටා ගොඩනැගිලා තියෙනවා. සේවකයන් 5,028ක් casual 727යි අනෙක් සියල්ලම Permanent හෝ Contact. මේ රජයනම් අනවශ්‍ය

ලෙස අලුතෙන් රස්සා දීල නෑ ඒක ඇත්ත.. 

සමාගම හරහා වාර්ෂිකව රු බිලියන 6.3ක් ගොවියාටත් රු බිලියන 4.3ක් සේවකයන්ටත් ආදායමක් ග්‍රාමීය ආර්ථිකයට ගලා යනවා. ඒ වගේම

මොනරාගල පන්සල්, පාසල්, පොදු ස්ථාන වගේම අලි වැටත් ආරක්ෂා කරල දෙන්නෙ සීනී කර්මාන්යම තමයි

සරක ආර්ථික අගය එකතුකිරීම. උක් මිලදී ගැනීමට රු බි 6.3ක් සේවකයන්ට රු බි 4.3ක් හා රජයට බදු ලෙස රු බි 1.1ක් අවම 

එතනෝල් දේශීයව නිෂ්පාදනය නොකර සියල්ල ආනයනය කළා නම්, ඩොලර් මිලියන ගණනක් රටින් පිටට යනවා. 

ඒ වගේම රජයට වක්‍ර බදු, ආදායම් බදු සහ සමස්ත බෙදාහැරීමේ ජාලය හරහා විශාල ආර්ථික බලපෑමක් නිර්මාණය වෙනවා.

ඒ අතරම ජනතාවට ගුණාත්මක දේශීය දුඹුරු සීනිත් ලැබෙනවා.

තවත් වැදගත් දෙයක්.

මේ ආයතනයට අපේ හිතවත්කම් මත පත්වීම් දාලා නැහැ. පසුගිය කාලවල එවැනි දේවල් සිදුවෙලා ඇති. නමුත් අපිට ලැබුණේ වැඩ නොකරන SAP පද්ධතියක් සඳහා වියදම් කරපු මිලියන ගණනක්, අතිරික්ත සේවක පිරිසක් සහ වසර ගණනාවක් එකතු වූ ව්‍යුහාත්මක ගැටලු එක්ක තිබූ ආයතනයක්.  

ඒ සියල්ලත් එක්ක අපි උත්සාහ කරන්නේ දේශීය නිෂ්පාදනය, ගොවියාගේ ආදායම සහ ජනතාවගේ අවශ්‍යතාව අතර සමතුලිතතාවයක් රැකගන්න. ආණ්ඩුවෙ Mandate එක ඒක. 

ඒ නිසා "සීනි කඩේ ලාභද අලාභද?" කියන ප්‍රශ්නයට කලින් අහන්න ඕනේ ප්‍රශ්නය මෙච්චරයි.

"මේ කර්මාන්තය වෙනුවට මොනරාගලට පවුල් දහස් ගණනකට, ගොවීන්ට, සේවකයන්ට විකල්ප ආර්ථික විභවයක් අපි නිර්මාණය කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක්" අපි අමාත්‍යාංශය ලෙස කරන්නෙ පවතින ආයතනය කාර්‍ය්ක්ෂමව කළමනාකරණය 

සැබෑ ආර්ථික විශ්ලේෂණය ආරම්භ වෙන්නේ එතැනින්

Nugegoda සිනී කඩේ ගැන වචනයක් නොලිව්වොත් අඩුවක් වෙයි. අපේ සීනි මිලට ගන්නෙ තොග වෙළෙන්දන් ඒ අය ගන්නෙ රු 205ට එක Packet කරල 270-320 වෙනකම් ඔබේ අතට එනව. අපි සීනි කඩේ තමයි කොළඹ Hub එක එක හරහා Retail Business එක ආරම්භ කරන්නයි උත්සහය. ඉදිරියට සමපෝශ,Milco,NLDB, Outlet වලත් නුගේගොඩින් බෙදාහරින සීනි ලබාගන්න පුලුවන් වෙවි. ඒව වගේම Online platform වල Pickup Point එක වෙන්නෙත් මේ සීනි කඩේම තමයි.

චතුරංග අබේසිංහ 

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

15 Comments

  1. පොල් සම්බල් කඩයක් දාමුද සෑර්?

    ReplyDelete
    Replies
    1. හා හා විහිලු කරන්න එපා. ඕකා අඬයි.

      Delete
    2. හාපෝ, සීනි කඩයක් දාගෙන කරපු හරිය මදෑ. ඕනෙ නං බුලත් විට කඩයක් වගේ එකක් නම් මුන්ගේ මොලේ තරමට හරියයි.

      Delete
  2. දැන් ඉතින් ආන්ඩුව දුවන්නේ පාස්කු ප්‍රහාරයෙන් තනිකරම. නැත්තන් මුන් පාරෙ යන යන තැන් වල ගුටි කනවා. හැබැයි මුන් සලේට කරන අපරාදෙයි, ඉස්ලාම් අන්තවාදය වහලා වෙන එවුන් අල්ලන්න යන එකයි මිනිස්සුන්ට හරියටම තේරෙන්න ගත්තම ගුටි නෙමේ මැරුම් කන්නයි වෙන්නේ.

    ReplyDelete
  3. උක් ගොවියට කෙලවපු කෙලවිල්ලේ හැටියට මෙහෙමවත් ඕක ඉතුරු වෙලා තියෙන එකත් මදෑ. උඹට පුලුවන්ද ඇමතිතුමා ගිහින් පොඩ්ඩක් ගොවීන් ටික හම්බෙලා ඔය කතාව කියන්න. උන් උඹට උක් කවයි.

    ReplyDelete
  4. අඩෝ, තෙල් මිල අඩු කරපන් පරයො. අන්න බොට තෙල් බැරල් එක ඩොලර් 73ට බැහැලා. උඹලා තාම තියාගෙන ඉන්නේ ඩොලර් 120ට යද්දි තිබුන තෙල් මිල නේ. අනුරයගේ මිල සූත්‍රයට අනුව හරිනම් රුපියල් 100කින් වත් තෙල් මිල අඩු වෙන්න ඕන.

    ReplyDelete
  5. ඵළුවගේ බෙල්ලයි මුට්ටියයි ,.June 19, 2026 at 3:36 PM


    රැවුල බේරගෙන කැඳබීමේ කලාවෙන් සියලු අරමුණු ඉටුවීඇති බැවින් උත්සාහයන් සාර්ථකයි,.!

    ReplyDelete
  6. මේ යකා තුන් වේලටම කන්නෙ ගූද අම්මපා?

    ReplyDelete
  7. හරි හරි උඹේ බයිලා ඔක්කොම පැත්තකින් තියමුකෝ දැන් ඔය පාඩුව ගෙවන්නෙ කවුද?.උඹ නම් කොහොමත් ගෙවන්නේ නෑනේ.මොකද දිට්ව ආපු වෙලාවෙපාට පැන්සල් චිත්‍ර පොත් හිඟා කාපු එකා කොහොමත් ගෙවන්නේ නෑනේ.ගෙවන්න වෙන්නේ මහා භාණ්ඩාගාරයෙන් ඒකෙ තියෙන්නෙ අපේ බෙල්ල මිරිකල ගත්ත බදු සල්ලි.අනික උබලා සීනි කර්මාන්තයෙන් රටේ ණයත් ගෙවලා රටත් ගොඩදානවා කිව්වනේ.දැන් මොකද මෙතන ඉලක්කම් හරඹ කර කර බයිලා කියවන්නේ.

    ReplyDelete
  8. ලාබනන් ලාබයි පාඩුනන් පාඩුයි.

    තව මොන ලබ්බක්ද තෝ මේ කියන්නෙ. ගිහින් අඩපන් හොටු අබය.

    ReplyDelete
  9. ඕනෑම රවුම් දෙයක් හත රැස් කරන්න උපන් hapannu.

    ReplyDelete
  10. ඒ පාඩුව ජනතාව පිට පැටෙව්වේ නැතිලු. මේ මෝඩයට තේරෙන්නේ නැහැ ඕවා අන්තිමට කැරකිලා ගෙවන්නේ ජනතාවගේ බදු මුදලින් බව.

    ReplyDelete
  11. මේකාගෙ ඇට දෙකෙන් එල්ලලා දවසක් විතර තිබ්බොත් ඇත්ත කියයි. නැත්නම් බොරුවයි වංචාවයි ඇර වෙන මුකුත්ම නෑ.

    ReplyDelete
  12. Kiri hodi saha sambola kana nisa pol hinga wenawa. Ballanta pusanta bath dena nisa hal hingaya athi wenawa. Adu milata gath thel sanchitha thibunath loka welandapole thel ganan wadiunana gaman thel mila viduli bila wadi karanawa. Eheth loka welandapole thel mila adu unath mehe thel mila adu wenne natha. Me NPP arhtika vijjawa.

    ReplyDelete
  13. පතිරන මහත්තයෝ ඔබ කොහිද😂😂😂 අර වල් පැල අට පාස් චාමර ලාබ ලබපු සීනි එක දැන් පාඩුයිලු😂😂 ඒ අස්සෙ මෙන්න මූ අඩනව…. දැන් චූ දාද්දි පෙන යනවලු😂😂😂😂

    ReplyDelete
Previous Post Next Post