ඩෙංගු දර්ශකය 500%කින් ඉහලට.. ඉදිරි දිනවල ඉතා දරුණුයි..


මෙරට ඇතැම් දිස්ත්‍රික්ක සහ ප්‍රදේශවල ඩෙංගු මදුරු කීට ඝනත්වය මනින 'බිටෝ දර්ශකය' (Breteau Index) සාමාන්‍ය මට්ටම මෙන් පස් ගුණයකින් ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් 5කට ආසන්න අගයක පැවතිය යුතු බිටෝ දර්ශකය, මේ වන විට ඇතැම් ප්‍රදේශවල 25 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කීට ඝනත්වය මෙලෙස පස් ගුණයකින් ඉහළ යාම හේතුවෙන්, ඉදිරි සතිය ඇතුළත දැනට වාර්තා වන රෝගීන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් අපේක්ෂා කිරීමට සිදුවන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ හේතුවෙන් ඩෙංගු මර්දන කටයුතු පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම වටිනා බව වෛද්‍යවරයා පවසයි

6 Comments

  1. මුන්ට කරපු හැම දෙයක්ම පාරාවළල්ලක් වෙලා අමුඩෙත් ගැළවෙනකම් එනවා. ගොඨාභය ජනාධිපති මීට වඩා දරුණු ගොලීය වසන්ගතය මැඩපවත්වා රට අමාරුවෙන් ගෙනියනකොට පිස්සා කියලා පහර ගැසුවෙ, මුන්. ගොඨා ගො ගම් හදාගෙන විජාතික බලවේග සමග එකතු වෙලා මෙම රට ලෙ විලක් නොකරපු මනුස්සයව කාළකණ්නි ටිකක් කරපු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරන්න දත් කන්නෙ මුන්. මුන්ට ඒවා සාපයක් ලෙස පසු පස එනවා.

    ReplyDelete
  2. කොහොමද සිස්ටම් චෙන්ජ ජෙ පි කුජීත ආණ්ඩුව .. තාක්ෂණය දාල මර්දනය කරපල්ලා ඉතින් 🤓🤓

    ReplyDelete
  3. ක්ලීන් සිරි ලංකා අපිරිසිදු රටක් නිර්මානය කලා. කයිවාරුකාර ගොං ජෙප්පන්ගේ නොහැකියාව. අන්ර දැන්වත් පල.

    ReplyDelete
    Replies
    1. අනුර කුමාරට බෑ..බෑ..බෑ..!

      Delete
  4. ජෙපි හැත්ත රට කෑවා

    ReplyDelete
  5. ගෝඨගෙ වටිනාකම දැනෙන්නෙ දැනුයි. ගෝඨගෙ කාලෙ කෝවිඩ් වසංගතය  සාර්ථකලෙස  මැඩපැවැත්වූ ආසියාවේ ප්‍රථම රටවුනේ ශ්‍රීලංකාව. ගෝඨ අද හිටියනම් දිස්ත්‍රික්ක වශයෙන් ටාස්ක් ෆෝසස් හදල හමුදාවෙත් සහයෝගය අරගන ඔය ඩෙංගු වසංගතයත් සම්පූර්ණයෙන්ම අවසන් කරල දානව. 

    ReplyDelete
Previous Post Next Post