වැසිකිලියට මුල්ගල තැබීම ගැන අම්බිගා ආඩම්බර වෙයි.. 76 වසරේ පාලකයන් නොකල වැඩක්ලු..


පාසලක වැසිකිලියකට මුල්ගල තැබූ බව පවසමින් තමන්ට එල්ල වන විවේචනවලට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී අම්බිකා සැමුවෙල් මහත්මිය පසුගියදා පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූවාය. එහිදී ඇය අවධාරණය කළේ තම දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් වෙනුවෙන් එවැනි දේකට වඩා "පහත්" යැයි සම්මත ඕනෑම කාර්යයක් කිරීමට තමන් සූදානම් බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය සඳහන් කළේ වසර 76ක් තිස්සේ පාලකයන් ඉටු නොකළ මූලික අවශ්‍යතාවන් ඉටු කිරීම ජාතික ජන බලවේගයේ රජයේ වගකීමක් බවයි.

කඳුකර ජනතාව මෙවර මැතිවරණයේදී පරණ නායකයන් ප්‍රතික්ෂේප කර තමන් වැනි සාමාන්‍ය පුද්ගලයන් පාර්ලිමේන්තුවට එවනු ලැබුවේ සැබෑ System Change අපේක්ෂාවෙන් බව ඇය පෙන්වා දුන්නාය. "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන පොරොන්දුව ඉටු කිරීමේදී මහා පරිමාණ ව්‍යාපෘතිවලට පමණක් සීමා නොවී, බිම් මට්ටමේ පවතින අත්‍යාවශ්‍ය මූලික අවශ්‍යතාවලින් මෙම ගමන ආරම්භ කිරීමට සිදුව ඇති බව ඇය පැවසුවාය.

වැසිකිලි මුල්ගල තැබීම සම්බන්ධයෙන් සමහරුන් කරන සමච්චල් කිරීම් පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ, පසුගිය වසර 76 පුරා කිසිදු මන්ත්‍රීවරයකු නොකළ ආකාරයට තමන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි.

"අපරාධකරුවන් වෙනුවෙන් පාරට බැස උපවාස කරන සහ සිරගෙවල්වලට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසන අයට වඩා, මගේ දරුවන්ගේ සෞඛ්‍යමය අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම මට ආඩම්බරයක්" යැයි ඇය විපක්ෂයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කළාය.

වැසිකිලි ඉදිකිරීමට අමතරව, වත්මන් රජය යටතේ කඳුකරයේ ආපදාවලට ලක් වූ සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සියලු ජනතාවට නිවාස ආධාර ලබා දීමටත්, පාලම්, බෝක්කු සහ මාර්ග පද්ධති යථා තත්ත්වයට පත් කිරීමටත් දැනටමත් පියවර ගෙන ඇති බව ඇය සභාවට දැනුම් දුන්නාය.

"අපි කියපු දේ අපි කරනවා" යනුවෙන් අවධාරණය කළ අම්බිකා සැමුවෙල් මහත්මිය, සමාජ ජීවන තත්ත්වය ඉහළ නංවමින් රට ඉදිරියට ගෙන යාමට ජාතික ජන බලවේගය කැපවී සිටින බව ද වැඩිදුරටත් සඳහන් කළාය


14 Comments

  1. Keep on building toilets Good luck

    ReplyDelete
    Replies
    1. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

      Delete
    2. පංති පහේ හිරවුණු අය දන්නෙ ඔච්චම තමයි

      Delete
    3. Whether toilets or otherwise previous governments never looked at these people..NPP is looking after them ..that is the difference

      Delete
    4. මුන්මේ ඉන්දියාවෙන් ආපු කල්ලතෝනිනෙ. මුන් ටොයිලට්නාඩුවෙ ඉන්නකොට රිව්වෙ පාර දෙපැත්තෙ. එහෙම හිටපු සක්කිලින්ට කක්කුස්සියක් 
      හම්බවුනා කියන්නෙ ස්වීප් එකක් ඇදුනවගේ..

      Delete
  2. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

    ReplyDelete
    Replies
    1. පංති පහේ හිරවුනාම ටොයිලට් එකත් විද්‍යාගාරයක් වගේ තමයි තේරෙන්නේ

      Delete
  3. ජෙප්පෝ හොදින්ම කරන දෙයක් තමා ජනතාවාදී කියලා 100% කීකරු වහල්ලු හදන එක.... ජෙප්පෝ පච දොඩෝනවා මොකද උන් දන්නවා උන්ගේ වහල්ලු උන් කියන ඕන දෙයක් පිලිගන්නවා කියලා.....

    ReplyDelete
  4. රපුන්සල් රපුන්සල්June 12, 2026 at 5:15 AM

    යහපාලන කාලේදී ලප කොට එක්ක ජෝගි නටපු මේ වගේම ඩයල් එකක් හිටිය "විජයකලා පලල් කලා" කියල නමක් තිබුන.

    ReplyDelete
  5. එතකොට මුන් මෙච්චරකල් රිව්වෙ කැලේද?

    ReplyDelete
    Replies
    1. Uba gihilla balapan 76 wasarak karapu unge wada.. Toilet ekak wath na...buru gona talk denna enawa

      Delete
  6. Why did she use the time in the parliament to answer her critics. Parliament is not a place for that. she is not the only one. Other ministers and MPs do the same thing. This is not a good trend and not the system change we expect. If Ambiga wants to return the criticism she received. She can use any social platform like X or face book for that.

    ReplyDelete
  7. මෙච්චර කල් රිංගුවෙ තේ වත්ත ට ද?
    76 අවුරුද්දේම. නොදකින් නරි.

    ReplyDelete
  8. වැසිකිළි ය විවෘත කිරිමේ ජාතික උත්සවයට අපිටත් කියන්න.

    ReplyDelete
Previous Post Next Post