ඩොලර් මිලියන 808 ක් රටින් පිටවෙලා යයි IMF වාර්තාවේ...


 ශ්‍රී ලංකා මහ බැංකුව තුළින් ඩොලර් මිලියන 800 කට අධික මුදලක් රටින් පිටවී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇති බවත් එවැනි දැවැන්ත මුදලක් රටින් පිටවූයේ නම් එය දැවැන්ත ප්‍රශ්නයක් බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

දයාසිරි ජයසේකර මහතා කොළඹදී (05) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

වර්තමාන ආණ්ඩුව යටතේ පසුගිය කාලයේ රාජ්‍ය ආයතන රැසකින් මුදල් ලීක්වී ඇති බවත් ඩොලර් බිලියනකට ආසන්න මුදලක් මෙසේ රටින් පිටවීම විශාල ගැටලුවක් බවත් එම අගය බිංදුවේ පැවතිය යුතුයැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන බවත් ඒ මහතා කීය.

විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශයේ ඩොලර් මිලියන 2.5 කට වූ සිද්ධිය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඔහුගේ වාර්ෂික වාර්තාවේ හෝ සදඟන් කර නොමැති බව කී ජයසේකර මහතා පැවසුවේ ඩොලර් මිලියන 808 ක මෙම මූල්‍ය වෙනස විශේෂ පරික්‍ෂණයක් කරන්න යැයි පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරකම් පිළිබඳව ඉදිරිපත්කර ඇති පිටු 143 ක වාර්තාවේ මෙරට ගෙවුම් ශේෂයේ සියලුම ගණුදෙනු පිළිබඳව ගැලපී නොමැති තත්වයකදී එහි වෙනස සමාන කිරීමට භාවිත කරන ශිර්ෂගත අයිතමන් ගැන වෙනම වාර්තාවක් ඉදිරිපත්කර ඇති බවත් එම වාර්තාවේ ඩොලර් මිලියන 808 ක හිඟයක් පිළිබඳව බොහෝම පැහැදිළිව ප්‍රකාශ වන බවත් ඊට පෙර වසරේ එය සෘණ 254 ක් ලෙස සඳහන්ව ඇති බවත් 2025 සෘණ 808 ලෙස ඉදිරිපත්කර ඇති අතර ඉදිරියට බිංදුව ලෙස සඳහන්ව ඇති බවත් ඒ මහතා පැවසීය.

ඇත්ත වශයෙන්ම මෙවැනි වෙනසක් නොතිබිය යුතු යැයි යන ස්ථාවරයේ සිටින බව කී ජයසේකර මහතා 2025 වසරේ ඩොලර් මිලියන 808 ක් මහ බැංකුවෙන් කිසියම් විදියකට එළියට ගියාද, මොනව හරි විනාශයක් වුණාද, නැත්නම් වෙනත් චෙයක් සිදුවුණා කියන කාරණය මහ බැංකු රටට හෙළිකළ යුතු බව ද සඳහන් කළේය.  

ඩොලර් මිලියන 808 ක් රටින් පිටවී ඇතැයි මෙම වාර්තාවේ ඇති කරුණු අනුව පැහැදිළි වන්නේ යැයි විශේෂඥයන්ගේ මතවී ඇති බවත් වර්තමාන ආණ්ඩුව යටතේ මෙවැනි සිද්ධීන් වාර්තා වූ බවත් ඒ මහතා කීය.

Lankadeepa

9 Comments

  1. පතිරණ ගලප්පත්තිJune 5, 2026 at 10:17 PM

    අපණයන ආදායම ඉක්මවා ආණයන කරපුවාම සෘණ ඩොලර් විනිමය වෙනසක් ඇති වෙනවා. වෙනස අඩු කර ගන්ඩ එක්කෝ අපණයන වැඩි කල යුතුයි, නැත්නම් ආණයන අඩු කල යුතුයි, එහෙමත් නැත්නම් දෙකම කල යුතුයි, වඩාත් හොඳ දෙකම කිරීම. කෙසේ නමුත් රටින් මුදල් යනවා පිටට, අපේ රටේ දැනට අවුරුදු 76ක් තිස්සේ පුරුදු කරපු යැපුම් ආර්ථිකය අනුව. එකපාර අනික් පැත්ත හරවන්ඩ බෑ, ක්‍රමක්‍රමයෙන් හරි පාරට ගන්නවා.

    ReplyDelete
    Replies
    1. දිත්වා එකට කැඩිච්ච පාරවල් ටික තාම හදා ගන්ට බෑ ඒත් මේ ඩෝබි පකය කියනවා හරි පාරට ගන්නවලු.

      Delete
    2. සීරියස් ගන්ඩ එපා. ඌ ඔය හරි පාරට ගන්නවා කියන එකෙන් අදහස් කරන්නෙ හිඟා කකා හිටපු ජෙප්පන්ගෙ මහ එවුන් සුවිසල් මන්දිර හදාගන, 
      රෝල් රොයිස්, V8 වාහන අරගන, උන්ගෙ ලමයින්ව බටහිර රටවල විශ්ව විද්‍යාලවලට යවල, පරම්පරා ගානකට ඇතිතරම් හම්භකර ගන්නව කියන එකයි. 

      Delete
    3. පතිරණ ගලප්පත්තිJune 6, 2026 at 12:53 AM

      නෑ, හරි පාරට ගන්නව කිව්වේ ඒක නෙවේ, ඒ උඹලා හිතාගෙන ඉන්න විදිය අවුරුදු 76ක් තිස්සේ දංකුඩ කාපු හාල්පාරුවො හිතන විදිය. හරි පාරට ගන්නවා කිව්වේ රට. රටේ ආර්ථිකය.

      Delete
    4. කලුවා දේවගේ ලාල් කාන්තJune 6, 2026 at 1:28 AM

      ගලප්පත්ති සහෝදරය කලබල වෙන්ඩ එපා. ඒ කියල තියෙන දේත් බොරුම නෙමේනෙ. දැන් බලපන් ඉස්සර කෝච්චියෙ ටොෆී සිගරැට් විකුනපු අපේ නායකතුමාට දැන් ග්‍රීසියෙ නැව් ෆ්ලීට් එකක් තියෙනව, කඩවත සුවිසල් මන්දිරයක් තියෙනව, දැන් අඳින්නෙම බ්‍රෑන්ඩඩ් ඇඳුම්. ඉස්සර හිල් ජොක්කු ඇඳපු අපේ හඳුන්නෙත්ති සහෝදරයට දැන් පුක තියාගන යන්ඩ V8 කාර් එකක් තියෙනව, එතුමගෙ දුව ඇමරිකාවෙ විශ්ව විද්‍යාලයක 
      PHD කරනව, වැඩිය ඕනෙ නෑ දැන් බලපන් මා දිහෑ. ඉස්සර දුවගෙ ටියුෂන් පීස් ගෙවාගන්ඩ බැරිව හිටිය මට දැන් කඩුවෙල, ජුසේ මාවතෙන් තට්ටු තුනක 
      සුවිසල් මන්දිරයක් තියෙනව. අපේ අනික් නායක කාරාදීන්ටත් එහෙම්මම තමයි. කොහොමද මේ ටික දවසට අපිට සෞභාග්‍යය උදාවෙලා තියෙන ලස්සන.

      Delete
    5. පතිරණ ගලප්පත්තිJune 6, 2026 at 1:46 AM

      නැවකුත් නෙවේ නැව් ෆ්ලීට් එකක්, බංගලිදේසේ, මාලදිවයිනේ ත් නෙවේ, ග්‍රීසියේ. උඹහැ ඕක ගත්තා කිව්වට උගන්ඩාවේ සල්ලි වලින් වත් ගන්ඩ බෑ බොල ඔච්චර. ඔය නිකම් කිව්වට පිළිගන්ඩ බෑ, මාලු බෝට්ටු ෆ්ලීට් එකක් හරි අරන් පෙන්නපන් මීගමුවෙ මූදු වෙරළේ වත්. නැත්නම් පාරු ෆ්ලීට් එකක් අරන් පෙන්නපන් දැදුරු ඔයේ.

      Delete
    6. කලුවා දේවගේ ලාල් කාන්තJune 6, 2026 at 2:42 AM

      ගලප්පත්ති සහෝදරයට හරියට කේන්ති යනවනෙ.  ඔය නැව් ෆ්ලීට් එක ගත්ත ක්‍රමය අහගන්ඩ හොඳම පුද්ගලයා තමයි අපේ නායකතුමා.
      එතුමගෙන් ඇහුවනම් හරියටම කියල දෙයි, මොකද අපේ නායකතුමා සක්විති රජකම දෙනව කිව්වත් බොරු  කියන්නෙත් නෑ,
      කියලත් නෑ.  ආ...ඒත් එක්කම එතුමට අර කඩවත තියෙන  රජගෙදර ගැනත් අහන්ඩ අමතක කරන්ඩ එපා. අර ග්‍රීසියේ නැව් වැඩේ ගැන අහන්ඩ තව එකෙක් හිටිය තුසිත හල්ලොලුව කියල. නරක වෙලාවට ඒ විස්තරේ කියන්ඩ හිටපු දාම ඌව අල්ලල හිරේ දැම්ම.

      Delete
    7. හැක හැකJune 6, 2026 at 5:16 AM

      නායක සහෝදරය සක්විති රජකම දෙනව කිව්වත් බොරු කියන්නෙත් නෑ, කියලත් නෑ. - සභාවේ මහහඬින් සිනා -

      Delete
  2. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedElections #GovernmentChangeIsAMust

    ReplyDelete
Previous Post Next Post