හදුන්නෙත්තිගෙ සීනි බිලියන පහක් පාඩුයි.. චාමර සම්පත් කාලෙ බිලියන 2.8ක් ලාබයි..


 රජය සතු ප්‍රධාන ව්‍යවසායයක් වන සීමා සහිත ලංකා සීනි සමාගම 2025 වර්ෂය තුළ දැවැන්ත මූල්‍ය කඩාවැටීමකට ලක්ව ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2025 වාර්ෂික වාර්තාව මඟින් හෙළි වේ.

එම වාර්තාවට අනුව, ලංකා සීනි සමාගම පෙර වසරවල ලැබූ ලාභදායී තත්ත්වයෙන් මිදී, දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇත. 

වාර්තාවේ ඇමුණුම 8.1 (ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායයන් 52 හි ලාභදායීත්වය) හි 50 වන ව්‍යවසාය ලෙස දක්වා ඇති දත්ත වලට අනුව, ලංකා සීනි සමාගමේ මූල්‍ය තත්ත්වය වසරින් වසර පිරිහී ඇත.

2023 වර්ෂය රුපියල් මිලියන 2,835 ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබුණි. 2024 වර්ෂය රුපියල් මිලියන 1,944 ක ශුද්ධ අලාභයක් (පාඩුවක්) වාර්තා කරමින් මූල්‍ය පිරිහීම ආරම්භ විය.2025 වර්ෂය එම අලාභය තවදුරටත් 64% කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ යමින් රුපියල් මිලියන 3,193 ක (රු. බිලියන 3.19 ක) දැවැන්ත ශුද්ධ අලාභයක් දක්වා වර්ධනය වී තිබේ.

මූල්‍ය අලාභයට සමගාමීව සමාගමේ සීනි නිෂ්පාදන ධාරිතාවය ද පෙර වසරවලට වඩා සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව වාර්තාවේ මෙහෙයුම් දත්ත මඟින් පෙන්වා දෙයි.

2023 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 41,863 ක් සහ 2024 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 39,719 ක් වූ සීනි නිෂ්පාදනය, 2025 වර්ෂය වන විට මෙට්‍රික් ටොන් 35,452 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

සමාගම මුහුණ දී ඇති මෙම සීමාකාරී මූල්‍ය තත්ත්වයන් අවම කර ගැනීම සඳහා සහ පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්තශාලාවල පවතින වගකීම් සහ ව්‍යවස්ථාපිත හිඟ මුදල් පියවීම සඳහා රජය මැදිහත් වී ඇත. ඒ අනුව, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව හරහා 2025 වර්ෂය තුළ ලංකා සීනි සමාගම වෙත රුපියල් මිලියන 600 ක අතිරේක ප්‍රතිපාදන ලබා දීමට භාණ්ඩාගාරයට සිදුව ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

10 Comments

  1. ගෙදර පල කියන්නෙ ඒකයි තවත් රට නොකා. හදුනගෙ හුන්ඩුවගේ එහෙම බඩ තියෙනවා ජරාව කාලම

    ReplyDelete
    Replies
    1. හිල් ජොකා ෆුල් සූට් ගහල

      Delete
  2. මහා පච මුත්තයි ගෝලයෝ රොත්තයි. මුන්ගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙනවනම් ඒකා ගොනා.

    ReplyDelete
  3. These JVP/NPP IDIOTS will lose all future elections. No mercy for lying Basterds.

    ReplyDelete
  4. ඇමති හොරකම් කරන්නෙ නෑනෙ. ඒනිසා පාඩු උනාට කමක් නෑ…. පාඩු නෙමෙයි බංකොලොත් උනත් කමක් නෑ අනුරවත් හදුන්නෙත්තිවත් හොරකම් කරන්නෙ නෑනෙ. මාලිමාවට ජය වේවා❤️❤️❤️ පැලවත්ත පාඩුනම් අපේ LOLC එකට හරි LB එකට හරි අඩුගානකට දීලා දාමු එතකොට ජීවිතේට ඇමතියෙක්ට හොරාකන්ම් කරන්න වෙන්නා නෑ…. ❤️❤️❤️

    ReplyDelete
    Replies
    1. පැලවත්ත දුන්නම ඩයි මයිනට මොකද වෙන්නෙ?

      Delete
  5. සිනි වගා කරලා ත්‍රිකුණාමලයෙන් විතරක් රට හෝදන්න පුළුවන් කිව්වා එකට ගිය කලක් ...

    ReplyDelete
  6. Ratata hodainam kochchara horaham kalath kamak na. Dhanavadaya kiyanne horakam karala hari diyunu veyalla habei horakama ahuvunoth kisima samaavak denne na kiyala.

    ReplyDelete
  7. කටින් බතල හිටෝනව කියන්නේ ඕවට තමා.

    ReplyDelete
  8. Munta wada ba kiuwat bath kana harak ahuwe nane...thawa aurudu thunak vindawapiyau.

    ReplyDelete
Previous Post Next Post