අත්දැකීම් නැති පිරිසකට ආණ්ඩු බලය ලැබිලා රටම අවුලක.. ගොඩගන්න පුළුවන් සජබෙට විතරයි...


 අත්දැ­කීම් නොමැති පිරි­සක් අතට ආණ්ඩු බලය ලැබී­මෙන් රට අවුල් ජාල­යක් බවට පත්ව ඇතැයි සමගි ජන­බ­ල­වේ­ගයේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ. හලීම් පව­සයි.

ආණ්ඩු­වට ඡන්දය දුන් ජන­තාව කල­කි­රී­මට පත්ව ආණ්ඩු වෙන­සක් අපේ­ක්ෂා­වෙන් කට­යුතු කරන බවත් රට වැටී තිබෙන තත්ත්ව­යෙන් ගොඩ­ගැ­නීමේ හැකි­යාව ඇති පිරිස සිටින්නේ සමගි ජන­බ­ල­වේ­ගයේ බවත් ඒ මහතා කීය.

සමගි ජන­බ­ල­වේ­ගයේ මහ­නු­වර දිස්ත්‍රික් බල­ම­ණ්ඩල රැස්වී­මෙන් අන­තු­රුව මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ. හලීම් මහතා මෙසේ ද පැව­සීය.

“ජාතික ජන­බ­ල­වේග ආණ්ඩුව පත්වු­ණාට පස්සේ මේ අය මොන­වද කරන්නේ කියා අපි අවු­රුදු දෙකක් බලා­ගෙන හිටියා. මැති­ව­ර­ණ­යේදී ජන­තා­වට දුන්න පොරොන්දු කිසි­වක් මේ අය ඉටු කරන බවක් තාමත් පේන්න නැහැ. දැන් අපි බලා හිටියා ඇති. ප්‍රධාන විප­ක්ෂය ලෙස අපි මේ ආණ්ඩුව ගෙන­යන ජනතා විරෝධී වැඩ­පි­ළි­වෙ­ළට විරු­ද්ධව නැඟී සිටිය යුතුයි. දව­සින් දවස ජන­තාව පීඩා­වට පත්වෙ­නවා. ජීවන විය­දම පාල­නය කරන්න ආණ්ඩු­වට වැඩ­පි­ළි­වෙ­ළක් නෑ.

ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ පාලන කාල­යේදී රට බංකො­ලොත් වුණා. ඒ වෙලාවේ අපේ වාස­නා­වට අපිට යළි නැඟී­සි­ටින්න ලෝකයේ අනෙ­කුත් රට­වල් උදවු කළා. මැද පෙර­දිග යුද­මය තත්ත්ව­යත් එක්ක අද ලෝක­යම අසී­රු­තා­වට පත්වෙලා. සෑම රටක්ම පාහේ ආර්ථික අර්බු­ද­ය­කට මුහු­ණ­දෙ­නවා. එවැනි පසු­බි­මක අපේ රට ආර්ථික අතින් වැටු­ණොත් අපට උදවු කරන්න කවු­රු­වත් ඉදි­රි­පත් වෙන්නේ නැහැ. මේක ඉතාම අවා­ස­නා­වන්ත තත්ත්ව­යක්. අත්දැ­කීම් නැති පිරි­සක් අතට බලය ලැබීම නිසා තමයි අද රට මෙත­රම් අර්බු­ද­කාරී තත්ත්ව­යක් කරා ගමන් කර­මින් තිබෙන්නේ. මේ රට ඉතාම ඉක්ම­නින් බාර­ගන්න අපි බලා­පො­රොත්තු වෙනවා. ජන­තාව ඒ වෙනස අපේ­ක්ෂා­වෙන් බලා සිටි­නවා. පුළු­වන් නම් පළාත් සභා මැති­ව­ර­ණය පව­ත්වන්න කියා අපි ආණ්ඩු­වට කිය­නවා.” 

8 Comments

  1. SAJABE gaththoth oita hapan wevi.

    ReplyDelete
    Replies
    1. Ow ow sahodarita kiyala Dollaruth Lankawema achchu gahala. Ape thel tikath goda gaththa nam api goda. Jalani ariyawage dharshanaya anuwa rata goda ganne ehemai.

      Delete
  2. අනේ ඕන නෑ. සජබෙට ඉන්න විදිහටම ඉන්න කියන්න.

    ReplyDelete
  3. හර්ෂ වගේ අය නම් ගොඩක් හොඳයි. ඒත් අනිත් සජබ සෙට් එක නම් මාලිමවට වැඩිය චුට්ටයි හොඳ.

    ReplyDelete
    Replies
    1. Atthata? Uba owa kiyapan hodiye lamainta... Uba ena pota api dannawa...Gihin Ranilta puka deepan

      Delete
    2. ජෙප්පො ඕන දේකට උත්තර දෙන්නෙ අසූචි මිශ්‍ර කුණුහරුප වලින්.

      Delete
  4. මෙක දැනී දැනී අපිත් දුන්නා නේද.

    ReplyDelete
  5. සජබෙ නරක නැහැ.
    ඒත් ආණ්ඩු බලය ගන්න නම් ජෙප්පො ඉස්සර කළාවගේ කෙළවෙන්න ඉඩදෙන්න ඕනෙ.
    සජිත්ට කෝචෝක් කරද්දිත් පැනල දෙන්න ගිහින් නිකං සවුත්තු වෙනව.
    අනේ ප්ලීස් එපා කියද්දි මොන කෙහෙල් මලකටද උපදෙස් දෙන්න, උපකාර කරන්න යන්නෙ.

    ReplyDelete
Previous Post Next Post