රජයේ සේවකයන්ට සහල් දෙන්න හදන්නේ එන කන්නය ගබඩා හිස් කරගන්නයි..


 රජයේ වී ගබඩා මේ වන විට උපරිම ධාරිතාවයෙන් පිරී පවතින බැවින්, ඉදිරි කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා එම ගබඩා කඩිනමින් හිස් කළ යුතුව ඇතැයි වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඒ අනුව, ගබඩාවල පවතින වී තොග සහල් බවට පත් කර රජයේ සේවකයන්ට සහ ‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පසුගිය වසරේ රජය විසින් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හතළිස් දහසකට (140,000) ආසන්න වී ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවයි. මේ වන විට මෙරට මාස පහක හයකට ප්‍රමාණවත් සහල් අතිරික්තයක් පවතින බව ද ඔහු පැවසීය.

"අපිට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඊළඟ කන්නයේ වී මිලදී ගන්න ගබඩාවල ඉඩ නැති එක. ඒ නිසා මේ තියෙන වී ටික සහල් කරලා වෙළඳපොළට මුදාහැරිය යුතුයි. ඒ සඳහා අපිට විවිධ යෝජනා ලැබිලා තියෙනවා. ‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට සහල් පැකට්ටුවක් ලබාදීම සහ රජයේ සේවකයන්ට සහන පදනම මත සහල් ලබාදීම ඒ අතර ප්‍රධානයි" යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් ලබාදීමට රජය සූදානම් බවත්, ඇතැම් පිරිස් පවසන පරිදි රුපියල් 150ක මිලක් ලබාදීම ප්‍රායෝගික නොවන බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

පෞද්ගලික මෝල් හිමියන් රුපියල් 90-100 වැනි අඩු මිල ගණන්වලට වී මිලදී ගනිමින් සිටින පසුබිමක, රජය මැදිහත් වී ගොවියාට සාධාරණ මිලක් ලබාදීමට නම් ගබඩා පහසුකම් කඩිනමින් සලසා ගත යුතු බව ද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

7 Comments

  1. Pakaya , import kale ehenam huttige putha , market ekata dapiyako

    ReplyDelete
    Replies
    1. Aparde ubata wade baradenna thibuna...Uba inna thana madi...Aprade

      Delete
    2. ඔව් මූ කොමිස් කුට්ටි ගහ ගහ කන්න බැරි හාල් රාජ්‍යය සේවකයින්ට දෙනවා.මුන්ට ගගල පන්නන්න ඕන සක්කිලි.

      Delete
    3. ඔය "අපරාදේ වැඩේ උඹට බාරදෙන්න තිබුණේ" කියලා කොමෙන්ට් දාපු හරකට කියන්නේ. යකෝ මොන ලබ්බටද එහෙනම් පිටරටින් හාල් ගෙන්නුවේ. සහල් අතිරික්තයක් තියෙද්දී පිටරටින් ගෙන්නන්න පිටකොටුවේ තොග මුදලාලි කෙනෙකුට දුන්නා නම් හරිනේ ඒකට ආණ්ඩුවක් ඕනද? ඔහොම ඇහුවේ අපි නෙවෙයි උඹලගේ හාම්පුතාලා ඡන්දෙට කළින්, ඒ කියන්නේ කොමිස් වල රස දැනෙන්න කළින්. තෝ වගේ හරක්ට ඕවා තේරෙන්නේ නෑ මොකද නියපොත්තේ ඉඳන් වහල්කම.

      Delete
  2. Ayi huttho okkomala expert kiwwe okkoma waddo kiwwe karana hati dannaw kiwwe , ekane apith vote kale , api mokatada pako anduwa thiyeddi tho dobi unta api dobi neme pakayo

    ReplyDelete
  3. අත යටින් ගාණක් තියාගන්න ගජ මිතුරු මහ මෝලෙකුට වී ටික කොටන්න දෙන්න හැදුවා චාටර් උනා වැඩේ හරි ගියේ නෑ ඊළඟට බියර් හදන්න හාල් ටික විකුණන්න හැදුවා ඒකත් චාටර්.කන්න ගාණක් පරණ ඒ ටික දැන් රජයේ සේවකයන්ටවත් කවපන්.

    ReplyDelete
  4. ඇත්තටම මේ කාලකන්නි ආන්ඩුව ඉල්ලා අස්වෙන්න ඕන. රට සංවර්දනය කිරීමක් තියා මිනිස්සුන්ට කන්න දෙන්න බෑ මුන්ට. තේ ෆැක්ටරි 250ක් වැහිලා. ගාමන්ට් සෑහෙන්න වැහිලා. මේ අයට කොමිස් කුට්ටි දෙන වියාපාර අති මහත් ලාබ ලබනවා පොඩි මිනිහට වියාපාරයක් කරන්න බැරි වෙන්නම. ඉවත්වෙනු❌❌⭕️⭕️🛑🛑

    ReplyDelete
Previous Post Next Post