උද්ධමනය 7% වෙනවා.. අඩු මිලට තවත් තෙල් දුන්නොත් රටම අමාරුවේ..- මහ බැංකු අධිපති


මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ මට්ටමක පවතින බැවින්, දේශීය වෙළඳපොළේ තෙල් මිල පාලනය කර සහන ලබාදීමට උත්සාහ කිරීමෙන් මෙරට ආර්ථිකය තවදුරටත් දැඩි අර්බුදයකට ලක්විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු අඟවයි.

දෙරණ නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අධිපතිවරයා පෙන්වා දුන්නේ පවතින තත්ත්වය හමුවේ උද්ධමනය පාලනය කිරීම සඳහා දැඩි තීරණ ගත යුතු බවයි.

මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන පරිදි, මීට පෙර 1.6% ක්ව පැවති උද්ධමනය මේ වන විට 5.5% ක මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇත. මුල් අවධියේදී යුද්ධය කෙටි කාලීන වනු ඇතැයි අපේක්ෂා කළද, එය දිගු වීම හේතුවෙන් ජාත්‍යන්තර තෙල් මිල ඉහළ මට්ටමක පවතින බව ඔහු සඳහන් කළේය.

"දැනට 5% මට්ටමේ පවතින උද්ධමනය, ඉදිරියේදී 7% දක්වා ඉහළ යාමේ අවධානමක් පවතිනවා" යැයි ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගියද මෙරට පරිභෝජනයේ අඩුවීමක් දක්නට නොලැබෙන බව අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. පසුගිය මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවලදී මෙරට ආනයන වියදම අඛණ්ඩව ඇමරිකානු ඩොලර් බිලියන දෙක ඉක්මවා ගොස් ඇති අතර, මෙලෙස ඉහළ වියදමක් දරා තෙල් ආනයනය කරමින් අඩු මිලට ලබාදීම ආර්ථිකයට ඔරොත්තු නොදෙන බව ඔහුගේ අදහසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවා පවතින තත්ත්වය හමුවේ මිල සංශෝධනයන් සඳහා ඉල්ලීම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය තවදුරටත් ඉහළ යාම වැළැක්වීම සඳහා මහ බැංකුව දැනටමත් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට පියවර ගෙන ඇති බව අධිපතිවරයා පැවසීය. මෙහි මූලික අරමුණ වන්නේ රට තුළ පවතින ඉල්ලුම පාලනය කිරීමයි. "අපි උත්සාහ කරන්නේ ඉල්ලුම පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කිරීමටයි. එසේ නොවුණහොත් පොලී අනුපාත තවදුරටත් වැඩි කිරීමට සිදුවනු ඇති" යැයි වීරසිංහ මහතා සඳහන් කළේය.

මුල් කාලීනව බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් තෙල් මිල ඉහළ මට්ටමක පැවතීම සහ සැපයුම් මාර්ගවල පවතින බාධා හේතුවෙන් මෙරට ආර්ථික කළමනාකරණය හමුවේ නව අභියෝග මතු වී ඇති බව මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය විය

11 Comments

  1. අනිත් හැම රටක්ම බැරලය එකසිය අනූ තුනක් හරි ඊට අඩුවෙන් ගන්නකොට ලංකාවේ එව්වො හොරකම් කරන්න ඕන හින්දා ලෝකවාර්තාවක් කියල ගිනි ගහන හෙන ගහන මිලට දෙසිය අසූහයට ගත්ත එක ගැනත් මොනවා හරි කියපන්කෝ

    ReplyDelete
    Replies
    1. Comment karana eka lesi....Buru katha nokara idapan..nodanna pakawal gana katha nokara

      Delete
    2. ලෝකෙ හැමතැනම් තෙල් අඩු කරද්දි මෙහේ වැඩි කරනවා. හුන්ඩුවා විපක්ශෙ ඉද්දි කිවේ වැඩි කරන්න ජනාධිපති කෙනෙක් ආන්ඩුව ක් මොකටද කියල. ඉල්ලා අස්වෙයල්ලා. කාලකන්නි

      Delete
  2. ඉන්ධන උද්ධමනය අඩු රගන්න තිබ්බ බාල අඟුරු හරවල යැව්වනම්. ඩීසල් වලට ලොකු වියදම් කරන්න ඕන වෙන්නේ නෑනේ.
    ඕක ලස්සනට කියල දෙනවා අඟුරුකොටා විපක්ශේ හිටියනම්.

    ReplyDelete
  3. "ගල් අන්ගුරුවල පාඩුව එක සතයක් වත් ජනතාව පිට පටවන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න." කියලා ඇඟිල්ල දික්කරලා, කට උල් කරලා, ගිරිය යටින් කෑ ගහපු එකෙක් හිටියා මතකයි. කෝ ඒකා?

    ReplyDelete
    Replies
    1. ඉතින් ඇත්තනේ. පිටේ පටවලා නැහැනේ. බිලට add කරා විතරනේ.
      ඌ බොරු කියලා නැහැ.

      Delete
  4. මේ අධිපතියො, ‍තෝත් මාලිමාවේ කුණු කර ගහන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපිය.
    එහෙම නොකරොත් කවද හරි උඹ ගුටි කනවා මාලිමාවෙ උන්ට කලින්.

    ReplyDelete
  5. පුරෝකථනය කරන එක ආර්ථික විදඥයන්ගේ වැඩක්.
    මුගේ රස්සාව වෙන්න ඕන ඒක පාලනය කරන එක, අඩු කරන්නේ කොහොමද කියල ආණ්ඩුවට කියල දෙන එක. එහෙම කරනවද? ආණ්ඩුව වැරැද්දක් කරනවානම් ඒක ඉහේ ඉඳල පට්ට ගහන්න ඕන. එහෙම කරනවද?
    කරනවානම් බාල ගල් අඟුරු ආපහු යවන්න ඕනනේ. එහෙම වගක්නම් පේන්න නෑ.

    ReplyDelete
  6. මහා බැංකුවයි .. පැලවත්තේ ගුබ්බැයමයි අතර කිසි වෙනසක් නෑ .. ඕක විසුරුවලා දාලා ඔස්ට්‍රේලියාව් උඹේ ගෙදර පලයන් ගොයියෝ ... උඹ දැන් මේවගෙන් හොයා ගත්තා ඇති

    ReplyDelete
  7. අඩෝ නැන්දලාල් කාලකන්නි බල්ලෝ. තෝ රටින් පනින්න නේද ලෑස්ති කාලකන්නි බල්ලා

    ReplyDelete
Previous Post Next Post