ආනයනික වාහන සඳහා පනවා ඇති අධිභාරය සියයට 50ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජය ගත් තීරණයත් සමඟ මෙරට වාහන අලෙවිය පහත වැටී ඇති බව වාහන ආනයනකරුවෝ පවසති.
පසුගිය මැයි 15 වැනිදා සිට ක්‍රියාත්මක වූ මෙම බදු සංශෝධනය හේතුවෙන් වාහන මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති අතර, එම නව මිල ගණන් දරා ගැනීමට පාරිභෝගිකයන්ට නොහැකි වීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
නව බදු සංශෝධනයට අනුව, මෙතෙක් රුපියල් ලක්ෂ 70ක පමණ මිලකට අලෙවි වූ ජපන් ඇල්ටෝ රථයක මිල රුපියල් ලක්ෂ 75 දක්වා රුපියල් ලක්ෂ 5කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම රුපියල් ලක්ෂ 100ක පමණ මිලකට පැවති ටොයෝටා ‘යාරිස්’ රථයක මිල රුපියල් ලක්ෂ 7.5කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ජපන් වාහනවලට අමතරව ඉන්දීය වාහන මිල ගණන් ද මේ වන විට ඉහළ යමින් පවතී.
වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ, අධිභාරය ඉහළ යාම හේතුවෙන් කුඩා වාහනයක් සඳහා පවා රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා අමතර මුදලක් පාරිභෝගිකයාගෙන් අය කිරීමට සිදුව ඇති බවයි.
පවතින අධික පිරිවැය හේතුවෙන් නව වාහන ආනයනය සඳහා ණයවර ලිපි (LC) විවෘත කිරීමට ද ආනයනකරුවන් මැළිකමක් දක්වන බව වාර්තා වේ. මේ හේතුවෙන් ඉදිරියේදී වෙළඳපොළ තුළ වාහන හිඟයක් ඇතිවීමේ අවදානමක් ද මතුව තිබේ.
මෙම සියයට 50ක අධිභාරය මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි පනවා ඇති නමුත්, එම කාලය තුළ වාහන මිල පහළ යාමේ කිසිදු ප්‍රවණතාවක් නොමැති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
රජයේ මෙම තීරණය හේතුවෙන් වාහන වෙළඳපොළ දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇති අතර, මධ්‍යම පාන්තික පාරිභෝගිකයන්ට වාහනයක් මිලදී ගැනීම තවදුරටත් සිහිනයක් බවට පත්ව ඇතැයි ආනයනකරුවෝ වැඩිදුරටත් සඳහන් කරති.

Pudgalika Motar ratha samanya janthawata athyawahya nowe. Hamoma podu prwahana seva walata namburu viya yuthui. Parisara dushanaya wadi karai. Issella anduwa ohomawath gennewwe natha. Dan pohosath rate adhi pohosath ayata pamanak genwa denu labe.
ReplyDelete