විනිසුරුවන්ගේ විශ‍්‍රාම වයස වැඩි කරන්න අවධානය යොමු කරල තියෙන්නෙ..


 අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සම්බන්ධයෙන් වෘත්තිකයන් රැසකගෙන් ඉදිරිපත්ව ඇති යෝජනා කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්න මාලාවකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනා අධිකරණ ක්ෂේත්‍රයට පමණක් සීමා වී නොමැති බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ කොළඹ නීතිඥ සංගමය වැනි සංවිධාන මේ සම්බන්ධයෙන් සිය කරුණු ඉදිරිපත් කර ඇති අතර, එම සියලු කරුණු සාධනීයව සලකා බැලීමෙන් අනතුරුව රජයේ කැබිනට් මණ්ඩලය විසින් ඒ පිළිබඳව අවසාන තීන්දුවක් ගනු ලබන බව හෙතෙම අවධාරණය කළේය.

මෙම විවාදයේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුර 4ක් සහ අභියාචනාධිකරණයේ විනිසුරු ධුර 4ක් මාස හයක පමණ කාලයක සිට පුරප්පාඩුව පවතින බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් දක්ෂ සහ අපක්ෂපාතීව කටයුතු කළ විනිසුරුවරුන් පිරිසකට සිය ධුරයන්ගෙන් විශ්‍රාම ගැනීමට සිදු වූ බවත්, පුරප්පාඩු නොපිරවීම අධිකරණ පද්ධතියේ ශක්තිමත්භාවයට බාධාවක් බවත් ඔහු පැවසීය.

ඊට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වන්නක් බවයි.

එම පත්කිරීම් සිදු කරන ක්‍රමවේදය සහ කාලය පිළිබඳ තොරතුරු ජනාධිපති කාර්යාලයෙන් විමසා ඉදිරියේදී සභාවට දැනුම් දෙන බව පැවසූ අමාත්‍යවරයා, රජය විසින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බවට සහතික විය

5 Comments

  1. Malli bole thiyenne ape athe hariya. Oona gemak gahala hathikarema kuuduwalata dala ape gamana api 25 years yanawa malli hariy. Nikan kuru kuru ganna epa hariya

    ReplyDelete
    Replies
    1. https://youtu.be/XB9a_K2nVcc?si=7U0Ddz03LPTkJki0

      Delete
  2. බෝර්න් අගේන් සූරයාව දිගට ම තියා ගන්න තමයි මුං ටික දඟලන්නේ

    මොකද මුං දන්නවා බෝර්න් අගේන් කාරයෝ මිසක් වෙන මොකෙක්වත් මුං ට පක්ෂව තීන්දු ලියලා දෙන්නේ නෑ කියලා

    බෝර්න් අගේන් එක ක්‍රිකට් බෝඩ් එකට ගෙනැල්ලා අපේ රටේ ක්‍රිකට් විනාශ කළා වගේ, අපේ අධිකරණ පද්ධතියත් විනාශ කරන්න තමයි, පච කොටා යි ප්‍රමිලා බිසව යි දැන් මේ ලෑස්ති වෙන්නේ. අධිකරණයේ විතරක් නෙමෙයි වෙන ක්ෂේත්‍රයකවත් බෝර්න් අගේන් නොවන කෙනෙකුට තැනක් ලබා ගන්න ප්‍රමිලා බිසව ඉඩ තියන්නේ නෑ.

    ක්‍රිකට් බෝර්ඩ් එකේ වුනා වගේ අධිකරණයේත් උසස්වීම් ලබා ගන්න බලාපොරොත්තු වන වෙනත් විනිසුරුවරයන්ටත්, නඩු ගොඩ දා ගන්න බලාපොරොත්තු වෙන විත්තිකාරයන්ටත්, සිද්ධ වෙනවා බෝර්න් අගේන් සූරයා එක්ක යාඥ්ඥා කරන්න යන්න. එහෙම ගිහින් ලීක් වෙච්ච එකක් තමයි අර බෝර්න් අගේන් සූරයා යාඥ්ඥා කරන වීඩියෝව.

    බෝර්න් අගේන් සූරයා ව දිගටම තියා ගැනීම වෙනුවෙන් ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාද කරන්න බැරිවුනොත් මේ රටේ හෙට දවස ඉතාම අඳුරු එකක් වේවි

    ReplyDelete
  3. පොඩි අරමුණු කීපයක් තියෙනවා. ඒවා ඉෂ්ට උනාම බලමු. සත්තයි,සහතිකයි.

    ReplyDelete
  4. පුද්ගලයන් වෙනුවෙන් ව්‍යවස්ථාව ටිංකරිං කිරීමේ කුරිරු නාටකය යළිත්

    https://www.anidda.lk/2026/06/10/22nd-amendment/

    ජේආර්, මහින්ද, ගෝඨාභය මෙන්ම අනුරත් පුද්ගලයකු වෙනුවෙන් ව්‍යවස්ථාව සංශෝධනය කරයි

    “ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව විසින් ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට නියමිත බව වාර්තා වෙමින් තිබේ. මෙම සංශෝධනයෙන් වර්තමාන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට තවත් වසර දෙකක කාලයක් අගවිනිසුරු ධුරයේ රැඳී සිටීමට හැකියාව ලැබෙනු ඇති අතර, එය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙරෙන 22 වැනි සංශෝධනය ලෙස සැලකිය හැකිය. මෙම යෝජනාව රටේ අධිකරණ ස්වාධීනත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සම්ප්‍රදාය ගැන සැලකිලිමත් වන නීතිඥවරුන් අතර බලවත් විරෝධයට ලක්ව තිබේ.”

    ReplyDelete
Previous Post Next Post