2026 වර්ෂය සඳහා වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය මේ මස 30 වනදායින් (ජුනි 30) අවසන් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට 2026 ජුනි 15 වනදා සිට ඉතිරිව ඇත්තේ තවත් දින 15 ක කෙටි කාලසීමාවක් පමණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්.ඒ. දිසානායක මහතා විසින් නිකුත් කරන ලද විශේෂ ප්‍රකාශයකට අනුව, මෙවර වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී විශේෂ කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 80(1) වගන්තිය ප්‍රකාරව, ඊට අදාළ සියලුම නිලධාරීන් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුත්තේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (Centralized Electronic System) හරහා පමණි.
මීට පෙර 1975 අංක 1 දරන වත්කම් සහ බැරකම් නීතිය යටතේ ප්‍රකාශ ඉදිරිපත් කළ නිලධාරීන් මෙන්ම, නව දූෂණ විරෝධී පනත මඟින් ඇතුළත් කර ඇති නව නිලධාරී කාණ්ඩ ද මෙතැන් සිට මෙම ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු වේ.
නව පනත යටතේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම අනිවාර්ය කර ඇති නව පාර්ශවයන් කිහිපයක් ද හඳුන්වා දී ඇත.
ඒ අතරට පහත සඳහන් ක්ෂේත්‍රයන් අයත් වේ:
- වෘත්තීය සමිති: වෘත්තීය සමිති ආඥා පනත යටතේ ලියාපදිංචි වී ඇති වෘත්තීය සමිතිවල සියලුම විධායක නිලධරයන්.
- පුවත්පත් ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කරන පුවත්පත්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩල සාමාජිකයන්.
- විද්‍යුත් හා විදුලි සංදේශ මාධ්‍ය: ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩල සාමාජිකයන්.
- 1973 අංක 25 දරන ක්‍රීඩා පනත ප්‍රකාරව පිහිටුවා ඇති ජාතික ක්‍රීඩා සංගම්වල ධූර දරන නිලධරයන්.
- රේගු ආඥාපනත යටතේ බලපත්‍රලාභී රේගු අනුයෝජිතයන් (Customs House Agents) සහ වාප්පු නිලධාරීන් (Wharf Clerks) ඇතුළු, වගකීම්වල ස්වභාවය අනුව අල්ලස් හෝ දූෂණයට පෙළඹීමට ඉඩකඩ ඇති බවට නියෝග මඟින් නියම කරනු ලබන වෙනත් අධි අවදානම් නිලධාරී කාණ්ඩ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවධාරණය කරන්නේ, වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම අදාළ සියලුම නිලධාරීන්ගේ සෘජු වගකීමක් සහ කාර්යභාරයක් වන අතර , කොමිෂන් සභාව මඟින් සිදු කරන්නේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පමණක් බවයි.
ඒ අනුව, වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ මෙන්ම පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු නිලධාරීන්, 2026.03.31 දිනට තමන් සතු වත්කම් සහ බැරකම්, 2026.06.30 දිනට පෙර අදාළ ඉලෙක්ට්‍රොනික පද්ධතියට ඇතුළත් කළ යුතුය.
මෙම වත්කම් සහ බැරකම් ප්‍රකාශ https://ald.ciaboc.gov.lk/ යන නිල වෙබ් අඩවිය ඔස්සේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට ඇතුළත් කළ හැකිය.
මේ සම්බන්ධයෙන් පවතින ගැටලු හෝ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ "වත්කම් සහ බැරකම් ප්‍රකාශ අංශය" පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ කර ගත හැක.

Malta Punchi Ammas Account = US$2.5 Million
ReplyDeleteIrland Mansion = GBP38.7 million
Chelsea Clause, London UK Mansion bought for Lokka's son GBP $12.1 Million