තේ ෆැක්ටරි 250ක් වැහිලා...


 ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක දැවැන්ත ආදායමක් ගෙන එන තේ කර්මාන්තය නිසි කළමනාකාරීත්වයකින් යුතුව පවත්වාගෙන යන්නේ නම්, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙරට පවතින සමස්ත විදේශ ණය බර ගෙවා දැමීමට හැකියාව පවතින බව ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සමන් ගීගනගේ මහතා පවසයි.

කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම සමස්ත කර්මාන්තයම අතළොස්සක් වූ ධනවතුන් පිරිසකගේ ග්‍රහණයට නතු වී ඇති බවත්, ඔවුන් මෙම ක්ෂේත්‍රය භාවිත කරන්නේ හුදෙක් තමන්ගේ පෞද්ගලික ධනය වර්ධනය කර ගැනීමට පමණක් බවත් ඒ මහතා චෝදනා කළේය.

මෙරට සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට 70ක දායකත්වයක් ලබා දෙන්නේ ලක්ෂ පහකට අධික කුඩා තේ ගොවීන් පිරිසකි. එහෙත් පවතින අහිතකර තත්ත්වයන් හමුවේ පසුගිය වසර පහ තුළ පමණක් කුඩා හා මධ්‍යම පරිමාණයේ තේ කර්මාන්තශාලා 250ක් පමණ වැසී ගොස් ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි. දිනකට තේ දළු කිලෝ 30,000ක් පමණ සැකසූ ප්‍රබල කර්මාන්තශාලා පවා මේ අතර වන බව වාර්තා වේ.

සමස්තයක් ලෙස ලක්ෂ 10කට අධික පිරිසකගේ ජීවිකාව රැඳී පවතින, මසකට ඩොලර් මිලියන 110-120ත් අතර ප්‍රමාණයක විදේශ විනිමයක් රටට ගෙන එන මෙම කර්මාන්තය අද වන විට දැඩි අවදානමකට ලක්ව ඇත.

කුඩා තේ ගොවියා සිය වගාව නඩත්තු කරගත නොහැකිව අසරණ වී සිටියදී, වගකිවයුතු බලධාරීන් ඒ පිළිබඳව අවධානය යොමු නොකර "සීතල කාමරවලට වී නිහඬව සිටින" බවට සමන් ගීගනගේ මහතා දැඩිව විවේචනය කළේය.

4 Comments

  1. දාර වැඩිඩෙක් වැවිලි කර්මාන්ත ඇමති වෙලා ඉන්න වෙලාවක මෙහෙම වුණා කියන එක විශ්වාස කරන්න අමාරුයි. මේක අනිවාර්යයෙන්ම රාජපක්ෂ, රනිල්, සජිත් ඇතුළු කඩාකප්පල්කාරීන්ගෙ වැඩක් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ කෙහෙල් පට්ටෙන් ඇඳුම් මහනවනේ ඒ ඇති. ඊට පස්සේ කොළ අතුවලින් ඇඳුම් හදලා පොරෝ කෙටියත් අරන් වැදි යුගයට යමු ආයෙත්. ජෙපි වහල්ලු කැමති ඒ වගේ වෙන්න කොහොමත්.

      Delete
  2. දාර වැඩ්ඩා = බදුලු හිලා

    ReplyDelete
  3. කොහොමත් තේ කර්මාන්තය ඉස්සරහට කරගෙන යන්න අමාරුයි. තේ දලු කඩන මිනිස්සුන්ට දවසට ලැබෙන්නේ රුපියල් 800-1200 අතර වැ‍ටුපක්. හාල් ටිකයි එලවලු ටිකයි ගත්තම ඒ ගාන ඉවරයි. ඉතින් ඒවට අලුත් පරම්පරාවේ මිනිස්සු එන්නෙ නැහැ. මේ ගොන් ආන්ඩුවේ මෝඩ හැත්තට තියෙන්නේ හොරකම් කරන්නයි, බොරු කියන්නයි විපක්ශෙන් පලිගන්නයි සැලසුම් විතරයි. මේ අවුරුදු 2ට කරපු කිසිම ලබ්බක් නැහැ එකම දෙයයි කරේ කො‍ටුව ස්ටේශන් එකේ තීන්ත ගාපු එක විතරයි.

    ReplyDelete
Previous Post Next Post