ඉදිරි මාස කිහිපය තුළ ගෘහස්ථ ලිට්රෝ ගෑස්, ජලය සහ විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩවල මිල ගණන් ඉහළ යා හැකි බව සමගි බලශක්ති හා පොදු වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක සහ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අනතුරු අඟවයි.
ඒ මහතා කියා සිටියේ මෙම සති අන්තය වන විට ලාෆ්ස් හෝ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවත්, ජල ගාස්තු ජුනි මස 15 වනදා වන විට සංශෝධනය වීමට ඉඩ ඇති බවත්ය.
"අපට ලැබී ඇති තොරතුරු අනුව, ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 ක තරම් ඉහළ අගයකින් වැඩි වීමේ හැකියාවක් පවතිනවා," යැයිද ඒ මහතා සඳහන් කළේය.
මෙලෙස මිල ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතුව බාල වර්ගයේ ගල්අඟුරු තොග මෙරටට ආනයනය කිරීම සහ රටින් අනවශ්‍ය ලෙස විදේශ විනිමය පිටතට ගලා යාම බවට ආනන්ද පාලිත මහතා චෝදනා කරයි.
වත්මන් ජීවන වියදම් අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයන් මත මෙම මිල ඉහළ දැමීම් හරහා තවදුරටත් අතිරේක බරක් පැටවෙනු ඇතැයි ද ඔහු මෙහිදී දැඩි කනස්සල්ල පළ කළේය.
කෙසේ වුවද, ගෑස්, ජල හෝ විදුලි ගාස්තු සංශෝධනය කිරීම් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් මේ දක්වා නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedNewGovernment #Elections
ReplyDeleteලොක් වෙළදපොලෙ මිල අනුව වැඩි කරන්න ඔනි. ඒ වගෙම අඩු කරන්නත් ඔනි.. මෙ රටෙ නිළදාරීන් ඉදල පිස්සු කෙලින නිසා අපිට කරන්න ඉතින් සොරි තමයි. බාල ගල් අගුරු බාල ගල් අගුරු කියල වැලලිලා හරියන්නෙ නැ... එවා ඔප්පු කරන්න..
ReplyDelete