ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) දිනකට රුපියල් මිලියන 20ක මූල්‍ය පාඩුවක් ලබන බව යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේදී අනාවරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.
ලංගමය මෙලෙස පාඩු ලැබීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ විධිමත් බස් රථ කළමනාකරණ පද්ධතියක් නොමැති වීමයි. රියදුරු සහ කොන්දොස්තරවරුන් අතින් සිදුවන අක්‍රමිකතා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
විශේෂයෙන් රාත්‍රී සහ අලුයම කාලයේ ධාවනය වන බස් රථවල මගීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවත්, එම ආදායම මණ්ඩලයට අහිමි වන බවත් නිලධාරීන් පෙන්වු දුන්හ.
මීට අමතරව, පෞද්ගලික අංශයට සාපේක්ෂව ලංගමයේ පවතින දුර්වල බඳවා ගැනීමේ ක්‍රමවේද සහ පරිපාලනමය ගැටලු ද මෙම පාඩුවට හේතු වී ඇත.
මෙම පාඩු අවම කර ගනිමින් යුරෝපීය රටවල පවතින ආකාරයේ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් මෙරටට හඳුන්වා දීම සඳහා වන නවීකරණ සැලසුම් කිහිපයක් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ලබන නොවැම්බර් මාසය වන විට ලංගම බස් රථ සඳහා කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කරමින් පවතී.
සැප්තැම්බර් සහ නොවැම්බර් කාලසීමාව වන විට බස් රථ ධාවනය නිරීක්ෂණය කළ හැකි ජීපීඑස් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
අගෝස්තු 31 වන විට නව බස් රථ 104ක් ද, නොවැම්බර් මාසය වන විට තවත් සුඛෝපභෝගී බස් රථ 200ක් සහ තවත් බස් රථ 600ක් ධාවනයට එක් කිරීමට නියමිතය.
දැනට කාර්යාල සේවයේ රැඳී සිටින රියදුරු සහ කොන්දොස්තරවරුන් නැවත ඔවුන්ගේ මුල් රැකියාවලට යොමු කර, කාර්යාල කාර්ය මණ්ඩලය විධිමත් ක්‍රමවේදයක් යටතේ බඳවා ගැනීමට ද පියවර ගෙන ඇත.

ඇයි මේ පාඩු ගැනම කතා කරන්නේ.
ReplyDeleteඅනික අර ඩොලර් මිලියන 2.5 හුලඟේ ගිය එකේ ඔය කෝටි දෙකත් ගානක්ද
ඕව නෙවෙයි අපි කතා කරන්න ඕනේ
සල්පියුරික් අම්ලය පිටරට යවල අපි ලබන ඩොලර් කෝටි ගණනක ආදායම
පොස්පේට් නිදියෙන් අපි මාස හයෙන් පෝර රට යවන්නෙ මාසෙකට ඩොලර් මිලියන දහස් ගණනක්
ඒ පමණක්ද, තිරිකුනාමලේ උක් වවලා ඒ උක් කාල උක් වලින් සීනි හදලා ලෝකෙටම විකුණලා රට ගොඩ ගත්ත එක කවුරුත් කතා නොකරන්නේ උන්ගෙ කටේ පිට්ටුද
අම්මපා ඇත්ත.
ReplyDeleteලංගම දවසකට මගීන් මිලියන 3 ක් ප්‍රවාහනය කරනවා. එක මගියෙකුගෙන් සිදුවන පාඩුව දවසකට සත 67. ශ්‍රීලංකන් එයාලයින් එක දවසකට රුපියල් මිලියන 400 පාඩුව ලබනවා. මගීන් 10000 විතර ප්‍රවාහනය කරනවා. පාඩුව එක මගියෙක්ගෙන් දවසකට රුපියල් 4000.
ReplyDelete