ශවේන්ද්‍ර දේශපාලයටද..? මහ ඇමති සටනට යයි පෝස්ටර්..


තමන් උතුරු මැද පළාතේ මහ ඇමති ධුරය සඳහා තරග වදිමින් දේශපාලනයට අවතීර්ණ වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්
, සක්‍රීය දේශපාලනයට පිවිසීමේ කිසිදු සූදානමක් තමන් තුළ නොමැති බවත් හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරයි.

"ජාතික වීරයා උතුරු මැද පළාතෙන් මහ ඇමති සටනට!" යනුවෙන් ඔහුගේ රුව සහිතව පළ වූ මෙම ප්‍රචාරක පෝස්ටරය හේතුවෙන් ඔහු දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමට සූදානම් වන බවට පසුගියදා සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණි.

මෙම ප්‍රචාරයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු හමුදාපතිවරයා කියා සිටියේ, කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එක්වීමට හෝ පක්ෂ දේශපාලන කටයුතුවල නිරත වීමට තමන්ට කිසිදු අදහසක් නොමැති බවයි.

ජාත්‍යන්තර ආරක්ෂක සමුළුවකට සහභාගී වීම සඳහා දැනට චීනයේ රැඳී සිටින ඔහු විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මෙම කරුණු පැහැදිලි කළේය.

සක්‍රීය දේශපාලනය ප්‍රතික්ෂේප කළද, මව්බිම වෙනුවෙන් ඕනෑම අවස්ථාවක අවශ්‍ය වගකීම් පැවරෙන්නේ නම් ඒ සඳහා කැපවීමට තමන් සැම විටම සූදානම් බව හිටපු යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය. දේශපාලන බලලෝභිත්වයෙන් තොරව, ජාතික ආරක්ෂාව සහ රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා කළ හැකි සෑම සේවයක්ම ඉටුකිරීම තම මූලික පරමාර්ථය බව ඔහු තව දුරටත් පෙන්වා දුන්නේය.

එහිදී තමන්ගේ ප්‍රමුඛතම කාර්යය වන්නේ දශක කිහිපයක් තිස්සේ පැවති කුරිරු යුද්ධය හේතුවෙන් පීඩාවට පත් වූ සහ ජීවිතාන්තය දක්වා ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටීම බව සිහිපත් කළ ඒ මහතා, එම උදාර සේවය තම හදවතට ඉතා සමීප කාර්යයක් වන බව ද පැවසීය.

එල්.ටී.ටී.. ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා දියත් කළ මානුෂීය මෙහෙයුම පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක අංශ සටන් වැදුණේ කිසිදු ජනවාර්ගික ප්‍රජාවකට එරෙහිව නොව සමස්ත රටම වෙළාගෙන තිබූ බිහිසුණු ත්‍රස්තවාදයට එරෙහිව පමණක් බව නැවත වරක් සිහිපත් කළේය.

එහෙත් අවාසනාවකට මෙන්, ඇතැම් බටහිර රටවල් කිසිදු පැහැදිලි හෝ වාස්තවික සාක්ෂියකින් තොරව ශ්‍රී ලාංකික රණවිරුවන්ට එරෙහිව අසාධාරණ ලෙස කටයුතු කරමින් සිටින බවත්, ජාත්‍යන්තර ප්‍රජාව මෙම සත්‍යය තේරුම් නොගැනීම කනගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා හමුදාවේ ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම යොමු වී තිබුණේ ත්‍රස්තවාදය පරාජය කර රටේ භෞමික අඛණ්ඩතාව සහ දෙමළ ජනතාව ඇතුළු සමස්ත වැසියන්ගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මිස, සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් නොවන බව ඒ මහතා ස්ථිරවම කියා සිටියේය.

එබැවින් යුද සමයේදී රට වෙනුවෙන් ජීවිතය සහ තරුණ කාලය කැප කළ රණවිරුවන් දෙස ජාත්‍යන්තරය වඩාත් සාධාරණ සහ සමබර දෘෂ්ටිකෝණයකින් බැලිය යුතු කාලය එළඹ ඇති බව පවසමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.  

15 Comments

  1. මෝඩ ජෙප්පො මදිවට ගොන් බදින් මස් වැද්දොත් දේසපාලනේට

    ReplyDelete
    Replies
    1. රණවිරුවන්ට වෛර කරන, ඩයස්පෝරාවෙන් යැපෙන එකෙක් කොමෙන්ට් කොටල.

      Delete
    2. පතිරණ ගලප්පත්තිJune 5, 2026 at 10:45 PM

      මොක්කු බොල? ජෙප්පන්ට මෝඩයෝ කියන්ඩ එපා ඕයි, උන් තමයි රටේ දක්ෂම පිරිස. 2% යි දේශීය විශ්වවිද්‍යල වලට යන්ඩ ලැබෙන්නේ, ඉතුරු 98% තොපි වගේ වුන්. මේ 2% තමයි එන්.පී.පී. ආණ්ඩුවට නායකත්වය දෙන්නේ. රටේ දක්ෂම පිරිස තමයි දැන් රාජ්‍ය නායකත්වය හොබවන්නේ. කීපදෙනෙක් ඉන්නවා ගැලරියට කථා කරන්ඩ දාපු, ඒත් සමස්ථ යාන්ත්‍රණය විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වෙනවා. මීට වඩා හොඳ ආණ්ඩුවක් ලැබෙන් නෑ, මේ කපේකට. ඒ නිසා මේ ආණ්ඩුව වෙනස් වෙන්නෙත් නෑ.

      ඔය ශවේන්ද්‍ර දේශපාලනයට එනවා කියපු කථාව බොරුවක්. ඒක බොරුවක් කියලා තමා නිව්ස් එකේ තියෙන්නෙත්. මීට පස්සේ ටයිට්ල් (මාතෘකාව) විතරක් බලලා කමෙන්ට් දාන්ඩ එපා, ලිපියත් කියවලා බලපන්.

      Delete
    3. පතිරණ ගලප්පත්ති කියන ජාතකේ ශුවර් නැති මී හරක් හුත්තො, අපිත් ඔය 2% වුනාට ජේවීපී පකයන්ට විරුද්ධයිනෙ.

      Delete
    4. මුන්ට මේ ශාවේන්ද්‍රලත් එක්ක ඇරියස් තියෙන්නෙ ශාවේන්ද්‍රල, කමල්ල, චාගිල, ප්‍රසන්නද සිල්වල ඇතුලු රණවිරුවො උන්ගෙ අතිජාත වේලුවා ඇතුලු 
      සෙට්එක නන්දිකාල් යවපු හින්ද.

      ෂුවර් එකටම මේ උඩම කොමෙන්ට් දාපු එකා අර කුමාර් ගුණරත්නම් කියන පාහර බල්ලගෙ පුක ලේවකන එකෙක්.

      Delete
    5. මස් වැද්දෙක් නෙවෙයි බං, දාර මිනීමරුවෙක් වගේම හොරෙක්

      Delete
    6. Uge Gaanith horakan Kala expire gon baduwak

      Delete
    7. කාවද හුත්තො ශ්‍රාවේන්ද්‍ර මැරුවෙ? කියපියකො මරපු එව්න්ගෙ නම් ටිකක්.

      Delete
    8. පතිරණ ගලප්පත්තිJune 6, 2026 at 12:51 AM

      අපි 2% වුණාට ජෙප්පන්ට විරුද්ධයි ලු. හෙහ් හෙහ් හෙහ්.... 2% නැට්ට පැත්තෙන් වෙන්ඩ ඇති.

      Delete
  2. ජය වේවා

    ReplyDelete
  3. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedElections #GovernmentChangeIsAMust

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 6, 2026 at 5:28 AM

      එහෙනම් උඹ කීයක් හරි දීපන් පිට රට ඉන්න එකාලාගේ පවුල් වල උදවියට. තෝ හිතුවද පිට රට ඉන්න එවුන් රජයේ භාණ්ඩාගාරයට ඉඳා තියා ගනින් කියලා එවනවා කියලා. යකෝ, තමන්ගේ පවුල්වල අයට එවන්නේ. එහෙම එවන්ඩ ඕනෑ හින්දා තමා උන් රට ගිහින් ඉන්නේ. තෝ මෙතන ඉඳන් මේකේ කොටනවා සල්ලි එවන්ඩ එපා කියලා. තොගෙ මහ එකා ද සල්ලි දෙන්නේ ඒ මිනිස්සුන්ට එතකොට, බූරුවා?

      Delete
    2. ඇයි උඹ ඕක අර අංගවිකල හඳුන්නෙත්තියට කිව්වෙ නැත්තෙ?

      Delete
  4. ජවිපෙ ට army එච්චර දිරවන්නේ නැහැ.

    ReplyDelete
  5. පතිරණ Galakapaththi හරි. මේ 2% ආණ්ඩුවක් හදන්න දුන්නා නම් හරි. අපි modayo වගේ ඡන්දෙ දීල දැන් මේ බල්ලන්ගේ pampori කතා අහනවා. නොදකින් විතරක්.

    ReplyDelete
Previous Post Next Post