ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රජය මේ වසරේ ඩොලර් බිලියන 8.094 ක් ණය සහ පොලිය ලෙස ගෙවා ඇති බවට පුවතක් සංසරණය වේ. එය ඉලක්කම් විජ්ජාවක් මිස, ජනරජය බැදී ඇති ණය කන්දරාවෙන් නිදහස්වීමක් නොවේ.
නමුත් සත්‍යය නම් මේ වසරේ පළමු මාස 3 තුල පමණක්, මෙරට විදේශ ණය ඇ.ඩො.මි. 788 කින් ද, දේශීය ණය රු. බි. 490 කින් වැඩිවී ඇත.
රාජ්‍ය ණය කලමනාකරණ දොපාර්තමේන්තුවේ නිල වාර්තා අනුව, ගෙවන ලද මුලික මුදල (Principal Amount) ඩො.බි. 5.98 කි. ණය පොලී වටිනාකම ඩො.බි. 2.11 කි. එකතුව 8.094 කි. එය කරුණු වශයෙන් ගත් කළ සත්‍යයකි. නමුත් මෙම මුදල් ගෙවා ඇත්තේ ඩොලර් වලින් නොව ශ්‍රී ලංකා රුපිියල් වලිනි. එසේ ගෙවන ලද මුදලට ආසන්න මුදලක් නැවතත් භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත් නිකුත් කර දේශීය ණය වශයෙන් ලබාගෙන ඇත.
විදේශ ණය පියවීම
ශ්‍රී ලංකා රජය 2026 පළමු කාර්තුවේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරිමට අනුව බහුපාර්ශවීය ආයතන වෙත ඩො.මි. 234 ක් ද, ද්විපාර්ශවීය ණය හිමියන් ට ඩො. මි. 207 ක් ද, පුද්ගලික ණය හිමියන්ට ඩො.මි. 89 ක් ද ලෙස ඩො.මි. 530 ක් ගෙවා ඇත. මේ ඩො.මි. 530 හැර මේ කාර්තුව තුල වෙනත් විදේශ ණය හෝ පොලී ගෙවීමක් ඩොලර් වලින් සිදු කර නැත.
2026 වසරේ දී ලංකා රජය බහු පාර්ශවීය හා ද්විපාර්ශවීය ණය හිමියන්ට ඩොලර් බිලියන 2.7 ක් ගෙවිය යුතුය. 2026 ජූනි දක්වා එයින් ඩො.බි. 1.3 ක් ගෙවා ඇත. තවත් ඩො.බි. 1.4 ක් මේ වසරේ ඉදිරි මාස 6 තුල ගෙවිය යුතුව ඇත.
විදේශ ණය වැඩිවීම
පසුගිය සතියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලංකාවට ඩො.මි. 695 ක් ලැබී ඇත. ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඩො.මි. 450 ක් ද, ලෝක බැංකුව මගින් ඩො.මි. 200 ක් ද ඉදිරියේ දී ලබාගැනීමට නියමිතය. එයට අමතරව ව්‍යාපෘති ණය ලෙස තවත් ඩො. මි. 100 ක් ලැබීමට ඇත. සරළව මෙම ඩොලර් වලින් මේ වසරේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය ගෙවූ විට, වෙනත් ඉතිරියක් බලාපොරොත්තු විය නොහැකිය. මේ සියළු ලැබීම් හා ගෙවීම් ජා.මු.අ. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට අදාළව 2022 – 2023 දී ගිවිසුම් ගත එකඟතාවයන් ය.
දේශීය ණය ගෙවීම්
ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය විසින් කල් පිරුණු භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර සුරැකුම්පත් සහ දේශීය බැංකු වෙත ව්‍යාපෘති ණය ලෙස ගෙවිය යුතු රුපියල් ණය ප්‍රමාණය පහත වගුවේ ඇත.
භාණ්ඩාගාර බිල්පත්, සුරැකුම්පත් හා දේශීය බැංකු වෙත ගොවිය යුතු ව්‍යාපෘති ණය වෙනුවෙන් ඇ.ඩො. බිලියන 7.56 කට සමාන රුපියල් ප්‍රමාණයක් 2026 පලමු කාර්තුව තුල ගෙවා ඇත. එයින් ඩො.බි. 1.59 කට සමාන රුපියල් ප්‍රමාණයක් පොලී වශයෙනි. ගෙවීමට ඇති දේශීය ණය වාරික ලෙස ඇ.ඩො. බිලියන 5.975 කට සමාන රුපියල් ප්‍රමාණයක් ගෙවා ඇත.
එසේ පියවා ගත් මුදල් නැවත ලබා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් දේශීය භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත් පෙරළා නිකුත් කර (රොල් ඕවර්) කර ඇත. එබැවින් මේ ගෙවීම් හේතුවෙන් රටේ සමස්ත ණය ප්‍රමාණයේ සැලකිය යුතු වෙනසක් සිදුව නැත.
2026 අලුතෙන් එකතු කරගත් ණය කන්ද
2026 පලමු කාර්තුව තුල නිකුත් කර ඇති භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත්වල වටිනාකම (රුපියල් ණය) රුපියල් බිලියන 1,210 (ඇ.ඩො.බි. 3.84) කි. භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගින් තවත් රුපියල් බිලියන 720 ක් (ඩො. බි. 2.30) ක් ලංකාව අලුතෙන් ණය වී ඇත.
2026 පළමු කාර්තුව තුල, අලුතෙන් ලබාගත් දේශීය ණය ප්‍රමාණය රු. බිලියන 1930 (ඇ. ඩො.බි. 6.04කට සමානය) කි.
ආණ්ඩුව වසන් කරන කරුණ නම් ලංකා ජනරජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා විදේශ බැංකු වෙතින් ඩො. මි. 1,500 කට ආසන්න ප්‍රමාණයක් ද වසරේ පළමු මාස කිහිපය තුල ලබාගෙන ඇති බවයි. දේශීයව තවත් රු.බි. 1930 (ඩොලර් මිලියන 6.04) ක ණය ලබා ගෙන ඇති බවයි.
ලංකා ආණ්ඩුව 2022 බංකොලොත් භාවයට පත් වූ නමුත් බහු පාර්ශවීය ණය ගෙවීම පැහැර හැරියේ නැති තරම්ය. 2024 ආරම්භවන විටත් බහුපාර්ශවීය ණය කිසිදු මුදලක් හිඟ ලෙස පැවතියේ නැත.
ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟාව අනුව ණය ශේෂය පහසුවෙන් හදුණාගැනීම සඳහා දේශීය වශයෙන් ලබා ගන්නා රුපියල් ණය ද එක් එක් නිශ්චිත දිනවලට පවතින විනිමය අනුපාතිකයන්ට අනුව ලේඛන ගත කිරීමක් සිදු වේ. එය හුදෙක් සන්නිවේදන පහසුව සඳහා ඇතිකර ගත් එකඟතාවයක් මිස රුපියල් ණය ඩොලර් වලින් පියවීමක් හෝ ඩොලර් ණය රුපියල්වලින් පියවීමක් ගම්‍ය නොවේ.
වඩාත් නිවැරදි ක්‍රමවේදය රුපියල් ණය රුපියල් ලෙස ද, ඩොලර් ණය ඩොලර් ලෙස ද, ගණනය කිරීම වේ. ඒ අනුව, 2024 අවසානයේ පියවීමට තිබු දේශීය ණය ප්‍රමාණය රු. බිලියන 18,883 ක් වූ අතර, එය 2026 මාර්තු 31 වන දිනට රු. බි. 19,383 දක්වා රු. බිලියන 490 කින් වැඩිවී ඇත.
එසේම, 2024 12. 31 දිනට පැවති විදේශ ණය ශේෂය ඩො.. මි. 36,680 සිට ඩො.මි. 37,468 දක්වා ඩො.මි. 788 කින් වැඩිවී ඇත.
රැවටෙන්න එපා! ඩොලර් බිලියන 8.094 ක් ක ණය ගෙවු කතාව ඉලක්කම් විජ්ජාවක් පමණී. දේශීය රුපියල් හා විදේශීයෙ ඩොලර් ණය දෙවර්ගයම වැඩිවී ඇත.

(1) ඇප නැතුව ණය
ReplyDelete(2) උගන්ඩාවේ සල්ලි
(3) Arjuna Mahendran ලංකාවට ගේනවා
(4) කුඩු පාතාලේ මාස 2න් ඉවරයි
(5) ඩොලර් මිලියන stories
(6) “යාලුවගේ account එක” කතා
(7) ටිල්වින්ගේ ඩොලර් බිලියන 🤦♂️
(😎 VAT අයින්
(9) පළවෙනි සතියේම 70ක් ඇතුළට
(10) පෙට්‍රල් 52ට ⛽
(11) හාල් ඇටයක්වත් import නෑ
(12) නිධානයක් හම්බුනා 😂
(13) මන්ත්‍රී වරප්‍රසාද අහෝසි
(14) Vitz ලක්ෂ 12ට
(15) විදුලි බිල 1/3ට
(16) පාස්කු මහමොළකරු එළියට
(17) ලුණු නැත්තම් පහුගිය ආණ්ඩුව වැරදි
(18) SMS එකට ලක්ෂ 980
(19) උමා ඔයේ හිල
(20) Port City පුරවන්න ගල් මදි
(21) මුහුදු වතුරෙන් සල්ෆියුරික් 😅
(22) මිනිරන් වලින් ග්‍රැෆයිට් 🤣
(23) සුපෝකභෝගී වාහන වෙන්දේසි
(24) ඇමෙරිකාවට / ඉන්දියාවට එරෙහි දේශප්‍රේමී ආණ්ඩුව
(25) “අපි බොරු කියලා නෑ”
(26) වී ගබඩා පුරවනවා
(27) හාල් මිල අඩු
(28) රිලවුන්ට දූපතක් 🐒
(29) “පවුල් දේශපාලනය නෑ”
(30) සංචිත ඩොලර් මිලියන 20යි කියපු කතා
(31) හොරකම් කරපු දේවල් මාස 2න් ආපහු
(32) ප්‍රෝටීන් මලු
(33) ජපන් බයිසිකල් 🚲
(34) හාල් 92ට
(35) “ලංකාව බෞද්ධ රටක් නෙවෙයි” debate
(36) පන්සල් video නෑ
(37) IMF එකත් අපේ කොන්දේසි වලට 😂
🟥 “අරගල cinematic universe” 🤣👇
(38) අසූචි නැව
(39) ඉන්දියාවේ බාල බෙහෙත් drama
(40) Namal Rajapaksaට Lamborghini 19ක්
(41) Mahinda Rajapaksaට රත්තරන් අස්සයෝ 🐎
(42) helicopter 4ක්
(43) ඩොලර් බිලියන 43 wealth story 😂
(44) 16න් 18ක් හොරකම් logic 🤦♂️
(45) සුදු වෑන් + කිබුල්ලු
(46) Swiss නාට්ටිය
(47) Lanka Hospital ගෝටගේ
(48) Dubai Marriott නාමල්ගේ
(49) හම්බන්තොට වරායේ “ගලක්”
(50) rocket එක 🚀
(51) බල්ලාගේ මාලේ පවුන් 90
(52) cheque number දන්නවා
(53) හානි වූ දේපළ compensation fantasy
(54) ජනාධිපති ආරක්ෂාව විසුරුවනවා
(55) තහඩුවක් ගියත් ලක්ෂ 10
(56) ඉඩමට ලක්ෂ 50
(57) ගෙදරට ලක්ෂ 50
(58) ගංවතුර පාසල් හදන්න කෝටි 500
(59) “අපි අරක්කු සිගරට් බොන්නෙ නෑ” 🍺🚬😂
(60) ආචාර්ය උපාධි drama
(61) පිළිකාවට නිට්ටාවට බෙහෙත
(62) ඇමති බංගලා hotel කරනවා
(63) පාසලට නොගියොත් SMS 📩
(64) මාලු location SMS 🐟
(65) “නීතිය කාටත් සමානයි”
(66) ත්‍රීවීල් ලක්ෂ 4යි 20ට
(67) හැමෝටම doctor කෙනෙක්
(68) පාසල් උත්සව වලට දේශපාලකයෝ නෑ
(69) 2km ඇතුළත super school
(70) මාස 6න් 6ට පඩි වැඩි 😅
අඩේ.. මේ එකක් නෑර විශ්වාස කරා නේද අර 68 ලස්සේ. හපොයි 😅😅
Deleteනිධානේ තමයි ආතල්ම. පිනට හම්බෙන්නේ කියල හාරලා බැලින්නන් තඩි කලු ගලක්.
Deleteඒකත් හේදුව හැබැයි ජෙප්පො ටික. ඒක හාරලා සතියක් යන්න කලින් තඹුත්තේගම යට වුනා වැහැලා.
Oka roll karala puke gaha ganin..Minissu owa gana newe buruwo balanne...2029 AKD only
Delete2029 AKD only…… කොහම හරි තව ලොකු හාවෝ දෙන්නෙක් තුන්දෙනෙක් අල්ලගෙන අපි වලස්සු මහින්දල තමයි වලස්සුන්ගෙ අයිතිකාරය කියල කියවගත්තෙ නැතිතම් ඔය හීන සුම්ම😂😂😂 වැඩෙ කියන්නෙ කොච්චර වද දුන්නත් හාවෝ හවෝ වගේම මැරෙනව පොන්නයො වගේ වලස්සු කියල කියන්නෙ නැතුව.. රටට මොනව උනත් කමක් නෑ කුහකයො බලන් ඉන්නෙ මහින්ද එල්ලනකම්. ඕක දන්න උන් අවුරුදු 5 ම අදිනව මහින්දව පෙන්න පෙන්න පෙන්න. පාස්කු නඩුවට වෙන්නෙත් දෙවනි ඉනිමට වගේ අවුරුදු 5 ම අදින්න
ReplyDelete