ඉහල විනිසුරන්ගේ විශ‍්‍රාම වයස දීර්ඝ කිරීම ගැන මහජන අදහස් විමසුමක්...


 ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) තීරණය කර තිබේ.

ඒ අනුව, ලබන 4 වැනිදා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම සංගමය සඳහන් කරයි.

නීතිඥ සංගමයේ විධායක කමිටුව පසුගියදා රැස්වී මෙම යෝජනාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, අදාළ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පියවර ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කිරීමට ද එහිදී තීරණය වී ඇත.

ලබන 4 වැනිදා පැවැත්වෙන නීතිඥ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මෙම මහජන අදහස් ලබාගැනීමේ වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර, රජයේ මෙම යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අධිකරණ සේවා සංගමය ද විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට පියවර ගෙන තිබේ. එම සංගමයේ විධායක සභාවේ තීරණයකට අනුව ලබන 11 වැනිදා මෙම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපෑමක් විය හැකි බවට නීති ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව මේ වන විටත් මත පළ කරමින් සිටින අතර, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් වන්නේ එම පසුබිම තුළය.

4 Comments

  1. හැරමිටියක් නැතුව විනාඩි 15 න් කිලෝමීටරයක් ඇවිදින්න පුලුවන් නම් සහ IQ 120 ට වැඩි නම් විශ්‍රාම වයස අවුරුදු 67 කෙරුවා ට කමක් නැහැ.

    ReplyDelete
  2. අලුතින් පත්කරපියව්. ටොපේ වංචාසහගත සහ ගහන අවලන් ශානිගෙ නඩු ඇහුවා ඇති. මුන් පරාද වුන දවසට මේ කාලකන්නි ආන්ඩුවේ එවුන්ට මොනවා වේවිද මන්දා?

    ReplyDelete
  3. බටහිර ප්‍රභළ පුද්ගලයන් ඇතුළු 'යු ඵස් අයිඩී' සංවිධානයේ බලල් අත් ඍජුවම මත්ද්‍රව්‍ය ජාළය පිටුපස ක්‍රියාත්මක වන බවට සබුද්ධික සැමගේ අවධානයට,.!June 30, 2026 at 3:19 PM

    අමෙරිකාව ප්‍රමුඛ බටහිර නාසිවාදීන්, නිදහස් ස්වාධීන රටවලට පාළණයට සූකෂම/ උපදේශකයන් ලෙසට, රාජ්‍ය නොවන
    සංවිධාන ලෙසට මැදිහත් වී,..

    ''කන්සා වැනි අතිශයින් තීරණාත්මක ඹෟශධ'',..

    සැලසුම් සහගත ලෙස තහනමට ලක්ර,.

    ජන සමාජයක් සම්පූර්ණයෙන්ම, විණාශ කළහැකි කෘතීම අයිස් හෙරොයින් ඇතුළුව අතිශයින් භයානක,.
    විෂ මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් රටවල් තුලට පොම්ප කරනා බවත්,.

    ඵතුලින් මුල් ජනයා විණාශකරනා බවත්,..

    අමෙරිකාව ප්‍රමුඛ බටහිර නාසිවාදීන් හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සිටිනා බවත්,..

    මත්ද්‍රව්‍ය ජාළයේ නොබිඳිය හැකි ශක්තිමත් පුරැක් වටා සූවිශේෂී ,සම්බනධතා පවතිනා බවත් ,..

    ජාලය ක්‍රියාත්මක වන ආකාරය නිරීකණය කිරීමේදී දත්ත සාකෂි සහතවම නිරීකෂනය වන බවත්,.

    බටහිර ප්‍රභළ පුද්ගලයන් ඇතුළු 'යු ඵස් අයිඩී' සංවිධානයේ බලල් අත් ඍජුවම
    මත්ද්‍රව්‍ය ජාළය පිටුපස
    ක්‍රියාත්මක වන බවට සබුද්ධික සැමගේ අවධානයට,.!

    ReplyDelete
  4. උලත් එකයි පිලත් එකයි, මලත් එකයි නැතත් එකයි ලෙවල් එකේ වැනි වැනි ඉන්න,
    කොයි වෙලාවෙ වලකජ්ජ ගහවිද ෂුවර් නැතිනිසා තමන්ට වඩා ජීවිත කාලය වැඩියෙන් තියෙන හෝ තමන්ට නැති දෙයක් ඇති උන් එක්ක ඇරියස් එකක් තියෙන, මොලේ මන්ඥන් නාකි පොරවල්වලට තනතුරක් දුන්නම හැමතිස්සෙම බලන්නේ කාට හරි ලෙඩක් අදින්න. ඕනෙම ආයතනයක එහෙම නාකි උන්දැල ඉන්නවනම් හිතල බලන්න ඒගොල්ලො එහෙම නොවෙයිද කියල. තනතුර රැකගන්න ඕනෙ බලු වැඩක් කරාවි.
    ඔය ශානි, රවී, කාදිනල්ට උනත් ඒකනේ වෙලා තියෙන්නෙ.
    ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කළොත් එදාට කාට කාටත් තේරේවි ඒකෙ බරපතළකම.

    ReplyDelete
Previous Post Next Post