ගත්ත බලය ආපහු දෙන්නෑ.. රට හදන්න පුළුවං අපට විතරයි..- මාලිමා මන්ත‍්‍රී


ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගත්තේ එය නැවත පරාජිත දේශපාලන කල්ලි වෙත භාර දීමට නොව, ඉතිහාසය පුරා පීඩාවට පත් වූ පොදු ජනතාව වෙනුවෙන් රට ගොඩනැගීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා අවධාරණය කරයි.

පසුගියදා පැවැති ජන හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, “මේ රට හදන්න පුළුවන් අපට විතරයි. අපි මේ බලය ගත්තේ ආපහු දෙන්න නෙමෙයි. අපි මේ බලය ලබා දෙන්නේ අපෙන් පස්සේ මේ රටට ආදරය කරන අපේ පන්තියේ මිනිස්සුන්ට විතරයි” යනුවෙනි.

අතීතයේදී පාර්ලිමේන්තුව සහ නගර සභා නිර්මාණය කර තිබුණේ ප්‍රභූ පන්තියේ පිය උරුමයෙන් පුතුට බලය යන ක්‍රමවේදයකට වුවද, අද වන විට සාමාන්‍ය දුප්පත් මව්පියන්ගේ දරුවන් එම ස්ථාන නියෝජනය කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

ආණ්ඩුව මාස දෙකකින් හෝ හයකින් වැටෙනු ඇතැයි පවසමින් විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් තමන්ගේ පාක්ෂිකයන් රඳවා ගැනීම සඳහා කරන බොරු සටන් පාඨ පමණක් බවත්, මෙම ආණ්ඩුව පෙරළිය නොහැකි බව ජනතාව බිම් මට්ටමින් තේරුම් ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිසිවෙකු පුද්ගලික වරප්‍රසාද හෝ උවමනාවන් වෙනුවෙන් පැමිණ නොමැති බවත්, ඒ අතර සිටින කීර්තිමත් රාජ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන්, ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් සිය ඉහළ වැටුප් සහිත රැකියාවන් පවා අත්හැර ස්වේච්ඡාවෙන් රට වෙනුවෙන් සේවය කරන බවත් බියන්විල මහතා ප්‍රකාශ කළේය. ඔවුන්ගේ එකම අරමුණ ජනතාව බලාපොරොත්තු වන ලස්සන රටක් නිර්මාණය කිරීම බව ඔහු පැවසීය.

ඕනෑම පක්ෂයක සිටින දක්ෂ, හොරකම් සහ වංචා නොකරන පිරිස් රටේ ආර්ථිකය ගොඩනැගීමේ කාර්යයට සම්බන්ධ කර ගැනීමට ආණ්ඩුව සූදානම් වුවද, පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් වෙනත් පක්ෂවලින් තම පක්ෂයට බඳවා ගැනීමේ "පිල්මාරු සංස්කෘතියට" තමන් ඉඩ නොදෙන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ඒ සඳහා ඉදිරියේදී නව පනතක් ගෙන ඒමට ද බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ක්‍රීඩාව, කලාව ඇතුළු සියලු ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් මේ රට ලෝකයේ හොඳම රට බවට පත් කිරීමට තම රජය උපරිමයෙන් කැපවන බව ද සුනිල් බියන්විල මහතා මෙහිදී ප්‍රකාශ කළේය

13 Comments

  1. Of course, all educated people from NPP were selected to the parliament, but some have no knowledge, some have zero experience, some have no degree certificates, and, some have false degrees, ha ha ha :)))))

    ReplyDelete
  2. ආරියතිලක

    අපි මේ බලය ගත්තේ ආපහු දෙන්න නෙමෙයි. අපි මේ බලය ලබා දෙන්නේ අපෙන් පස්සේ මේ රටට ආදරය කරන අපේ පන්තියේ මිනිස්සුන්ට විතරයි”

    බලය ගත්තේ නැත. ජනතාවගේ පරමාධිපත්‍යයයේ බලය දුන්නා ය. නමුත් වර්ෂ පහකට ය. බලයේ තබා ගන්නවාද නැද්ද යන්න තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ජනතා පරමාධිපත්‍ය අතේ ය. එය ආණආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ජනතාව හා අධිකරණය තීරණය කරනවා ඇත. තවත් එක් දෙයක් මතක් කර දීම වටී. බටලන්ද කොමිෂන් වාර්තාව අනුව ඉදිරියට එන නීති කෘත්‍ය මත ය. ඒ පිලිබඳ දිගින් දිගට අප විසින් කරුණු දක්වන ලදී. නැවත එය මෙසේ දක්වජ්ජ්ජි

    බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ ආණ්ඩුවේ කැව්බිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද හේතුවෙන් ද, පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් ද, බටලන්ද කොමිෂන් සභා වාර්ථාව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය.. බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලිව සඳහන් කොට තිබේ. මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ක්‍රියා කළ බව, රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදී ක්‍රිය කළ සංවිධානයක් බව, ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය.


    මෙකරුණින් ආණ්ඩුක්‍ර්ම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාවේ (1),(2),(3), (4),5, (6) ව්‍යවස්ථා ප්‍රකාරව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ද එම පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව ලෙස නිත්‍යානුකූල බවින් යුතුව ක්‍රියා කරමින් ඇති ජාතික ජන බලවේගය පක්ෂය ද හා ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු සංවිධාන , මෙම පක්ෂ දෙකේ ම චංචල නිශ්චල සියලු දේපොළ ද අරමුදල්, බැංකු ගිණුම්, පාර්ලිමේන්තු මන්‍ත්‍රීධූර, පලාත් පාලන මන්ත්‍රී ධූර,
    2024 පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ජන බලවේගයේ
    නාම යෝජනා පත්‍රය ද, 2025 පාලාත් පාලන මැතිවරණ නාම යෝජනා පත්‍රය (මාලිමාවේ) බල රහිත කිරීම ද, අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පඔක්ෂ දෙකේ ම නායකයා බැවින්, 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාම යෝජනා පත්‍රය බල රහිත කිරීමෙන් ජනාධ්පතිධූරය ද බල රහිත කළ හැක්කේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ප්‍රකාරව බල පවත්නා වූ සියලු ධූර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව, උල්ලංඝනය වීම මත (7 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ද මෙයට අදාළ කර ගත යුතු ය.) ජනතා විමුක්ති පෙරමුණෙහි හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝ සාමාජිකත්වය දරණ රාජ්‍ය නිළධාරීන්ගේ රැකියාවන් ද බල රහිත කොට රැකියාවෙන් නෙරපා හැරිය හැක්කේ ය. ඔවුන්ගේ චංචල නිශ්චල දේපොළ යම් පමණකට රජසන්තක කළ හැක්කේ ය. එපමණක් ද නොව දණ්ඩ නීති සංග්‍රහයයේ 114,115,116,117,118,119,120,121,122වගන්ති ප්‍රකාරව රාජද්‍රෝහී වරද මත ක්‍රියා කොට 1987/88/89 ජවිපෙ කැරල්ලට සම්බන්ධ වූ ජවිපෙ සාමාජිකයන්ට දඬුවම් කළ හැක. උපරිම මරණීය දණ්ඩනය ද, අවුරුදු 20 ක් දක්වා හිර දඬුවම් ද සියලු දේපොළ රාජ සංතක කිරීමට ද හැකියාව ඇත්තේ ය. අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ 1987/88/89 කැරැල්ලේ සිටිය බව ඔහු විසින් ම වාචිකව කියන ලද බව අප දැක ඇත. එම කැරැල්ලට සම්බන්ධව, දැනට ජීවතුන් අතර සිටින සියලු ජවිපෙ සාමාජිකයන්ට (දැනට පක්ෂයට සම්බන්ධ කම් නැති, ජවිපෙ දෙවෙනි කැරැල්ලේ සිටි අයට ද) දණ්ඩ නීති සංග්‍රයේ ඉහත දැක්වූ වගන්ති ප්‍රකාරව නඩු පවරා දඬුවම් කළ හැක.


    වත්මන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන්, බටලන් ද කොමිෂන් සභා වාර්ථාව, කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් ජනාධිපතිවරයා ජවිපෙ දෙවැනි කැරැල්ලේ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව, විවාදයකින් තොරව ඔප්පු කොට හමාර ය. එය අධිකරණයේ දී ඔප්පු කිරීමේ භාරයක් නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළි ගැනීමෙන් ම එය ඔප්පු කොට හමාර ය. ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
    157අ ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෝ අභියාචනාධිකරණයේ දී හෝ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ඔප්පු කිරීමේ භාරය, සැකයකින් තොරව ඔප්පු කිරීමේ භාරයෙන්, ද නිදහස් ය. හෙවත් ජනාධිපතිවරයා හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය විසින් ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්ත සංවිධානයක් බව
    ඔප්පු කොට දී ඇත.



    ReplyDelete
  3. ඉතිරි කොටස....

    ආරියතිලක


    වත්මන් ජනාධිපතිවරයා රාජද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දරමින් ජනාධිපති ධූරය දරන බව මෙකරුණින් ඔප්පු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ම ය. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානය නායකත්වය දරමින් ජනාධිපතිධූරක් දරණ එක ම රට ශ්‍රී ලංකාව බව ද මෙකරුණින් ඉතිහාස ගත වනවා ඇත.


    ත්‍රස්තවාදී කල්ලියක විසින් හෝ ත්‍රස්ත කල්ලියක, නායකත්වය දරණ පුද්ගලයෙකු විසින් හෝ එම ත්‍රස්ත කල්ලියේ දර්ශනය අත් නො හැර, කවර කාලයකවත් සාධාරණය කරන ලද බව ලෝක ඉතිහාස ය ඔප්පු කොට නැත්තේ ය.

    දණ්ඩ නීති සංග්‍රහයේ VI වන පරිච්ඡේදයෙහි සියලු වගන්ති ප්‍රකාරව නඩු පැවැරීමේ හැකියාවක් සිවිල් වැසියන්ට නැත්තේ ය. පොලීසියට කරන ලද පැමිණිල්ලක් මගින් පොලීසියට ද සෘජුව නඩු පැවරීමට හැකියාවක් නැත. එම බලය ඇත්තේ නීතිපතිවරයාට ය. නීතිපතිවරයාගේ ලිඛිත අවසරයක් තිබිය යුතු ය. දණ්ඩ නීති සංග්‍රහයේ 127 වගන්තියෙන් එම බලය නීතිපතිවරයාට පමණක් පවරා ඇත. වෙනත් කිසිවෙකුට නඩු නො පැවරිය හැක.

    එම දණ්ඩනීති සංග්‍රහයේ 127 වන වගන්තිය නම්;

    “127 මේ පරිච්ඡේදය යටතේ නඩු පැවරීමට නීතිපතිගේ බලය වුවමනා බව;

    මෙම පරිච්ඡේදය යටතේ කිසිම නඩුවක් නීතිපති විසින් හෝ ඔහුගේ ලිපිගත බලය ඇතිව විනා, නොපැරවිය යුතු ය.”


    දණ්ඩනීති සංග්‍රයේ 114, 115, 116, 117,118,119,120,121,122 යන වගන්ති ප්‍රකාරව නඩු පැවරීම කළ හැක්කේ නීතිපතිවරයාට හෝ ඔහුගේ ලිපිගත බලය මත පමණ ය.


    බටලන්ද කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළිගැනීමෙන් එහි සඳහන් සියල්ල ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව විසින් පිළිගන්නා ලදී. එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කොට, නීතිපතිවරයා වෙත නීති කෘත්‍ය සඳහා යොමු කර තිබේ. ඒ 2025.04.29 දින ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසිනි. තව ම ඒ පිළිබඳව නීතිපතිවරයා විසින්, බටලන්ද කොමිෂන් සභා
    වාර්තාවේ වැරදි කරුවන් ලෙස සඳහන් කොටඇති පුද්ගලයන්ට හා රාජද්‍රෝහී ත්‍රස්ත ක්‍රියා කළ බව සෘජුව චෝදනා කොට ඇති ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට අධිකරණ කෘත්‍ය ආරම්භ කොට නැත. නීතිමය අධිකරණ ක්‍රියා ආරම්භ කර නැත. ඒ ස‍ඳහා යාථා කාලයේ නීතිපතිවරයා ක්‍රියා කරනු ඇතයි බලාපොරොත්තුව වෙමු.

    ඒ සමඟ ම 157අ ව්‍යවස්ථාවේ (1)(2)(3)(4)(5)(6) අනුවගන්ති ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය සම්බන්ධව හා එම පක්ෂය සම්බන්ධව ගොඩ නගා ඇති සියලු පක්ෂ, සංවිධාන හා පුද්ගයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අභියාචනාධිකරණයේ ද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පෙත්සම් මගින් නඩු ගොනු කළ හැකි වනවා ඇත. නීතිපතිවරයා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව නීති කෘත්‍ය කිරීම් ප්‍රමාදයන් ඇති නම් ජනතාවට ශේෂ්ඨාධිකරණය මගින් එම ප්‍රමාදයන් වළක්වා ගැනීමට උත්සාහ කට යුත්තේ, රාජද්‍රෝහී ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට බටලන්ද කොමිෂන් වාරතාවෙන් කියා තිබෙන, එම ප්‍රකාශය ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් පිළිගැනීමත් ඇති, ත්‍රස්තවාදී දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂය, රාජ්‍ය බලය මෙහෙය වන බැවිනි.


    ReplyDelete
  4. මු මොන පකෙක්ද
    මු කොහෙද හිටියේ , තෝ පකෝ හිතාගෙන ඉන්නේ එහෙමද පකෝ.

    ReplyDelete
    Replies
    1. මොකෙක් වුනාම මොකද
      පරන හොරුන්ට නම් අයේ බල දෙන්නේ නෑ නෑමයි

      Delete
  5. මුව දැක්කෙත් අදතමය්ය්

    ReplyDelete
  6. පාර්ලිමේන්තුවේ 2/3 බලයක් තියෙන නිසා මුන්ට පාර්ලිමේන්තුවේ බලය තව වාරයක් ඉදිරියට අරගෙන යන්න පුලුවන් වෙනවා. ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වන්න වෙනවා.

    ReplyDelete
  7. හරි හරි පරිස්සම ට තියාගනින්.තවත් ඕන නම් රෝල් කරලා ගහගනින්....#කේ.

    ReplyDelete
  8. රටට කෙල උනත් අපි නොකා නොබී මැරුනත් පරනපහොරුන්ටනම් දෙන්නෙ නෑ😭😭 😭😭 අම්මප අලුත් හොරුන්ටම දෙනව😭😭😭 මැරුනත් රාජපක්ස හොරා කියල මැරෙන්නෙ. ආදරෙයි AKD ❤️❤️❤️ ගල් අගුරු පවා කාල බලන අපේම පන්තියෙ සහොදරයා…

    ReplyDelete
  9. රටට කෙල උනත් අපි නොකා නොබී මැරුනත් පරනපහොරුන්ටනම් දෙන්නෙ නෑ😭😭 😭😭 අම්මප අලුත් හොරුන්ටම දෙනව😭😭😭 මැරුනත් රාජපක්ස හොරා කියල මැරෙන්නෙ. ආදරෙයි AKD ❤️❤️❤️ ගල් අගුරු පවා කාල බලන අපේම පන්තියෙ සහොදරයා…

    ReplyDelete
  10. සිනිමෝදර සංකJune 4, 2026 at 1:58 AM

    ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්

    ReplyDelete
    Replies
    1. ඒකට තමා මල්ලි පුනරුදේ සහ සිස්ටන් චේන්ජ් කියන්නේ

      Delete
  11. ගත්ත බලය ආපහු දෙන්නෑ.. රට හදන්න පුළුවං අපට විතරයි..- මාලිමා මන්ත‍්‍රී සුනිල් බියංවිල මහතා බියෙන් මෙන් පවසයි

    ReplyDelete
Previous Post Next Post