දරුවන් සිවු දෙනෙක් දියේ ගිලී මිය යයි...


වනාතවිල්ලුව පොලිස් වසමේ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ මංගලපුර විල්ලුවේ තෙප්පමක් ආධාරයෙන් මල්කැඩීම සඳහා ගිය ළමුන් 05 දෙනෙකු එම තෙප්පම පෙරලීමෙන් දියේ ගිලී අනතුරක් සිදුව ඇත. 

එක් ළමයෙකු පිහිනා ගොඩට පැමිණ දිවි බේරාගෙන ඇති අතර අනෙක් ළමුන් සිව්දෙනා දියේ ගිලී මියගොස් ඇත. මෘත ශරීර පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මියගිය ළමුන් අවුරුදු 16 වයසේ පසුවූ බණ්ඩාරනායකපුර හා මංගලපුර ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.

වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

6 Comments

  1. පතිරණ ගලප්පත්තිJune 30, 2026 at 7:19 PM

    බයික් පදින හැම කෙනාටම හෙල්මට් එක අනිවාර්ය කරලා තියෙනවා වගේම, බෝට්ටු වල යන සියලු දෙනාට ලයිෆ් ජැකට් අනිවාර්ය කරන්ඩ අවශ්‍යයි. නැත්නම් මේ වගේ අනතුරු වෙන එක වලක්වන්ඩ බෑ. හැම අවුරුද්දකම මේ වගේ ළමයි 50ක් 60ක් වත් මිය යනවා රට අභ්‍යන්තරයේ පමණක් ජලාශ වල ඔරු පාරු බෝට්ටු පෙරලිලා. රටේ දෙමාපියො ඇතුලු වැඩිහිටියන් දැනුවත් කල යුතුයි මාධ්‍ය හරහා හෙල්මට් එක පළඳින්ඩ අවශ්‍ය වෙන්නේ පොලිසියෙන් බේරීමට නෙවේ අනතුරකදී තම හිස බේරා ගැනීමට බව, ජලයෙන් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ජීවිතාරක්ෂක කබායක් පැළඳීමට සියලු දෙනා පුරුදු විය යුතු බව.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා නොදන්නවා වුණාට එහෙම නීතියක් තිබෙනවා බෝට්ටු සේවාවන් වලට.

      Delete
    2. පතිරණ ගලප්පත්තිJune 30, 2026 at 8:21 PM

      ඔව් ඔව්, නීතියක් තිබෙනවා, නමුත් එම නීතිය පිළිඹඳ ප්‍රායෝගික භාවිතයක් නෑ, මේ වාගේ නීති වලට මිනිස්සු ගරු කරන්නේ පොලිසියෙන් බේරෙන්ඩ විතරයි.. පාරේ යන මෝටර් බයික් කාරයෙක් වුණත් හෙල්මට් එක දාන්නේ පොලිසියෙන් බේරෙන්ඩ කියන සිතුවිල්ලෙන් මිසක් ඔලුව බේර ගන්ඩ ඕනෑ කියන අදහසින් නෙවේ.

      මම කියන්නේ අනිවාර්ය බව ප්‍රායෝගිකව කල යුතුයි. වැව් වල බෝට්ටු පැද පැද ඉන්ඩ බෑ පොලිසියට. ඒ නිසා තමයි මාධ්‍ය හරහා දැනුවත් කල යුතුයි කියලා තියෙන්නේ. ඒක ක්ෂණිකව මේ ප්‍රශ්ණයට ඉදිරිපත් කල හැකි පැලැස්තර විසඳුමක්, නිත්‍ය විසඳුම තමයි ජීවිතාරක්ෂාව පිළිඹඳ පාසැල් ළමුන් දැනුවත් කිරීම. ජලයේදී ආරක්ෂා වීමට ජීවිතාරක්ෂක කබා පැළඳිය යුතු බවට පෙළ පොත් වලට පරිච්ඡේදයක් එක් කල යුතුයි (හැම ළමයෙකුටම පිහිනුම් පුහුණු කරන්ඩ බෑ, ඒකයි එහෙම කිව්වේ). ඒ වගේම ජලාශ ආශ්‍රිතව ජීවිතාරක්ෂක කබා ලබා ගැනීමට (පුස්තකාලයකින් වගේ ලබාගෙන ආපසු දීමට) ස්ථාන ස්ථාපිත කල යුතුයි. නැත්නම් නීතියෙන් වැඩක් නෑ, නීතිය බලාත්මක කරන්ඩ ප්‍රායෝගික ක්‍රමයක් නැති නිසා.

      Delete
    3. හැම අවුරුද්දකම මේ වගේ ළමයි 50ක් 60ක් වත් මිය යනවා රට අභ්‍යන්තරයේ පමණක් ජලාශ වල ඔරු පාරු බෝට්ටු පෙරලිලා

      need to do some thing

      Delete
  2. මේව 100%වලක්වන්න පුළුවන්.දැන් කීයක්නම් උනාද.අදාල අය නිහඬයි.

    ReplyDelete
Previous Post Next Post