ඇමරිකාවත් කොළඹ වරායේ ව්‍යාපාර කරන්න එයි..


 කොළඹ වරාය සංවර්ධනය සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නංවාලීම සඳහා ඇමරිකානු ආයෝජන ලබාගැනීමට ශ්‍රී ලංකාව සූදානම් වන බව වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේය.

වොෂින්ටන් නුවර පැවති සාගර සහයෝගීතාව පිළිබඳ සමුළුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම උපායමාර්ගික සම්පතක් වන කොළඹ වරායේ යෝජිත ‘ලොජිස්ටික් පාර්ක්’ (Logistics Park) ව්‍යාපෘතිය සහ බටහිර බහාලුම් පර්යන්තය-2 (WCT 2) සංවර්ධනය කිරීම සඳහා පවතින ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කර තිබේ.

දැනට වරාය තුළ පර්යන්ත පහක් ක්‍රියාත්මක වන අතර, පසුගිය වසරේදී බටහිර බහාලුම් පර්යන්තය-1 මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී.

මේ අතර, ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පවතින සාගර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ‘Fleet Broadband’ චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය ලබාදීමට ඇමරිකාව පියවර ගෙන තිබේ. 

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් පෝල් කපූර් මහතා කොළඹ වරායේදී මේ බව නිල වශයෙන් නිවේදනය කළේය. ලොව කාර්යබහුලම නාවික මාර්ගවල ආරක්ෂාව සහ සන්නිවේදනය තහවුරු කිරීමට මෙමගින් අවස්ථාව සැලසේ

6 Comments

  1. ඉතා හොද කාලෝචිත පියවරක්...වරාය විතරක් නෙවේ...මුළු ලංකාවම ඇමෙරිකාවේ ප්‍රාන්තයක් කරගන්න පුලුවන්නම් තවත් හොදයි...එතකොට සුදොන්ටයි, කල්ලොන්ටයි මක්කොන්ටයි කබ්බෝන්ටයි කියල හොදට පොකේ අරවාගෙන සනීපෙට නිදා ගන්න පුළුවන්

    ReplyDelete
  2. ජේ වී පී යේ ලොකු කාලකන්නි උන්දැලා 1970,80 කාලේ කිව්ව විදිය ට ලොකු පාරවල් හැදුවම ඇමෙරිකන් ප්ලේන් බානවනම්...ඔය විදිය ට කොළඹ වරාය ට ආයෝජනේට ආවම ඇමෙරිකන් යුද්ධ නැව් එන්නේ නැති ද.....

    ReplyDelete
  3. චේතනාන්විතව ,වෙෙරීසහගත ලෙසට දූශිත ලෙසට කටයුතු කරනා බව සමස්තයේ අවධානයට,.!June 30, 2026 at 1:37 PM

    මාලිමාවේ පාවාදෙන වහලුන්, වමට සිග්නල් දා දකුණට හරවා, හොරකම්,මිනීමැරීම් ජඩකම් සියල්ල දූශණ වංචාද උපරිමයටම සිදුකරමින් ජන්දය දුන් නොදන් සියල්ල රවටා,බලයට කෑදරව ජාන ගත මුග්ධ වහලුන් ලෙසටම හොර ගිවිසුම් ගසා, ඇක්ස්සා, සෝෆා ,අවසානයේ රට බෙදනා ඵම් සී සී ව්‍යාප්‍රථිය දක්වාම රට දක්කාගෙන යෑමට සැලසුම් කරනා බව සමස්තයේ අවධානයට,.!

    ගිවිසුමක අන්තර්ගතය,වියහැ හානිය අනාගතයේදී ලෝක දේශපාළණ තතවයන් යටතේ ජනතාවට විදිනනට සිදුවන පීඩනය,.
    කිසිදු ලෙස අවධානයට හෝ තක්සේරැවට ලක් නොකරනා මාලිමාවේ දූශත පාවාදෙන වහල් වනචරයන්, 65$ රසියානු බොරතෙල් තිබියදී,700$ කළුකඩයෙන් මිලටගෙන මහජනයා තලා පෙලා සූරා කන ලෙසටම,..
    බදු ගසා දඩ ගසා රාජ්‍යක සවාධිපත්‍යයය මුදලට විකුනනා බවත් නව ගිවිසුම් හරහා ඉදිරියට යා නොහැකිවන ලෙසට ආර්ථිකය සවාධිපත්‍ දූශිත ගිවිසුම් මගින් දූශ්ඨ ලෙසට කෘෘර ලෙසට සිරකර දමා,.

    නැවතවරක් ඉදිරියට වසර දෙසීයක් සැලසුම් සහගතව ,පුරවැසියන්ගේ නිදහස ,සතුට සමාදානය විණාශකර දමා,.

    බටහිර වහළ් පාදඩ පාළකයන් ලෙසටම,..

    සමාජයක් වහල්භාවයේ ගිල්වා,.

    අනාගත පරපුරට මාෘෘභූමියේ අයිතිය අහිමිකිරීමට ,..

    චේතනාන්විතව ,වෙෙරීසහගත ලෙසට දූශිත ලෙසට කටයුතු කරනා බව සමස්තයේ අවධානයට,.!

    ReplyDelete
    Replies
    1. Rice eating cow 's don't understand these things. They just don't have the brains.

      Delete
  4. ''කන්සා තහනම රට තුල දිගටම පවත්වාගෙන යමින් " විශ මත්ද්‍රව්‍ය රට තුලට පොම්ප කරමින් බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් සක්‍රීය ලෙසට පසුතලයේ ක්‍රියාත්මක වන බවට අවධානය,.!June 30, 2026 at 3:40 PM

    නිදහස් ස්වාධීන රටවලට පාළණයට සූකෂම/ උපදේශකයන් ලෙසට, රාජ්‍ය නොවන සංවිධාන ලෙසට මැදිහත් වී, ..

    ''කන්සා වැනි අතිශයින් තීරණාත්මක ඹෟශධ'' සැලසුම් සහගත ලෙස තහනමට ලක්ර,.ජන සමාජයක් සම්පූර්ණයෙන්ම, විණාශ කළහැකි කෘතීම අයිස් හෙරොයින් ඇතුළුව අතිශයින් භයානක විෂ මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් රටවල් තුලට පොම්ප කරනා බවත්,.

    ඵතුලින් මුල් ජනයා විණාශකරනා බවත්,..

    අමෙරිකාව ප්‍රමුඛ බටහිර නාසිවාදීන් හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සිටිනා බවත්,..


    විෂ මත්ද්‍රව්‍යය ජාළයේ නොබිඳිය හැකි ශක්තිමත් පුරැක් වටා සූවිශේෂී සම්බනධතා පවතිනා බවත් ,..

    විෂ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වන ආකාරය නිරීකණය කිරීමේදී දත්ත සාකෂි සහතවම නිරීකෂනය වන බවත්,..

    බටහිර ප්‍රභළ පුද්ගලයන් ඇතුළු 'යු ඵස් අයිඩී' සංවිධානයේ බලල් අත් ලංකාවේ දේශපාලකයන්,වෙෙද්‍යවරැන් යැයි කියනා පිරිස, නීතීඥ ප්‍රජාවේ සුවිශ්ෂී පුද්ගලයන් ද ඇතුළුව පොලීසියේ ප්‍රධාන චරිත සමග සම්බනධ වී ''කන්සා තහනම රට තුල දිගටම පවත්වාගෙන යමින්,..
    " විශ මත්ද්‍රව්‍ය රට තුලට පොම්ප කරමින් බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් සක්‍රීය ලෙසට පසුතලයේ ක්‍රියාත්මක වන බවත්,.

    බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් ඍජුවම විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සක්‍රීය ලෙසටම ක්‍රියාත්මක වන බවට සබුද්ධික සැමගේ අවධානයට,.!

    ReplyDelete
Previous Post Next Post