2024 වසරේ දී රුපියල් බිලියන 141 කට අධික ඉතිහාසගත ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම), 2025 වර්ෂය අවසන් වන විට නැවතත් මූල්‍ය කඩාවැටීමකට ලක්ව රුපියල් බිලියන 38.7 ක බරපතළ ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව රජයේ නිල වාර්තා පෙන්වා දෙයි.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද "2025 අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ" ඇමුණුම 8.1 (ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායයන් 52 හි ලාභදායීත්වය) හි ඇතුළත් නිල දත්තවලට අනුව මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය මෙසේය:
වාර්තාවේ බදු පෙර ලාභ/අලාභ සටහන්වලට අනුව 2023 වර්ෂය රුපියල් මිලියන 57,633 ක (රු. බිලියන 57.6) ශුද්ධ ලාභයක් ලබා ඇති අතර 2024 වර්ෂය රුපියල් මිලියන 141,605 ක ඉහළ ශුද්ධ ලාභයක් ලබා ඇත. 2025 වර්ෂය රුපියල් මිලියන 38,740 ක (රු. බිලියන 38.7) ශුද්ධ අලාභයක් ලබා තිබේ.
2024 වර්ෂයේ ලැබූ රුපියල් බිලියන 141.6 ක ලාභයට සාපේක්ෂව, 2025 වර්ෂයේ දී සිදු වූ මෙම මූල්‍ය පරිහීනතාවය රුපියල් බිලියන 180.3 ක දැවැන්ත අගයකි.
වාර්තාවට අනුව, ලංකා විදුලිබල මණ්ඩලය හැර රජය සතු අනෙකුත් ප්‍රධාන ව්‍යවසායයන් 50, පෙර වසරේ ලැබූ රුපියල් බිලියන 397.5 ක ලාභයට සාපේක්ෂව 2025 වසරේ දී රුපියල් බිලියන 483.2 ක ඉහළ ලාභයක් අත්කර ගැනීමට සමත්ව තිබේ. කෙසේ නමුත්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්තා කරන ලද මෙම රුපියල් බිලියන 38.7 ක ශුද්ධ අලාභය හේතුවෙන්, රජය සතු සමස්ත ව්‍යවසායයන් 51 හි සමස්ත ලාභය සියයට 17.6 කින් (රුපියල් බිලියන 444.4 දක්වා) පහළ වැටී ඇති බව ද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
2025 වර්ෂය තුළ බලශක්ති මිල ගණන් වෙනස් වීම් සහ ක්ෂේත්‍රයේ ඇති වූ අර්ධ මූල්‍ය පාඩු මණ්ඩලයේ මෙම පසුබෑමට ප්‍රධාන වශයෙන් බලපා ඇති අතර, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කිරීමට රජය බලාපොරොත්තු වන බව ද වාර්තාවේ සඳහන් වේ.


♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
ReplyDelete2024 ලාබෙ 141 බිලියන
ReplyDelete2025 අලාබෙ 38.7 බිලියන
2026 අලාබෙ 88.7 බිලියන
2027 අලාබෙ 138.7 බිලියන
2029 අලාබෙ 238.7 බිලියන
2029 ඒත් ඩෝබි අපේ අනුර තමා ජනාදිපති. 😜 AKD 🤮
මීට මොලේ මැරුනු කාලකන්නි ජෙප්පා
ඒත් ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
Delete