විජය රජුගේ කාලයේ පටන් ඉතිහාසයේ පලමු වතාවටයි නිර්ප‍්‍රභූ අපට රටේ පාලනය ලැබුනේ..


මෙරට වසර දෙදහසකට අධික ඉතිහාසය පුරා ප්‍රභූ පන්තිය සතුව පැවති දේශපාලන බලය, පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ප්‍රථම වතාවට ප්‍රභූ නොවන පන්තිය වෙත මාරු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරයි.

මෙය මෙරට ඉතිහාසයේ ලියවෙන සුවිශේෂී අවස්ථාවක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා, සාමූහික යුගය අවසන් වූ දා සිට මෙතෙක් පැවති මුළු කාලය තුළම රටේ පාලන බලය පැවතියේ ප්‍රභූ පන්තිය අතේ පමණක් බව අවධාරණය කළේය.

මෙතෙක් ඉතිහාසය පුරා බලය හුවමාරු වූයේ රජුගෙන් රජුට, සුද්දන්ගෙන් සුද්දන්ට හෝ ප්‍රභූන් අතරම පමණක් වුවද, මෙවර එම බලය වෙනත් පන්තියකට මාරු වීම ඔවුන්ට දරාගත නොහැකි තත්ත්වයක් වී ඇති බවද ඔහු සඳහන් කළේය.

දැනට පවතින තත්ත්වය විග්‍රහ කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඉතිහාසයක් පුරා දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික බලය අත්පත් කරගෙන සිටි අයට එම බලය අහිමි වී ඇති බවයි.

 "ඔන්න ඕක තමයි අපේ පන්තිය. ප්‍රභූ නොවන පන්තිය. අපේ පන්තියේ අය මේක තේරුම් ගන්න ඕන" යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

විශේෂයෙන්ම මෙරට රාජ්‍ය සේවකයන්, වතුකරයේ ජනතාව, ගොවි ජනතාව සහ පීඩිත ජන කණ්ඩායම් මෙතෙක් කල් රාජ්‍ය සේවයට ඇතුළත් වූයේ හෝ සේවය කළේ ප්‍රභූ පාලනයක් යටතේ වුවද, දැන් ඔවුන් ප්‍රභූ නොවන පාලනයක් යටතේ රාජ්‍ය සේවයේ නිරත වීමට අවස්ථාව ලබා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

වැටුප් ලැබුවද තවමත් පීඩිතව සිටින එම ජනතාවගේ තත්ත්වය වෙනස් කළ යුතු බවත්, මෙවර බලය මාරු වී ඇත්තේ එම වෙනස සිදු කිරීම සඳහා බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය

12 Comments

  1. මේ රට කාබාසිනියා කලේ ප්‍රභූන් සහ උන්ගේ ගෝලබාලයන්.උන් සාමාන්‍ය ජනතාව දකින්නේ උන්ගේ වහලුන් ලෙසිනි .උන්ව මේ ලක් දෙරණින් සදහටම තුරන් කල හැකි වන්නේ මාලිමාවට පමණි.

    ReplyDelete
    Replies
    1. adu kule parayek thoge ammata hamanime preethiyen ,bauddayo avasan kireema ganada kiyanne kari vanda balla

      Delete
    2. PADDANGE HEENAMANE

      Delete
    3. තෙමහල් වායුසමීකරණ මන්දිර හිමි !


      ප්‍රභූ නොවන පන්තිය

      Delete
  2. ඇයි යකෝ වර්ෂ 60 දී දොරටුපාලයා සුභ රජ වුණා කියල තෝ දන්නෙ නැද්ද?. ඒ වගේ ලොකු වැ‍රැද්දක් 68 ලක්ෂයක මෝඩයෝ වගයක් කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම මුං දැං නිර්ප්‍රභූ නොවේ නිව්ප්‍රභූ.

      Delete
  3. pahath kula wala kala kanni bosniavata karapu de karala passa balanne . thaman venuven nagi nositina moda bauddayonge avsanaya langavemin ataha......

    ReplyDelete
  4. Kireemen bineemen musawen wasalayan wee athi bawa pene.

    ReplyDelete
  5. සර් ඔබතුමත් ප්‍රභූ නේද ? තෙමහල් වායුසමීකරණ මන්දිර හිමි !

    ReplyDelete
  6. විජය රජ්ජුරුවන්ගෙන් පස්සේ චේතිය රජ වෙලා. මහ එකය් ගෝලයොය් චන්දෙට කලින් විදපු පච තාම නැවතිලා නෑ. අවුරුදු පහවත් කරගන්ඩ බැරි උන් අවුරුදු 25 ඉන්න හීන මවනවා. මහජනතාව මේ හොරුන්ට ගහල එලවන දවස වැඩි ඇතක නෑ.

    ReplyDelete
  7. ප්‍රබූන් තොපිට වඩා කොච්චර හොදද කියල හිතෙන්නෙ දැන්. කුහක වැඩ බැරි ගදගහන හම්පඩ ජවිපා සත්තු තොපි.

    ReplyDelete
  8. හිනොන්මාදය කියන ලොඩේ හැටි ඔහොම තමයි. සිංහලෙන් හීනමානය කියල කියන ලේඩේ රෝග ලක්සනවලට වැඩිය පොඩ්ඩක් වෙනස් හැබැයි ජෙප්පන්ට මේ දෙකම තියෙනව

    ReplyDelete
Previous Post Next Post