මාලිමා අපේක්‍ෂක 18 වසරක් තිස්සේ මණ්ඩලයෙන් ජලය හොරෙන් අරන් අහුවෙයි...


 දිගු කලක් තිස්සේ නීතිවිරෝධී ලෙස පානීය ජලය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සේවකයෙකුට රුපියල් 51,434 ක දඩ මුදලක් ගෙවීමට සිදුව ඇත.

මෙලෙස දඩ නියම වී ඇත්තේ එම ප්‍රාදේශීය සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු මෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරඟ වැදුණු අපේක්ෂකයෙකුටය. 

ලද ඔත්තුවකට අනුව ක්‍රියාත්මක වූ ජලසම්පාදන මණ්ඩලයේ නිලධාරීන් කණ්ඩායමක්, අදාළ පුද්ගලයාගේ නිවස පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී ජල මීටරයට බාහිරින් වෙනත් නලයක් සවි කර, මීටරයේ සටහන් නොවන අයුරින් වංචනික ලෙස ජලය ලබාගන්නා බව අනාවරණය වී ඇත. ඒ අනුව නිලධාරීන් එම ස්ථානයට සැපයූ ජල සේවාව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. 

හම්බන්තොට ජලසම්පාදන මණ්ඩල දිස්ත්‍රික් කාර්යාලයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, මෙම නිවසට ජල සබඳතාව ලබා දී තිබුණේ 2008 අප්‍රේල් මස 01 වැනිදා බවයි. එතැන් පටන් 2026 මැයි මස 03 වැනිදා වැටලීම සිදු කරන තෙක්ම, එනම් වසර 18 කට ආසන්න කාලයක් මෙම ජල වංචාව සූක්ෂ්ම ලෙස සිදුව ඇත. 

මෙම නීතිවිරෝධී ක්‍රියාව වෙනුවෙන් රුපියල් 24,900 ක දඩයක් සහ මෙතෙක් නොගෙවා පැවති රුපියල් 26,843 ක හිඟ මුදලක් සමඟ සම්පූර්ණ මුදල පියවන ලෙස සැකකරුට දැනුම් දී තිබේ.

මේ වන විට අදාළ වැඩ පරීක්ෂකවරයා තමන්ට නියම වූ සම්පූර්ණ දඩ මුදල ජලසම්පාදන මණ්ඩලය වෙත ගෙවා දමා, සිය නිවසේ ජල සබඳතාව යළි ලබා ගැනීමට කටයුතු කර ඇති බව තිස්සමහාරාම ප්‍රාදේශීය සභා ආරංචි මාර්ග සනාථ කරයි

8 Comments

  1. ගානට වැඩටික යටින් යනවා🤌🤌😹😹😹🤮🤮🤮

    ReplyDelete
    Replies
    1. Ha hodai...Api eka balagannam...Uba gihin chu karala nida ganin

      Delete
  2. ජාතික ජන බලවේගය නියෝජනය කරමින්


    best Qualifikation to be a thief

    ReplyDelete
  3. metarayata pitin aragenanam pavichchi kala wathura pramanaya meeta wada wadi athine

    ReplyDelete
  4. ඊයා.... ලැජ්ජයි. පහුගිය අවුරුදු 18ක් තිස්සේ...ඊයා....

    ReplyDelete
  5. රටට parakase, ගෙදරට maragathe
    මුන් ඔක්කොම කම්බ හොරු.

    ReplyDelete
  6. අඩෝ ලපයා තෝයි තොගෙ ගොන් බානයි ඔක්කෝම කම්බා හොරු,

    ReplyDelete
  7. පුනරුදය හදන්න නියම සුදුස්සා!

    ReplyDelete
Previous Post Next Post