ප්‍රංශයේ ක්‍රියාත්මක ප්‍රකට පිරිවැය අඩු ගුවන් සමාගමක් වන French Bee සේවාව, එළඹෙන දෙසැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් වාර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ශීත සෘතු සංචාරක සමය ඉලක්ක කරගනිමින් දියත් කෙරෙන මෙම වැඩපිළිවෙල යටතේ, දෙසැම්බර් මාසයේදී ප්‍රංශයේ පැරිස් අගනුවර සිට මාලදිවයිනේ මාලේ නුවර හරහා කොළඹ දක්වා සතියකට වට සංචාර දෙකක් බැගින් මෙහෙයවීමට කටයුතු යොදා ඇත.
ඉන් අනතුරුව, 2027 වසරේ ජනවාරි 11 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පැරිස් සහ කොළඹ නගර අතර සෘජු ගුවන් සේවා සැපයීමට ද එම සමාගම සූදානමින් සිටියි.
මෙම සෘජු ගුවන් ගමන් මාලාව 2027 මැයි මාසය දක්වා අඛණ්ඩව සිදු කිරීමට සැලසුම් කර තිබේ.
මෙම සියලුම ගුවන් ගමන් වාර සඳහා Airbus A350 වර්ගයේ නවීන ගුවන් යානා භාවිත කිරීමට අදාළ ගුවන් සමාගම පියවර ගෙන ඇත
