බස් රථයක් පල්ලමට පෙරලී කෝච්චි පාරට වැටේ.. 40කට තුවාලයි...


 කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 40 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

අනතුර සිදු වූ වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ සහන සේවා කණ්ඩායම් එක්ව බස් රථය තුළ සිරවී සිටි මගීන් මුදාගැනීමට පියවර ගෙන ඇත. 

පොලිසිය ප්‍රකාශ කළේ තුවාල ලැබූ සියලුම පුද්ගලයන් කඩිනමින් දියතලාව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කළ බවයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, දියතලාව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

1 Comments

  1. පුනරුදේ ආවත් හරි අනතුරු වලින් නම් අඩුවක් නැහැ රටේ.
    තුවාල වෙච්ච පිරිසට ඉක්මන් සුවය ලැබේවා!

    ReplyDelete
Previous Post Next Post