ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේචන මධ්‍යයේ වුවද, ඉශ්‍රායල ආරක්ෂක බලකායන් දකුණු ලෙබනනය ඉලක්ක කර ගනිමින් නව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව වාර්තා වේ.
ලෙබනනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය සඳහන් කළේ, ඉශ්‍රායල ප්‍රහාරක යානා විසින් ලෙබනනයේ 'නබටියේ අල්-ෆව්කා' ප්‍රදේශයට සහ ඒ අසල පිහිටි 'ක්ෆාර් ටෙබ්නිට්' හි මායිම් ප්‍රදේශවලට බෝම්බ හෙළා ඇති බවයි.
මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඉශ්‍රායල හමුදාව මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැති වුවද, ඔවුන් මීට පෙර අවධාරණය කළේ ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ ඉලක්ක වෙත පමණක් ප්‍රහාර එල්ල කරන බවයි.
ප්‍රංශයේ පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළුව අමතමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ලෙබනනය සම්බන්ධයෙන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. ඉශ්‍රායලය දීර්ඝ කාලයක සිට හිස්බුල්ලා සංවිධානය සමඟ සටන් වදින බවත්, මේ හේතුවෙන් විශාල පිරිසක් මියගොස් ඇති බවත් ට්‍රම්ප් පෙන්වා දුන්නේය.
තමන් සහ නෙදන්යාහු අතර "යහපත් සබඳතාවක්" පවතින නමුත්, ඉශ්‍රායලය එල්ල කළ ඇතැම් ප්‍රහාර තමන් අනුමත නොකරන බව ට්‍රම්ප් පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
"ඇමෙරිකා එක්සත් ජනපදය නොමැති නම් ඉශ්රායලයක් නැහැ. විශේෂයෙන්ම මා නොසිටියේ නම් ඉශ්රායලයක් පවතින්නේ නැහැ. මන්ද වෙනත් කිසිදු ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු මා ඉශ්‍රායලය වෙනුවෙන් කළ කැපකිරීම් කිරීමට ඉදිරිපත් වූයේ නැහැ."
කෙසේ වෙතත්, ඉශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පසුගිය සඳුදා ප්‍රකාශ කළේ තම රටේ ආරක්ෂක හමුදා අවශ්‍ය තාක් කල් ලෙබනන භූමියේ රැඳී සිටින බවයි.
පසුගිය ඉරිදා රාත්‍රියේ ඇමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීමේ මූලික එකඟතාවක් ප්‍රකාශයට පත් කෙරුණද, දෙපාර්ශවයම අඛණ්ඩව ප්‍රහාර එල්ල කර ගනිමින් සිටියි. මෙම සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන පකිස්ථානය පවසන්නේ මෙම එකඟතාවට ලෙබනනයද ඇතුළත් වන බවයි.
කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අනතුරු අඟවා ඇත්තේ ඉශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම හෝ ලෙබනන භූමිය තුළ සිය හමුදා රඳවා තබා ගැනීම, ඇමෙරිකාව සමඟ ඇති කරගත් අතුරු එකඟතාව උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බවයි.
දෙපාර්ශවය අතර ඇති කරගත් මෙම අවබෝධතා සංදේශයේ ඇතුළත් කරුණු මෙතෙක් නිල වශයෙන් මාධ්‍ය වෙත මුදාහැර නැත. නමුත් ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය 'Schweiz Heute' පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, ලබන සිකුරාදා ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් හිදී මෙම ගිවිසුමට දෙපාර්ශවයම අත්සන් තැබීමට නියමිත බවයි

ඉතිං වීරවංස මොනවත් කිව්වෙ නෑ...විරෝධතාවයක් නෑ...
ReplyDelete