වහල මත සූර්ය පැනල සවිකර ජාතික පද්ධතියට විදුලිය ලබාදෙන සූර්ය බලශක්ති නිෂ්පාදකයන්ට පසුගිය මාස තුනක් තිස්සේ කිසිදු මුදලක් ගෙවා නොමැති බව සුනිත්‍ය බලශක්ති සුරකින්නන්ගේ සංගමයේ සභාපති දර්ශන ලියනසේකර අනාවරණය කරයි.
දිවයින පුරා සිටින එක්ලක්ෂ තිස් දහසක් වූ මෙම සූර්ය පැනල හිමිකරුවන්ගෙන් සියයට හැත්තෑපහකට අධික පිරිසකට මෙලෙස මුදල් ගෙවා නොමැති බව සභාපතිවරයා අප කළ විමසුමකදී සඳහන් කළේය.
තම ඉඩකඩම් සහ වාහන පවා විකුණා මෙම ව්‍යාපෘති සඳහා ආයෝජනය කළ එම පිරිස මේ හේතුවෙන් අසරණභාවයට පත්ව සිටින බව ද ඔහු කීවේය.
මෙම අර්බුදය හේතුවෙන් මෙරට සූර්ය පැනල සවි කිරීමේ ක්ෂේත්රයේ නිරතව සිටි දේශීය සමාගම් 600න් හරි අඩක් එනම් සමාගම් 300ක් පමණ මේ වනවිට සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
තවද එම සමාගම්වල සේවය කළ 20,000ක් පමණ වූ සේවකයන්ගෙන් සියයට අසූවකට (80%) පමණ අද වන විට තමන්ගේ ජීවනෝපාය සහ රැකියා අහිමි වී තිබෙන බව ද ඔහු පැවසුවේය.
රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට තිස් පහක් (35%) පමණ සපයන්නේ පෞද්ගලික ඩීසල් බලාගාර හිමියන් විසින් බවත් ඔවුන්ට කිසිදු හිඟයකින් තොරව නියමිත වේලාවට මුදල් පියවීමට බලධාරීන් කටයුතු කරන බවත් පෙන්වා දුන් ඒ මහතා රටට ආනයනය කරනු ලබන සීමිත ඩීසල් සැපයුමෙන් පවා ප්‍රමුඛතාව ලබාදෙන්නේ මෙවැනි පෞද්ගලික ඩීසල් බලාගාර වෙත බවද කියා සිටියේය.
මේ අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පෙන්වා දෙන්නේ රජය 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනයෙන් සියයට හැත්තෑවක් (70%) පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීමේ ඉලක්කයක් පිළිබඳව නිරන්තරයෙන් කතා කළද රුපියල් ලක්ෂ 8කට වැඩි මුදලක් වැයකර සූර්ය බල පද්ධති ස්ථාපනය කළ පාරිභෝගිකයන්ට මාස දෙකකටත් වැඩි කාලයක් ගතවී තිබියදීත් අවශ්‍ය සෝලා මීටර් ලබාදීමට නොහැකි වී ඇති බවයි.
ඒ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට බලශක්තිය එක් කිරීමට නොහැකිව විශාල ආයෝජනයක් කළ ජනතාව අසරණ තත්ත්වයකට පත්ව සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
ඇමරිකානු ඩොලර් මිලියන ගණන් වැයකර ආනයනය කරන ලද සූර්ය පැනල් නිවාසවල වහල මත සවිකර තිබුණද එ් සඳහා අවශ්‍ය මීටර් නොමැතිකම නිසා ඒවායේ ප්රතිලාභ ලබාගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණක් යැයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අශිකා ජයවීර

ඇමරිකානු ඩොලර් මිලියන ගණන් වැයකර ආනයනය කරන ලද සූර්ය පැනල් නිවාසවල වහල මත සවිකර තිබුණද එ් සඳහා අවශ්‍ය මීටර් නොමැතිකම නිසා ඒවායේ ප්රතිලාභ ලබාගැනීමට නොහැකි වීම කනගාටුවට
ReplyDeleteekale Anura kiyala porak hitiya parliament eka?
a big quchchan
කැරි අඟුරු කුමාර දිශානායක බදු කොටා කැමති කොමිස් කුට්ටි ගිලින්න පුළුවන් තාපවිදුලි ඩීසල් වලට. කාලකන්නි සක්කිලි තක්කඩි අඟුරු කුමාර පල් හොරා කැරි කොටා.
Deleteමුන් දෙන්න් ආව අය නෙවෙයි. මිනිස්සු මැරුනත් වගේ වගක් නෑ. 45000ක් ඩෙන්ගු රෝගීන්. 25ක් මේවනවිටත් මැරිලා. බෙහෙත් ආහාර ගිනි ගනන්.25% ක් ආහාර හිගයෙන් පෙලෙනවා. අද ඩොලර් එක 342යි. වැඩ බැරි කාලකන්නි ටිකක් පත් කරල පොඩි එවුන් මන්දපෝෂණයෙන් මැරෙනකම් බලන් ඉන්නවා.
ReplyDeleteකැරි අඟුරු කුමාර දිශානායක බදු කොටා කැමති කොමිස් කුට්ටි ගිලින්න පුළුවන් තාපවිදුලි ඩීසල් වලට. කාලකන්නි සක්කිලි තක්කඩි අඟුරු කුමාර පල් හොරා කැරි කොටා.
Deleteඅපේ 5 කිලෝ වොට් ඉන්වර්ටරේකින් ග්රිරිඩ් එකට දෙනව. බිලෙන් අඩුවෙන්න හදල තියෙන්නෙ. මාස දෙකක් තිස්සෙ තඩි බිල් ආව. 25, 30 තිබ්බ බිල එක පාරට 60 + උනා. මේකයි එහෙනන් කේස් එක.
ReplyDelete