එල්නිනෝ එනවා.. ලොකු නියගයකට ලංකාව සූදානම් කරයි..


 මධ්‍යම සහ නැඟෙනහිර පැසිෆික් සාගර කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය වරින් වර ඉහළ යාම නිසා හටගන්නා "එල්නිනෝ" දේශගුණික විපර්යාසය ඉදිරි ජූලි මාසය වන විට මෙරටට බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

සාමාන්‍යයෙන් මාස 9ත් 12ත් අතර කාලයක් සක්‍රීයව පවතින මෙම කාලගුණික තත්ත්වය, ලබන වසරේ අප්‍රේල් මාසය දක්වාම මෙරට තුළ ක්‍රියාත්මක වනු ඇතැයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අධ්‍යක්ෂ මෙල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දෙන්නේ මෙහි උපරිම බලපෑම මෙම වසරේ අවසාන භාගයේදී සහ ලබන වසරේ මුල් මාස කිහිපය තුළ අත්විඳීමට සිදුවන බවයි.

ල්නිනෝ තත්ත්වය හේතුවෙන් බලාපොරොත්තු වන වර්ෂාපතනය සැලකිය යුතු ලෙස පහළ බැසීමට ඉඩ ඇත. මේ නිසා දිවයින පුරා දැඩි උණුසුම් කාලගුණයක් සහ නියඟයක් වර්ධනය විය හැකිය.

මෙම තත්ත්වය මෙරට කෘෂිකාර්මික කටයුතුවලට මෙන්ම ජල විදුලි උත්පාදනයටද දැඩි ලෙස බාධා පමුණුවනු ඇත.

එබැවින් දැනට පවතින ජල සංචිත අරපිරිමැස්මෙන් හා දැඩි කළමනාකරණයකින් යුතුව භාවිත කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී

6 Comments

  1. මුස්පේන්තු ආන්ඩුවේ කාලකන්නිකම.

    ReplyDelete
    Replies
    1. ඡයමංඟල ගාථා එපා කියා ආව මේ කාළකණ්නි රොත්ත ආ දවසේ ඉඳන් රටට හෙණ එකක් පස්සේ එකක්,දිට්වා, ඉවරයක් නැති බැංකු හොරකම්,යුද්ධ දැන් එල්නිනෝ.නොදොකින් මුං යනදා එනකම් විපත්තිම තමා.

      Delete
    2. අපරාදෙ සිංගප්පූරුව ට වඩා හොදට තිබ්බ රට. දැං වරෙල්ල ඩෝබිය කියල සරම උස්සගෙන.. 🤣🤣🤣🤣

      Delete
    3. DITTA ENO.......................

      THAHADU LASTHIKARAPIYO

      Delete
  2. අර මනුවර්ණ කියන එකා කියනවා මාලිමාන්ඩු වක් තිබුන්නැත්නම් මිනිස්සු බඩගින්නෙලූ. හරි ඔන්න එහෙනම් තියෙනවා වැඩ්ඩන්ට අභියෝගයක්.නියඟයෙන් කෘෂිකර්මාන්තය අඩාළ උනහම පරිබෝජනයට අවශ්‍ය ආහාර සංචිත තියෙන්නේ කොහෙද?.පානීය ජල අවශ්‍යතා සපුරන්න වැඩපිළිවෙළක් තිබේ ද?තේ වැනි අපනයන භෝග ක්ෂේත්‍රය බිඳවැටුණාම විදේශ විනිමය සැපයුම් මාර්ග සුරක්ෂිතව තිබේද?ජල විදුලිය අඩාල වීමෙන් බල ශක්තියේ සැපයුමේ ඇතිවන හිඩැස් පිරවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්ද?අධික උෂ්ණත්වය හේතුවෙන් තාප අඝාත මෙන්ම වෙනත් තත්ත්වයන් සඳහා මුහුණ දීමට සෞඛ්‍ය පද්ධතිය සූදානමින් ද?මූල්‍ය තත්ත්වයන් පහත වැටීම නිසා ජනතාවගේ පහත වැටෙන ජීවන තත්ත්වය ගොඩනගා ගැනීම සඳහා වැඩපිළිවෙළවල් සූදානමින් ද?.තව කප්පරකට දේවල් තියෙනවා.මතක තියා ගනිල්ලා කොවිඩ් ආපු වෙලාවේ උඹලා කරේ උපරිමයෙන්ම කකුලෙන් ඇදපු එක.මේ ගමන වැඩ වර්ජන කරගෙන කැරලි කෝලාහල කරගෙන ගිනි තියාගෙන රට අවුල් කරන්න මිනිස්සු අසමජ්ජාති නෑ.ඒවා කරේ උඹල හැබැයි වැඩේ වරද්ද ගත්තොත් තොපේ ඊරිමාන්සේ තමයි ඇරන් කන්නෙ බොන්නේ. ගමේ රඟපු බුකියේ නටපු ඩෝබිලට වෙන්නෙත් ඒක.

    ReplyDelete
  3. ලප ශාපය.

    ReplyDelete
Previous Post Next Post