තෙල්දෙණිය ඝාතක සැකකරු රාත‍්‍රියේම නුවරඑලි පොලිසියට... මිතුරු රියදුරාගෙන් රහස් රැසක් එලියට...


වලාන දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් යාපනය ප්‍රදේශයේදි
(24) දින අත්අඩංගුවට ගත් භෞත චිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු, බිරිද සහ දරුවා වලාන දුෂණ මර්ධන ඒකකකයේ නිළධාරින් විසින් (24) රාත්‍රී ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරිම සදහා නුවරඑලිය පොලිසිය වෙත භාර දෙනු ලැබුවා.

සැකකරු බිරිද සහ දරුවා සමග වෙස්වලාගෙන වැල්ලවත්තේ සිට යාපනය දක්වා පෞද්ගලික බස් රථයකින් ගමන් කරමින් සිටියදි සැකකරුව වලාන දූෂණ මර්ධන ඒකකයේ නිළධරින් විසින් (24) දින අලුයම චාවාකච්චෙරි කයිතඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගනු ලැබුහ.

මේ අතර සැකකරුට ඝාතනය කල භෞත චිකිත්සකවරියගේ සිරුර සැගවීමට සහ ඔහුට නවාතැන් පහසුකම් ලබා දුන් ඔහුගේ මිතුරෙකු වන කුන්ඩසාලේ ප්‍රාදේශිය සභාවේ රියදුරෙකු නුවරඑලිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් කුණ්ඩසාලේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබුණී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා (25) දින නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගෙන ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරන බවයි නුවරඑලිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක මහතා කියා සිටියේ.

සැකකරු නුවරඑලිය පොලිසිය රැගෙන එන අවස්ථාවේ ඝාතනයට ලක් වූ භෞත චිකිත්සකවරිගේ පවුලේ ඥාතීන් පිරිසක්ද පැමිණ සිටියහ.

සිරුර ප්‍රවාහනය සදහා යෙදා ගත් මෝටර් රථය සහ සැකකරු රැගෙන යාම සදහා භාවිතා කල යතුරුපැදියද පොලිසිය භාරයට ගෙන ඇත.

- රංජිත් රාජපක්ෂ     

Previous Post Next Post