මේ වන විට දේශපාලනඥයින් සොරකම් නොකරන නමුත් රාජ්‍ය සේවකයින් තවමත් සොරකම් කරමින් සිටින බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.
"අපි අධිෂ්ඨානයේ ඉන්නවා ප්‍රභූ නොවන පන්තියේ පාලනයක් විදියට අපි දිගටම බලයේ ඉන්නවා කියලා. රනිල් වික්‍රමසිංහ කිව්වේ 2024 වෙනකල් මොකුත් නෑ කියලා. පටි තද කරගන්න කිව්වා කලිසම්වල. ඇයි, කන්න බොන්න නැතිවෙනකොට බඩ බහිනවානෙ. බෙල්ට් එක තද කරගන්න නම් තව හිල් දෙක තුනක් ගහන්න වෙනවා ඇතුළු පැත්තට. රනිල් කිව්වෙ එහෙම ගහගන්න කියලා.
රට ගොඩදාගන්න නම් ඉන්න කිව්වා 2048 වෙනකල්. අපි දැන් හයිවේ ඔක්කොම පටන් අරන් තියෙනවා. රාජ්‍ය සේවකයින්ට රස්සා දෙනවා. මේ යුද්ධයක් ආපු වෙලාවෙත් පඩි කපන්න හරි, ගොවියාගෙ සහනාධාර අයින් කරන්න හරි මොකුත් කරේ නෑ, ඔක්කොම කළමනාකරණය කරලා අපූරුවට කරගෙන යනවා. දැන් තියෙන්නෙ සල්ලි නැති ප්රශ්නය නෙවෙයි රටේ. රුපියල් 100ක් වෙන් කළාට රුපියල් 60යි වැඩ. තාම හොරකම් කරනවා රාජ්‍ය සේවයේ. දේශපාලනයේ නෑ. තාම මිනිස්සු බනිනවා, බනින්නෙ අපිට. කෝ, ඕගොල්ලො මේක වෙනස් කරලා නෑ කියලා."
ඇමති කේ.ඩී. ලාල්කාන්ත මේ බව පැවසුවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නව සේවක පිරිසකට පත්වීම් ලබා දීම වෙනුවෙන් පසුගියදා පැවති උත්සවයක් අමතමිනි

මුගෙ තාත්තයි, බාප්පයි, මහප්පයි තමා අනුරාධපුරේ බස්වල පොකැට් ගැහුවෙ, ගෑනුන්ගෙ මාල කැඩුවෙ.
ReplyDeleteඕක අනික් පැත්තට තමයි හරි. අපි හොරකම් කරනවා රාජ්‍ය සේවකයො බැණුම් අහනවා.
Deleteපව්! පූස් පැටියෙක්වගේ අහිංසකය.
ReplyDeletepick poket maligavak himi sathan jeppa. ponnaya
ReplyDeleteරාජ්‍යය සේවකයො හොරකම් කරනවයි කිව්වට රාජ්‍යය සේවකයොම නෙමේ, අපිටත් ඒවයින් සොච්චම්, සොච්චම් වාසි නැතුවම නෙමෙයි.
ReplyDeleteනැතුව, නැතුව. නැත්නම් කොහොමද අවුරුදු තිහක් කිසිම රස්සාවක් නොකර පවුලගෙ පඩියෙන් විතරක් ජීවත්වුන එකා තට්ටු තුනක
Deleteනවීන පන්නයේ සුවිසල් මන්දිරයක් කඩුවෙල, ජුසේ මාවතෙන් ගත්තෙ.
These JAVP IDIOTS will lose all future elections. No mercy for lying Basterds.
ReplyDeleteYes, for sure. They will go even lower than their original 3%.
Deleteතොපිලාගේ අහිංසක කම හදුන්නෙත්ති ගෙ අත් දෙක දිහා බැලුවම පේනවා. මිනීමරුවෝ.
ReplyDeleteරාජ්‍ය සේවකයො හොරකම් කොරනවයි කියල දන්නවනම් මොන මගුලකටද යකෝ බල බල ඉන්නෙ? කියපන්කො ගිහින්ල අර පුකේ ඇඟිලි ගානේද්‍ර ශානියට.
ReplyDeleteහොඳ වැඩේ රාජ්‍ය සේවකයන්ට.. උඩින්ම දුන්නේ තැපැල් චන්ද. ඇද්ද අහගත්තා...??? හූ...හූ...හූ...!!!
ReplyDeleteAhinsaka kama monawata kiyanawada.
ReplyDeleteRajaye niladarin horakam karanawanam wetup wedikaranne mokatada? Pissuwatada?
ReplyDeleteආරියතිලක
ReplyDelete1965.05.14 දින වෙසක් පුර පෝය දිනය ය. තථාගත් බුදුරදුන්ගේ තෙමඟුල සමරන දිනය ය. වෙසක් සිරියෙන් රට ම ඇළලී ගිය දිනයෙහි සම්බුදු දහමට ප්රතිපක්ෂව උච්ඡේදවාදය හෙවත් නාස්තික දුෂ්ටිය මූලික හරය කර ගත්, මාක්ස් ලෙනින්වාදී දේශපාලන පක්ෂයක් ගාල්ල අක්මීමන ග්‍රාමයේදී බිහි කිරීමට කටයතු සිදු විය. ඒ රෝහණ විජේවීරගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂය බිහි කිරීම ය. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂය බිහිවීමෙන් ලංකේය ඉතිහාසයේ කවර කල්හිවත් නො වුණු ආකාරයෙන්, සදාචාරය, ආගමික සංහිදියාව, දෙමාපියන්ට කීකරු වීම, වැඩිහිටියන් කීකරු වීම, සිල්වත් කම, සම්බුද්ධ ශාසනයට පක්ෂපාතී බව, අන්‍ය ආගමිකයන්ගේ ඒ ඒ අගම්වලට පක්ෂපාතී බව, රාජ්‍ය නීතියට අධිකරණයට ගරු කිරීම, ගමේ ප්‍රදේශයේ, යහපත් සදාචාර සම්පන්න නායකත්වයට ගරු කිරීම, යහපත් වූ ප්‍රභූත්වයට ගරු කිරීම, රාජ්‍ය සම්පත් රැකිය යුතුයයි දැක්වූ පක්ෂපාතිත්වය, අන්‍යෝන්‍ය සමාජීය සමගිය යන යහපත් දෑ විනාශය, පිරිහීම වේගවත් වීමට අඩිතාලම වැටිණි. ඉහතින් දැක්වූ කිසිත් ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන්ට වැදගම්මක් නැති ලෙස, කොමියුනිස්ට්වාදයට හරවා ගැනීම සඳහා පංති සකස් කෙරෙණි. අධ්‍යාපන වැඩසටහන් සකස් කෙරෙණි. කොමියුනිස්ට්වාදය මූලික කර ගත දේශන මගින් ලංකීය ජන සමාජය විකෘති මානසිකත්වයට ඇද දැමිණි. සියලු ආගමික දර්ශන කොමියුනිස්ට්වාදය ප්‍රතික්ෂේප කරයි. එම ඉගැන්වීම් ලංකේය ජන සමාජයට ප්‍රසිද්ධියේ ද රහසිගතව ද සමාජ ගත කිරීම, ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කෙරෙණි.
ජවිපෙ විසින් තම සාමාජිකයන්ට කරන ලද, බරපතල මානසික අපරාධ අතර,
1. රාජ්‍ය නීති කැඩීම වරදක් නැති බව,
2. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නො කිරීම, තත් කාලයේ පවතින රජයේ නීති අණපනත්වලට ගරු නො කිරීම, විශේෂයෙන් තත් කාලයේ පැවැති දණ්ඩනීති සංග්‍රහයට, අපරාධ නීතියට ගරු නො කිරීම,
1865 අංක 16 දරන පොලිස් ආඥා පනත,
1916 අංක 33 දරන තුවක්කු ආඥා පනත,
1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය පනත,
1966 අංක 18 දරන පීඩාකාරී ආයුධ පනත,
1947 අංක 25 මහජන ආරක්ෂක ආඥා පනත,
අදී අණ පනත්වලට ගරු නො කිරීමට, ඒ පනත්වලින් පනවා ඇති නීති උල්ලංඝනය කිරීම කොමියුනිස්ට්වාදී දේශපාලනයට අත්‍යාවශ්‍ය සාධකයක් බව ඉගැන්වීම සිදු කෙරෙණි. ඒ මගින් ජවිපෙ සාමාජිකයන් විසින් රාජ්‍ය පැහැර ගැනීම සඳහා කරන මිනී මැරීම් හා ඔවුන්ට විරුද්ධ වූවන් මරා දැමීම, මනුෂ්‍යයින්ට තුවාල සිදු කිරීම, අඩම්තේට්ටම් කම් කිරීම, බියවැදීම, මංකොල්ලකෑම, රාජ්‍ය දේපොළ හා මහජන දේපොළ සොරකම් කිරීම, රාජ්‍ය දේපොළ, පුද්ගලික දේපොළ ගිනි තැබීම්, බලෙන් ගැනීම, රජයටය විරුද්ධව කැරළි ගැසීම කිසිදු වරදක් බව තම සාමාජිකයන් අතරේ සාධාරණීය කරණය කළේ ය. එසේ ම එම වැරදි කළහ. ඔවුන් විසින් කරන ලද නීතිමය වූ සියලු වැරදි වැරදි නො වේයැයි තම සාමාජිකයන්ට උගන්වන ලදී.
එපමණකින් නො නැවතී සමාජයට ඔවුහු කළේ වැරැද්දක් නො වේ යැයි, ඒ සියලු අපරාධ කළේ කළ යුත්තක් ලෙසින් සමාජයට ඒත්තු ගැන්වීමට ක්‍රියා කළහ. දැනටත් එසේ කරමින් වංචනික දේශපාලනයක නියෙලෙමින් සිටිති.
එහි කූඨප්රාප්තිය නම් 1971 ජවිපෙ රාජ්‍ය ද්‍රෝහී කැරැල්ලේදී මියගිය රාජද්‍රෝහීන් “ බක්මහ විරුවන්” ලෙසත් හා 1988/89/89 ජවිපෙ රාජද්‍රෝහී කැරැල්ලේදී මියගිය රාජද්‍රෝහීන් “ඉල්මහ විරුවන්” ලෙසත් සැමරුම් කිරීම ය.
මෙයින් ජවිපෙ කියා සිටින්නේ අප කළ සියලු අපරාධ වීර ක්‍රියා බව ය.
1965.05 14 දින සිට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය විසින් මේ රටේ සාදාචාරය හා නීති ගරුක සමාජය විනාශ කිරීමට කරන ලද බලපෑම සුළු පටු නො වේ.
බොරුව සමාජ ගත් කිරීමෙන් ජවිපෙ කප් ගසා ඇති බව පැහැදිලි ය. අන් අය හොරු ය, ජවිපෙ සාමාජිකයින් තමන් වංචනික නැති අය බව කීම ම බොරුවකි. වංචාවකි. ඒ බව ආණ්ඩුව ගත් පසු ජවිපෙ පැහැදිලි ලෙස ජනතාවට ඔප්පු කොට හමාර බව ද නො කියා ම බැරි ය.
ආරියතිලක
Deleteසංශෝධනය කිරීම..
4වන ඡේදයෙහි,
"රජයටය විරුද්ධව කැරළි ගැසීම කිසිදු වරදක් බව තම සාමාජිකයන් අතරේ සාධාරණීය කරණය කළේ ය. "
යන්න
"රජයටය විරුද්ධව කැරළි ගැසීම කිසිදු වරදක් නො වන බව තම සාමාජිකයන් අතරේ සාධාරණීය කරණය කළේ ය."
යනුවෙන් නිවැරැදි විය යුතු ය.