නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හක්ගල උද්භිත උද්‍යානය අසළදී (16) දින සිදු වු රිය අනතුරකින් වාහන 4කට අලාභ හානි සිදු වී ඇති බව නුවරඑලිය පොලිසියේ රථවාහන අංශයේ නිළධාරියෙකු පැවසිය.
නුවරඑලිය සිට වැලිමඩ දක්වා ධාවනය වු ලොරි රථයක හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා එම දිසාවටම ඉදරියෙන් ධාවනය වූ ජීප් රථයක්, මෝටර් රථයක්, ත්‍රී රෝද රථයක් ගැටී මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බවයි නුවරඑලිය පොලිසිය කියා සිටියේ.
අනතුරින් එම වාහනවලට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත්, ධාවනය වෙමින් තිබු ලොරි රථයේ හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා ලොරි රථය මුලින්ම ජීප් රථයේ ගැටී ඇති අතර, ජීප් රථය ඉදිරියෙන් තිබූ වාහනවල ගැටී ඇත.
- රංජිත් රාජපක්ෂ
