තැඹිලි වවා රට යවනවා..


 වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් අපනයන වෙළෙඳපල ඉලක්ක කරගනිමින් තැඹිලි වගාව විධිමත් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධ සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අවධානය යොමු වූයේ දැනට විසිරි පවතින තැඹිලි වගාව ක්‍රමවත්, ප්‍රමිතිගත සහ අපනයන-අභිමුඛ කෘෂි ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමයි. ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳපල අවශ්‍යතා සඳහා ගැලපෙන නිෂ්පාදන ප්‍රමිතීන් සකස් කිරීම, සැපයුම් දාමය ශක්තිමත් කිරීම සහ අපනයනකරුවන් සමඟ සෘජු සම්බන්ධතා ගොඩනැගීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

තවද, මෙම ව්‍යාපෘතිය සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ප්‍රජා ශක්ති සභා සක්‍රීයව දායක කරගනිමින්, නිසි අධීක්ෂණ යාන්ත්‍රණයක් යටතේ ජාතික ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය සැලසුම් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

මෙම නව ව්‍යාපෘතිය හරහා තැඹිලි අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11.8 ක ඉලක්කයක් කරා ගෙන යාම අරමුණ කරගෙන ඇති අතර, ඒ සඳහා වගාකරුවන් ලියාපදිංචි කිරීම, කලාපීයකරණය මගින් වගා කළමනාකරණය, අගය එකතු කළ නිෂ්පාදන දියුණු කිරීම සහ ඩිජිටල්කරණය වැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට යෝජනා විය. එමෙන්ම වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ මෙම ව්‍යාපෘතිය මගින් තැඹිලි වගාව පුනරුත්ථාපනය සහ නව වගාවන් සිදු කිරීමේදී ගොවීන් මෙම වගාව සඳහා ආකර්ෂණය කිරීම, වගාවට සුදුසු පෝෂක ලබාදීම, ජල සැපයුම් පද්ධති ස්ථාපිත කිරීම, පොහොර සහ අනෙකුත් සහනාධාර ලබාදීම වැනි කරුණු පිළිබඳව සහ මෙම ව්‍යාපෘතිය නිශ්චිත කාලරාමුවකට අනුව ඉලක්කගතව ක්‍රියාත්මක විය යුතු බවත්, ක්ෂේත්‍රයේ සියලු පාර්ශවකරුවන් එක්කර ගනිමින්, ග්‍රාමිය දිලිඳු බව තුරන් කරමින්, අඛණ්ඩ අධීක්ෂණ හා ප්‍රගති සමාලෝචන ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතු බවත්ය. 

මෙම සාකච්ඡාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති ඇතුලු නිළධාරින්, පොල් සංවර්ධන අධිකාරියේ නිළධාරින්, පොල් පර්යේෂන ආයතනයේ නිළධාරින් සහභාගී වූහ.

11 Comments

  1. දුටු ගැමුණු රජතුමා යුද්ධයට වූ බාරය ඔප්පු කලා.... සත්‍ය එලිකල කතරගම දේව භූමිය.... අද ඉදන් කාලකණ්නි ජෙපි බල්ලන් විනාශව යනු ඇත. උන්ගේ දරු මුණුබුරන් මව් පියන් දැවී යනු ඇත... අධම ජෙප්පන්ට සාප වේවා... සාප වේවා... සාප වේවා....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම!

      Delete
  2. තැඹිලි අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11.8



    PSSUDA HATIDA

    ReplyDelete
    Replies
    1. මුන් හිටෝන ගස්වල ගෙඩිඑන කාලෙ වෙනකොට මුන් කනත්තෙ.

      Delete
  3. මෙහිදී විනිසුරු ජනක් ද සිල්වා කමිටුවේ සොයාගැනීම් සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇති ජනාධිපති නීතිඥවරයා, ශ්‍රී ලංකාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ අයි.එස්.අයි.එස්. අන්තවාදීකරණ ප්‍රයත්නයන් පිළිබඳව බුද්ධි තොරතුරු වාර්තා රැසක් එම වාර්තාවේ අඩංගු වන බව පවසා ඇත. “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස සිය රාජකාරිය පැහැර හැර ඇති ෂානි අබේසේකර, දැන් සුරේෂ් සලේගේ විමර්ශකයා බවට පත්ව සිටිනවා” යැයි නීතිඥ ජයවර්ධන සඳහන් කර තිබේ.

    SIRIL GAMINI UBE AN AVILLADA BALAPAN

    ReplyDelete
  4. Wadak nathi nisa mama malliwa watee yawanawa 😬

    ReplyDelete
  5. තැඹිලි වල්ල කිහිල්ලේ අතුල්ලලා රට යවපන්.

    ReplyDelete
  6. ගොන් මීහරෝකෝ තැබිලි ගහක් හිටවල අවුරුදු කීයකට පස්සෙද යකෝ පලදාව ගන්න පුළුවන්.
    මේ වගේ ගොන් මීහරක් තමය් මුන්.

    ReplyDelete
  7. හොඳ අදහසක් වගේම ඔය තැඹ්ලි වල්ලෙ ගෙඩි ටික කඩලා ඉතුරු වෙන නැට්ට පුළුවන් නම් ගහගන්න ඔයාගේ ......... ස්තූතියි.

    ReplyDelete
  8. මේකා දන්නේ නැති උනත් ඕවා යවන්නේ ගොඩක් ඉදං බොල

    ReplyDelete
Previous Post Next Post