පරණ සෙරෙප්පු දෙකක් සොරකම් කල අයෙක් අත්අඩංගුවට ගනී.. අධිකරණයට..


 හැටන්, ඩන්බාර් ප්‍රදේශයේ නිවසකින් පමණ කුඩයක් සහ පාවහන් යුගලයක් සොරා ගත් සැකකරුවෙකු හැටන් පොලිසියේ නිළධාරින් විසින් ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

හැටන් ඩන්බාර් විදියේ සැරිසරන පුද්ගලයෙකු (14) දහවල් 2.30 පමණ නිවසකට ඇතුලු වි නිවසේ ආලින්දයේ කිසිවෙකු නොමැති අවස්ථාවේ නිවස ඉදිරිපිට තබා තිබූ කුඩයක් සහ පාවහන් යුගලක් සොරාගෙන යන අයුරු නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන් වී තිබුණි.

ආරක්ෂිත කැමරා දර්ශනවලට අනුව, අදාළ සැකකරු දහවල් කාලයේදී නිවසේ ගේට්ටුව විවෘත කරගෙන නිවාස පරිශ්‍රයට ඇතුළු වී ඇත. පළමුව ඔහු නිවස ඉදිරිපිට තිබූ කුඩයක් සොරාගෙන ගොස් ඇති අතර, අනතුරුව දෙවන වරටත් එම ස්ථානයට පැමිණ එහි තිබූ පාවහන් යුගලයක් ද සොරාගෙන යන අයුරු එම දර්ශනවල පැහැදිලිව සටහන් වී ඇත.

මෙම සොරකම පිළිබඳව අදාළ නිවසේ හිමිකරුවන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසියේ නිළධාරින්, සැකකරු ප්‍රදේශයේ මත්පැන්සලක මත්පැන් පානය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ නිළධාරින් පැවසීය.

- රංජිත් රාජපක්ෂ

7 Comments

  1. oi... oi.... Cnews..

    ReplyDelete
  2. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

    ReplyDelete
  3. හික්..හික්

    ReplyDelete
  4. Lol.. CNews is taking the piss on police :-D

    ReplyDelete
  5. ගේට්ටුවේ අගුල් දාන්නෙ නැතුව තිබ්බාට නඩුව දාපු ගෙදර උපාසක මහත්තයාටත් දඬුවම් කරන්න වෙනවා. හොරාට අවශ්‍ය වෙලා තියෙන්න ඇත්තෙ උගේ පාවිච්චියට කුඩය සහ සෙරෙප්පු කුට්ටම ගන්න. නැත්නම් එතන තව කොච්චර වටිනා බඩු තියෙනවාද.

    ReplyDelete
    Replies
    1. අයුතු ප්‍රවේශය ! නීතිය දැනගන්න.

      Delete
  6. බරපතල වරදක්. මරණීය දණ්ඩනයෙන් දඩුවම් කල යුතුයි.

    ReplyDelete
Previous Post Next Post