ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර නව ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරයි.
සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, මෙම නව ගිවිසුම මඟින් ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම අහුරා ලන පවුරක් වනු ඇති බවයි.
හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ පාලන සමයේ අත්සන් කරන ලද ‘JCPOA’ ගිවිසුම දැඩි ලෙස විවේචනය කළ ට්‍රම්ප්, එම පැරණි ගිවිසුම ඉරානයට න්‍යෂ්ටික අවි කරා යාමට පාවා දුන් පහසු මාවතක් වූ බවත්, ඊට ප්‍රතිලෝම වශයෙන් තමාගේ නව ගිවිසුම හරහා ඉරානය න්‍යෂ්ටික අවි ලබා ගැනීම, සංවර්ධනය කිරීම හෝ මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නතර වන බවත් අවධාරණය කළේය.
එසේම මෙම නව එකඟතාවය යටතේ කිසිදු මුදල් හුවමාරුවක් සිදු නොවන බවත්, ගිවිසුම අත්සන් කළ වහාම හෝමූස් සමුද්‍ර සන්ධිය සියලු දෙනා වෙත විවෘත වන බවත් ඔහු සඳහන් කර ඇත.
මෙම සාමකාමී ක්‍රියාවලිය සාර්ථක නොවුවහොත්, මින් පෙර කිසිදා භාවිත කර නොමැති ‘අවසාන විකල්පය’ වෙත යාමට තමන් පසුබට නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩිව කියා සිටියේය.
ඒ අනුව, මෙම සාමකාමී එකඟතාවන්ට පැමිණීමට අපොහොසත් වුවහොත්, ඇමෙරිකානු B-2 ප්‍රහාරක බෝම්බ හෙලන යානා සහ දක්ෂ ගුවන් නියමුවන් යොදවා ඉරානයේ සඟවා ඇති න්‍යෂ්ටික ද්‍රව්‍ය විනාශ කරමින් නැවත වරක් ප්‍රහාර එල්ල කරන බවට ඔහු වක්‍රව අනතුරු අඟවා තිබේ.
කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ දිගුකාලීන සාමය උදෙසා මෙම ක්‍රියාවලිය වේගවත්ව සහ සුමටව සිදුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ඒයි ගහන්ඩෙපා ඈ, ලංකාවෙ උන් රුසියාව එක්ක සෙට් වෙලාඇමරිකාවට ගහන්ඩ ඉන්නේ කුඩු වෙන්ඩ.
ReplyDeleteThel mila saha dollar eka pahala bahida? Ehema une nathnam wena mokak hari hethuwak hoya ganna wenawa.
ReplyDeleteමහන්සි වෙන්න එපා නපුංසකයෝ... වැඩේ හරි
Delete