සහස්පුර වැසියන්ගේ විරෝධතා සාධාරණයි.. වැරැද්ද හිටපු පාලකයන්ගේ..


 පරිදි නඩත්තු නොකිරීමට එරෙහිව සහස්පුර නිවාස සංකීර්ණයේ වැසියන් සංවිධානය කළ උද්ඝෝෂණය අතිශය සාධාරණ එකක් බව නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

තමන්ගේ අයිතීන් සහ අවශ්‍යතාවන් දිනා ගැනීම සඳහා ජනතාව අරගල කිරීම සාමාන්‍ය ස්වභාවයක් බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, සහස්පුර නිවාස සංකීර්ණයේ පවතින ගැටලුව පිටුපස බරපතළ පසුබිමක් ඇති බවද අවධාරණය කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාර්ශව තුනක ක්‍රියාකාරීත්වය හේතුවෙන් සහස්පුර අහිංසක වැසියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.

නාගරික ප්‍රදේශවල ජීවත් වූ ජනතාව මෙම මහල් නිවාස වෙත ගෙනැවිත් පදිංචි කළ පසු තමන්ගේ වගකීම් අවසන් යැයි පැරණි පාලකයින් සිතූ බවත්, ජනතාවගේ සමාජයීය හෝ දෛනික ජීවිතය පිළිබඳව ඔවුන් කිසිදු අවධානයක් යොමු නොකළ බවත් ඔහු පැවසීය.

මිලියන ගණන් වැය කර ඉදිකළ ව්‍යාපෘති නිසි පරිදි නඩත්තු කිරීමට හෝ ඒ පිළිබඳ වාර්තා කිරීමට අදාළ නිලධාරීන්ට වුවමනාවක් නොතිබූ බව නියෝජ්‍ය ඇමතිවරයා චෝදනා කළේය.

නිවාස සංකීර්ණයේ ජීවත් වන, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සුළු පිරිසක් ද මෙම පොදු දේපළ නිසි පරිදි පවත්වාගෙන යාමට බාධාවක්ව සිටි බව ඔහු අනාවරණය කළේය.

මෙම තත්ත්වය හමුවේ සහස්පුර නිවාස සංකීර්ණයේ ඇති විදුලි සෝපාන (ලිෆ්ට්) 6න් 3ක්ම වසර තුනක පමණ කාලයක සිට ක්‍රියාවිරහිත වී තිබූ අතර, මේ වසර මුල වන විට ක්‍රියාත්මක වී ඇත්තේ එක් විදුලි සෝපානයක් පමණි. ඉවසීමේ සීමාව ඉක්මවා යාම නිසා ජනතාව මෙලෙස පාරට බැස උද්ඝෝෂණය කිරීමට පෙළඹුණු බව හෙතෙම සඳහන් කළේය.

පවතින තත්ත්වයට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා දැනටමත් පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉදිරි සැලසුම් කිහිපයක් මෙසේ පැහැදිලි කළේය.

"දැනට සහස්පුර කැඩී ඇති විදුලි සෝපානයක් අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ 39ක මුදලක් අනුමත වී තිබෙනවා. රාජ්‍ය ආයතනවල පවතින නීතිමය ක්‍රමවේදයන්ට අනුව කටයුතු කරමින් ඉදිරි මාසයක් ඇතුළත එම විදුලි සෝපානය යථා තත්ත්වයට පත් කිරීමට අපිට පුළුවන්. ඒ වගේම, ජපානයෙන් අලුත්ම විදුලි සෝපානයක් ඇණවුම් කරලා තියෙන්නේ. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. මේ ගතවන කාලය ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් නොවන බව අපි දන්නවා, නමුත් පවතින අර්බුදයෙන් ජනතාව මුදාගැනීමට උපරිමයෙන් කටයුතු කරනවා."

මහල් නිවාස සංකීර්ණවල පවතින මෙවැනි අඩුපාඩු රැසක් නිරාකරණය කිරීම වෙනුවෙන් මේ වසරේදී "Metro Uplift" නමින් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා රුපියල් මිලියන 1160ක මුදලක් වෙන් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ යටතේ කොළඹ අනෙකුත් මහල් නිවාසවල පවතින අඩුපාඩු සොයා බැලීමද අඛණ්ඩව සිදුවේ. ඒ අනුව, මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි 'ලක් හිරු සෙවණ', 'ලක්සෙත' සහ 'සියසෙත සෙවණ' යන මහල් නිවාස සංකීර්ණ වෙතද තමන් නිලධාරීන් සමඟ ගොස් එහි පවතින ගැටලු නිරීක්ෂණය කර, ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළ බව නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

11 Comments

  1. ඵරංග මේ වගේ ගොන් වස්සෙක් කියලා මම නම් හිතුවේ නෑ

    ReplyDelete
    Replies
    1. Mahindalage waradda SF wage kalakanniyek Yuddeta gawa gatta eka. me SF pakaya nethuwa Yudde karanam thamath Mahinda thamai janadipathi (2005-Present).Enam rata patta widiyata diyunu wela tiyei.Aparade ape karume...

      Delete
  2. ඌ ඕලෙවල් ෆෙල් එකෙක් නේ බං .. ඉතිං ගොං වස්සෙක් නොවී තියෙයිද?

    ReplyDelete
  3. පොල් ගැවද අවුරුදු එකහමාරක්

    ReplyDelete
  4. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedNewGovernment #Elections

    ReplyDelete
  5. Mr. Minister, you are now in charge—not the past regimes. The residents of these multistory flats must also pay a monthly maintenance fee for services such as lift operation, garbage disposal, and more

    ReplyDelete
  6. පාපිස්සො හිටපු උන් සහස්පුර නිවාස සංකීර්ණය ඇතුළු වැඩ රාශියක් කරා තොපේ කෙකෙනහිලිකම් මැද්දෙ. තොපිට එවැනි දෙයක් තියා ඒ මිනිස්සු ඉදිකරපු දෙයක් නඩත්තු කරගන්නවත් බෑ රොඩියො.

    ReplyDelete
  7. හිටපු එවුන්ට තමයි තවමත් තොපි දොස් කියන්නේ. තොපේ නොහැකියාව. Hipatuwa. ඕකට ද මිනිස්සු තොපිට ඡන්දෙ දුන්නෙ.

    ReplyDelete
  8. හොද වැඩේ ලක්ෂ 68 මී හරකුන්ට. තව මදි තව මදි.

    ReplyDelete
  9. ලඟදීම ගුටි කෑමට නියමිත පාහර බල්ලෙක් 🤮😡

    ReplyDelete
  10. බලය ඇරං අවුරුද්දයි මාස නවයයි. මොනවද කලේ කියපන්.අච්චර වෙන් කරා කරා මෙච්චර වෙන් කරා කිව්වට වැඩක් පටන් ගත්ත වැඩක් ඉවර කරපු දෙයක් පෙන්නපන්.උඹලගෙ කයිවාරුව හරියට උඹලගෙ මහ එකා උගේ ගමේ දුම්රිය ස්ථානයේ වැඩිදියුණු කරන්න ශාක්‍යතාධ්‍යයනයට මිලියන සීයක් වෙන් කරා වගේම අයවැයෙන්.ඒවත් උගේ කටින් හැලිච්ච වචන ටික විතරයි.නොදකින් තොපි නම්

    ReplyDelete
Previous Post Next Post