ලෝක වෙලදපලේ වැඩිවෙද්දී අපි තෙල් මිල වැඩි කලේ සුළු වශයෙන්..


 ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහත වැටීමට සාපේක්ෂව
, එම සහනය ඉදිරි කාලයේදී දේශීය පාරිභෝගිකයන්ට දීමට අපේක්ෂා කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, පීඩාවට පත් නොවනු පිණිස රජය විසින් මේ දක්වා රුපියල් බිලියන 57ක ඉන්ධන සහනාධාරයක් ලබා දී ඇති බවත්, එම සහන කාලය මේ මාසයෙන් අවසන් වීමට නියමිත බවත් පැවසීය.

මෙම තත්ත්වය හමුවේ අදාළ සහනාධාරය තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන දැනුම් දෙන බව පැවසූ ඔහු, කිසිදු අයුරකින් ජනතාව මත බරක් පැටවීමට රජය ක්‍රියා නොකරන බවට සහතික විය.

මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියද, දේශීය වශයෙන් මිල සංශෝධනය කිරීමේදී රජය මිල ඉහළ දැමුවේ ඉතා සුළු ප්‍රමාණයකින් බව අමාත්‍යවරයා සිහිපත් කළේය.

වර්තමානය වන විට එම අධික මිල ගණන් ක්‍රමයෙන් පහළ යමින් පවතින බැවින්, නව ඇනවුම් සිදු කිරීමේදී එහි සෘජු ප්‍රතිලාභය පොදු මහජනතාවට හිමි කර දිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

දැනට ලංකාව සතු තොග මෙන්ම ඉදිරි මාස දෙකේදී රටට ලැබීමට නියමිත තොග ද පසුගිය මාසයේ පැවැති ඉහළ මිල ගණන් යටතේ ඇනවුම් කළ ඒවාය.

එම නිසා, එම පිරිවැය ආවරණය කරගැනීමෙන් අනතුරුව, ඉදිරියේදී සිදු කෙරෙන නව ඇනවුම් පාදක කරගනිමින් තෙල් මිල අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයන්ට අනිවාර්යයෙන්ම ලබා දීමට හැකිවනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

"යුදමය තත්ත්වය පවතින්න කළින් පැවැති තත්ත්වයට තාම ඇවිත් නෑ. උදාහරණයක් විදිහට බොරතෙල් බැරලයක් අපි අවසානයට ගත්තේ ඩොලර් 64-65ත් අතර ප්‍රමාණයකට. ඒක ඩොලර් 125ක් දක්වා ඉහළ ගියා. අපි ඒ වෙලාවෙත් මේක දෙගුණයකින් වෙලා තියෙනවා කියලා දෙගුණයකින් මිල වැඩි කිරීමක් කරලා ලාබ ගන්න තැනකට ගියේ නෑ. අපි එවලෙත් උත්සාහ කළේ පැවතුණ මිල ගණන්වලට තෙල් ලබා දීම තමයි කළේ. මිල වැඩි කිරීම පවා අපි අවබෝධයෙන් සුළු වශයෙන් තමයි වැඩි කළේ. නමුත් දැන් ඒ වැඩිවෙච්ච මිල 125න් පහළට ඇවිත් තිබෙනවා ඩොලර් 70 කලාපයට එමින් තිබෙනවා එහි වාසිය අපිට ලබා දෙන්න පුළුවන් කම ලැබෙන්නේ ඒ මිල ගණන් අනුව එම පිරිවැය ආවරණය වෙන තෙල් ලැබෙනවාත් එක්කම. දැන් ලබා ගන්න තෙල් විශේෂයෙන්ම ඊළඟ මාස දෙකේ විතර ලැබෙන්න තියෙන්නේ පසුගිය මාසයේදී ඇනවුම් කරපු තෙල්. අපි උපරිම වශයෙන් දැනට මේ බර දරාගන්න බැරි නිසා රුපියල් බිලියන 100 පැකේජය ඇතුළේ රුපියල් බිලියන 57ක්ම වෙන් කරලා මේ සඳහා සහනාධාරය දුන්නා. මේ ජූනි මාසයේ ඒ සහනාධාරය අවසන් වෙනවා පවතින තත්ත්වය අධ්‍යයනය කරලා මේ මිල ගැලපීම කරලා තවත් සහනාධාරයක් දෙන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් දැනුම්දෙනවා. කිසිදු ආකාරයට මහජනතාවට අනවශ්‍ය පීඩනයක් දෙන්න අපි සූදානම් නෑ. ඒ ලැබෙන වාසිය ඉදිරියේදී ලබා දෙන්න සූදානම් වෙනවා. " 


4 Comments

  1. යකෝ මාරම කතාවක්නේ..
    සුළු මුදලකින් වැඩි කෙරුවනමිිඒ ගානෙමිම අඩුකරපංකො තෙපර ගගා ඉන්නේ නැතිව

    ReplyDelete
  2. මේක තමයි රජය කරපු හොඳම ඉගෙනගනිමින් කරපු වැඩේ. QR ක්‍රමවේදය දිගටම ක්‍රියාත්මක කලයුතුයි. මොකද ඉස්සරහට එන වාහන බොහොමයක් විද්‍යුත් වාහන වීම. ඔහොම යන්

    ReplyDelete
  3. මුගේ මුණ දැක්කහම හොම්බට ගහන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. asuvhiya meka - thup hora proffesor

      Delete
Previous Post Next Post