සුගීෂ්වරට එරෙහි පැමිණිල්ල කල පුද්ගලයා එකවර වැටුප් තුනක් අරන්.. අල්ලස් කොමිසමට පැමිණිලි...


සුගීශ්වර බණ්ඩාර මහතා වැටුප් දෙකක් ලබාගත් බවට චෝදනා කළ පුද්ගලයාම රජයේ ආයතන තුනකින් වැටුප් ලබාගනිමින් මූල්‍ය දූෂණ සිදුකර ඇති බව සර්වජන බලය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නීතීඥ නලින් පතිරණ මහතා අනාවරණය කරයි.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සුගීශ්වර බණ්ඩාර මහතාට එරෙහිව මෙම චෝදනාව එල්ල කර ඇත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වත්මන් සභාපති ඇන්ටන් පෙරේරා නමැත්තා බව පතිරණ මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇන්ටන් පෙරේරා නමැති මෙම පුද්ගලයා එකවර තනතුරු තුනක් දරමින් රජයෙන් වැටුප් ලබාගෙන ඇති බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙස, ඕස්ට්‍රේලියානු කිරි ගව ව්‍යාපෘතියේ ගණකාධිකාරීවරයා ලෙස, දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ උපදේශකවරයෙකු යන තනතුරු එකවර දරා වැටුප් ලබා ගැනීම ඔහුට එල්ල වී ඇති චෝදනාය.

මෙලෙස එකවර තනතුරු තුනක වැටුප් ලබාගැනීම සම්බන්ධයෙන් ඇන්ටන් පෙරේරා මහතාට එරෙහිව ඉදිරියේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට නියමිත බව නීතීඥ නලින් පතිරණ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

වැටුප් තුනක් ලබාගත් පුද්ගලයෙකු විසින් වැටුප් දෙකක් ලබාගත් බවට තවත් අයෙකුට චෝදනා කිරීම හාස්‍යයට කරුණක් බවද ඔහු මෙහිදී පවසා සිටියේය.

11 Comments

  1. "ලෝකයේ වැඩියෙන් ම බොරු කීයා ඇති පාලකයා ද ජවිපෙ හා ජාතික ජන බලවේගයේ නායකයා ය. පක්ෂයක් වශයෙන් ගත්තොත් ජවිපෙ ප්‍රධාන ජාතික ජන බලවේගය. බොරුවෙන් ඉපදී බොරුවෙන් ම මේ ගත කරපු කාලය එය ඔවුන් ඔප්පු කොට ඇත


    අපට ගෙවා ගන්න බෑ කියන ණය විදේශීය ණය ඩොලර් බිලියන 41 යි. අපි කවුරු හරු විදේශයකයෙක් හම්බ වුවොත් අපට රටේ ණය හෙවා ගන්න බෑ කියා ගාණන නම් කියන්න එපා! ලැජ්ජයි. ඩොලර් බිලියන 41 ක් කිය්න්නේ ණයක් ද?"
    යන වදන් පෙළ අද ඔවුන්ගේ දෙශ්පාලන නිරුවත ප්‍රදර්ශනය කරමින් සිටී.

    extracted from Comment by Ariyathilake , noted to give him the credit of truth

    ReplyDelete
    Replies
    1. Appreciate the work. A good move by vigilant wise people in Sri Lanka. Similarly details of corruptions of all the JVP and NPP politicians and office bearers must be carefully observed and legal action must be taken against them. If we file more than 100 cases against JVP politicians, they will not be able survive.

      Delete
  2. කලබල වෙන්න එපා. හැමෝටම නම කතා කරනවා. ඔබේ වාරය එනතෙක් ඉවසීමෙන් බලා සිටින්න.

    මීට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම. ♥️

    ReplyDelete
    Replies
    1. shure kaiyanayakage suppu case eka adinnenaha

      malima gadha enawa

      Delete
    2. සිරා කතාව. රංග මේ රටේ වාසනාවට ඔය තනතුරට පත් උනේ 🙏

      Delete

    3. අනිවා රංග පත් උනේ අපේ වාසනාවකට
      මීට
      ගල් අඟුරු කුමාර ජයකොඩි

      Delete
  3. සිරිල් ගාමිනීලගෙ, ජූඩ් ක්‍රිෂාන්තලගෙ වැඩකිඩ ගැන දැනගන්ඩ අද  ඩාර්ක් රෑම් වෙබ්සයිට් එකේ තියෙන "පල්ලිය බේරගන්න" වීඩියෝව බලන්න

    ReplyDelete
    Replies
    1. සිරිල් ගාමිණියා පල්ලියට එන ගෑණුන්ට මොනවද කරලා ඒ ගෑණු අගරදගුරු හම්බුනාම එයා එහෙම තමයි කියලා අගරදගුරා කිව්වලු. සිරිලා සල්ලි පොලියට දෙනවලු අනිත් නෑදෑයො එක්ක එකතුවෙලා. ඔන්න පාස්කු සල්ලිවලට මුන් කරන යුක්තිය. බෝම්බ කාපු උන්ට ගෙවල් හදන්න යුරෝපා සංගමෙන් දීපු ආධාර වලට මොකද උනේ කියලා හොයන්න ඕන හරි නම්.

      Delete
  4. මේ වගේම අල්ලස් කොමිසම 1970 ගනන් වල සක්‍රිය උනා. ඒ කාලේ හිටියේ ඉයන් වික්‍රමනායක. ඒ කාලෙත් මේ වගේම විවේචන තිබුනා. තෝරු මෝරු වගේම හාල්මැස්සොත් අහුවුනා.





    ReplyDelete
    Replies
    1. තමුන්නැහැ එච්චරට වයසයිද? දැක්ක වගේ කියන්නේ හරියට අවුරුදු 70ක් ජීවත් වෙලා හිටියා වගේ.
      බලන්න මේ නාකි ඔන්ලයින් නිව්ස් බලන්නේ දැන්. කොහොමද දියුණුව.
      අනේ නිකන් පලෑන් ඩෝ යන්න.

      Delete
  5. අපිට නම් විහිළුවක් වගේ පේන්නේ නැහැ. ඔහෙලට තියෙන්නේ ඒ හොරා වත් අල්ලලා දෙන්න එතකොට හොරු දෙන්නෙක් ඇල්ලුවා කියල අපිට තවත් සතුටු වෙන්න පුළුවන්.

    ReplyDelete
Previous Post Next Post