අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කෙසේ වුවද, පනවා ඇති ඇප කොන්දේසි යටතේ ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද අධිකරණය පියවර ගෙන ඇත.
යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇතුළත් වීමේදී සිදුවූ වංචනික ක්‍රියාවන් සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියේ පුහුණුව ලැබීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
ඊයේ (16) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට මින් පෙර දැනුම් දී තිබුණද, එදින අභියාචනාධිකරණයේ පැවැති නඩුවක් හේතුවෙන් පැමිණීමට නොහැකි බව ඔහු ලිඛිතව දන්වා තිබූ අතර, ඒ අනුව අද (17) උදෑසන කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.
මෙම සිදුවීමට අදාළව එවකට නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩ මහතාටද ලබන සතියේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

දැන් පොලිසිය හමුදාව වැඩ කරන්නේ කොටින් දෙන උපදෙස් මත බවයි බොහෝ දෙනෙක් හිතන්නේ. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් එල්ල කොට චෝදනා ගේන්නේ ඒකයි. ආන්ඩුව පැරදුණු දිනෙක බරපතළ දඬුවම් විඳින බව නම් ෂුවර්
ReplyDeleteඒක නම් හරි. යෝශිතයා කොච්චර මිනීමැරුවත් හොරකං කළත් රාජපස්ස කෙනෙක් නිසා මුකුත් කොරන්න හොද නෑ.
DeletePalawaththa gubbayame mineemaruwa saha LTTE thrasthayan dan ekathuwela inne
Deleteමොන මගුලක් ද ඕයි මේ සංදර්ශන හැමදාම. නිතිය පැත්තකට දාලා ඔක්කොම රාජපක්ෂවරු කූඩු කරලා ඉවර කරපංකෝ. ඊට පස්සෙවත් රට සංවර්ධනය ගැන හිතපන්. හැමදාම බඩු මිල වැඩිවෙනවා ඉවරයක් නැතුව. මේ ආණ්ඩුවට ඒවා වගේ වගක් නැහැ. මොකෙක් හරි කූඩු කරන ඒවා විතරක් හිත හිත ඉන්නවා.
ReplyDeleteසාලයො 1200. දරුවො හාමතේ. කොරෝනා කාලේ කලා බීලා කේක් පැටිස් හද හද 5000ත් අරන් බඩු මල්ලත් අරන් හිටියා. කාදිනල්ට අමාරුව හැදුනා. කුමන්ත්‍රණය කරා. ගෝටාබය එලෙව්වා. දැන් කෑම වෙනුවට මේවා බල බල ඉදපල්ලා.
ReplyDeleteඅද "ටුඩේ ස්පෙෂල්" රෝහිත රාජපක්ෂ.
Deleteබඩ පිරුණනම් ටෙලි නාට්ටියකුත් බලල නිදා ගනිල්ලා.
hunduwa rajapaksalage anduwakin prsiddiye punchage bibikkama kate ulanna ona okage kata vanawenna
ReplyDelete❤️ aaaa apa labilada .... dunnu chande gana adambarai ban
ReplyDeleteසියළුම රජයේ පාසල් වල කතෝලික පුජකවරු හෝ වරියන් විදුහල් පති දුර දැරීම නීති විරෝදියි . වහා රජයේ සුදුසුකම් ලත් ගිහි විදුහල් පති වරුන් පත් කරන්න . රජයේ පාසල් තුල පල්ලි තැනීම සුද්දා කාලේ බලෙන් කල දෙයක් .
ReplyDeleteඅප්පට සිරි අත්අඩංගුවට ගන්නේ නැතුව නිදහසේ ඇවිත් ගියේ ගල් අඟුරු හොරා විතරයි. බිල්ඩින් හොරු නම් විමර්ශන නැතුවම නිදහස් 😀 නීතිය සැමට එකයි 😀
ReplyDelete