බස් රියදුරු හා කොන්දොස්තරලාගේ ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂා අරඹයි...


 ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කර ඇති පොදු ප්‍රවාහන සේවාව ආරක්ෂිත හා කාර්යක්ෂම කිරීමේ ජාතික වැඩසටහන යටතේ බස්රථවල රියදුරු හා කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිතාකර ඇත්දැයි පරීක්ෂාකරන ජංගම වැඩසටහනෙහි තවත් පියවරක්  (23) මහරගම - නාවින්න බස්නැවතුම්පොල පරිශ්‍රයේදි සිදුකෙරිණ‍.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේදි සංවිධානයෙන් පැවති මෙම ජංගම පරීක්ෂාවට ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ බස්නාහිර පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ බස්රථවල සේවාවේ යෙදෙන රියදුරු කොන්දොස්තරවරුන්ගේ මුත්‍රා සාම්පල් ලබාගනිමින් පරීක්ෂණයට ලක්කෙරිණ‍. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේදි වෛද්‍යවරයෙකු ඇතුළු ජංගම රථයේ රසායනාගාර කාර්යය මණ්ඩලය සේවාදායකත්වය ලබාදීම සිදුකෙරිණ.

පෙ.ව‍.9.00 පැයට ආරම්භකර දහවල් 12 පැය වන විට 200 දෙනෙකුගේ මුත්‍රා සාම්පල පරීක්ෂාකිරීමට ලක්කිරීමෙන් අනතුරුව ඉන් 13 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතාකර ඇති බවට තහවුරු වී ඇති බව (Positive 13) ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය නිලධාරී ජේ.එම්. ලයනල් මහතා ප්‍රකාශ කලේය. 

2025 නොවැම්බර් මාසයේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍රකර ගනිමින් නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම අහඹු මත් පරීක්ෂණ ජංගම රසායානාගාර සේවාව පසුගිය මාස 6 ක කාලය තුල බස්නාහිර පලාතේ දිස්ත්‍රික්ක 3 (‍කොළඹ, කළුතර, ගම්පහ) පරීක්ෂණ කටයුතු අහඹු ලෙස ක්‍රියාත්මක කර ඇත. 

2026 ජනවාරි මාසයේ සිට 2026 ජූනි 12 දක්වා කාලය තුල රියදුරු, කොන්දොස්තරවරුන් 4322 කු ජංගම රසායානාගාර සේවාව මගින් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් 226 දෙනෙකු අයිස්, හෙරෝයින්, ගංජා, Barbiturates යන මත්ද්‍රව්‍ය වලින් එක්වර්ගයක් හෝ කිහිපයක් භාවිතාකර ඇති බව අනාවරණය වී ඇතැයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිපඩ් පෙරේරා මහතා මෙහිදි පැවසීය. 

මෙම අවස්ථාවට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිපඩ් පෙරේරා මහතා එහි වෛද්‍ය ජේ.එම්. ලයනල්, රසායානාගාර තාක්ෂණ විද්‍යඥ ජී.වී. පවිත්‍රා, රසායනාගාර සහකාර ශෂිනි වික්‍රමසිංහ ඇතුළු කාර්යය මණ්ඩලය, මහරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීහුද එක්ව සිටියහ. 

2 Comments

  1. පාර්ලිමේන්තුවේ උන්ගෙත් බලපල්ලා.
    මෙච්චර අමතක වෙන්න හේතුව මොකද මේවද කියල.

    ReplyDelete
  2. සංචාරක වේසයෙන් පැමිනෙන බටහිර ඵ්ජන්තයන් පිලිබඳව සමස්ථ පුරවැසියන්ගේ දැඩි අවධානය,.!June 24, 2026 at 3:14 PM


    බිල් ගේට් පවත්වාගෙන යන ''බයෝ ලැබ්'' මාරාන්තික මදුරැවන් බෝ කරනා අප්‍රිකානු සහ ඇතැම් ලතින් ඇමෙරිකානු රටවල ස්ථාපිත ජනඝාථක මදුරැ ෆාම්වල නව මදුරැ ප්‍රභේද රට තුල මුදා හරිනා සංචාරක වේසයෙන් පැමිනෙන බටහිර ඵ්ජන්තයන් පිලිබඳව සමස්ථ පුරවැසියන්ගේ දැඩි අවධානය,.!

    ReplyDelete
Previous Post Next Post