අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති මාලාව තවදුරටත් සංශෝධනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති සහ පාලක මණ්ඩලයේ සභාපති පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් (අංක 2492/10) නිකුත් කර තිබේ.
"2026 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති" ලෙස හැඳින්වෙන මෙම නව රෙගුලාසි, පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මෙයින් 2024 ජුලි මස 01 දිනැති ගැසට් පත්‍රයේ පළ වූ මුල් රීති මාලාවේ 4 වන සහ 6 වන රීතීන් අවලංගු කර නව විධිවිධාන ආදේශ කර ඇත.
නව සංශෝධනයට අනුව, ඕනෑම මාසයක් තුළ භාණ්ඩ අපනයනකරුවන් විසින් මෙරටට ගෙන්වා ගනු ලබන අපනයන ආදායම්, පහත සඳහන් අවසරලත් ගෙවීම් සඳහා පමණක් භාවිත කළ යුතු අතර, ඉන්පසු ඉතිරි වන ශේෂය එළැඹෙන මාසයේ 10 වන දින හෝ ඊට ප්‍රථම අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතු වේ.
• ජංගම ගනුදෙනු: එක් මසක වගකීම් ද ඇතුළුව අපනයන ව්‍යාපාරයට අදාළ ජංගම ගනුදෙනු සඳහා වන ගෙවීම්.
• ණය පියවීම්: විදේශ විනිමය පනත හෝ බැංකු පනත යටතේ මහ බැංකු විධානවලට අනුකූලව, භාණ්ඩ අපනයනකරුවන් විදේශ මුදලින් ලබාගෙන ඇති ණය සහ වාරික පියවීමේ වියදම්.
• ලාභාංශ සහ වැටුප්: අනේවාසික ආයෝජකයින්ට ප්‍රකාශිත ලාභාංශ ගෙවීම් සහ විදේශීය ජාතිකයන් හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි ප්‍රවාසික සේවකයන්ගේ වැටුප් ගෙවීම්.
• ව්‍යාපාරික සංචාර: අපනයන ව්‍යාපාරයේ සංචාරක අරමුණු වෙනුවෙන් විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු ලබා ගැනීම් හෝ අරමුදල් කිරීම්.
• රජයේ සුරැකුම්පත් ආයෝජන: ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන විදේශ මුදල්වලින් නම් කරන ලද ණය සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා, අදාළ අපනයන ආදායමෙන් 10%ක ප්‍රතිශතයක් දක්වා සිදු කරන ගෙවීම්.
• චක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවන්: විදේශ විනිමය පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව විදේශ මුදලින් වගකීම් පවතින, චක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවන්ට සිදු කරනු ලබන අවසරලත් ගෙවීම්.
එමෙන්ම, 6 වන රීතියට සිදු කර ඇති සංශෝධනයට අනුව, අපනයන ඉපැයීම්වලින් විදේශ මුදල් ගෙවීම් ලබන සෑම චක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවෙකුම, තමන්ට ලැබෙන ආදායමෙන් ඉහත සඳහන් (i) සිට (v) දක්වා වූ අවසරලත් ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව, ඉතිරි වන සමස්ත ශේෂය එළැඹෙන මාසයේ 10 වන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතු බව මහ බැංකුව අවධාරණය කරයි.
මෙම පියවර හරහා මෙරට විදේශ විනිමය ද්‍රවශීලතාව ඉහළ නැංවීම සහ අපනයන ක්ෂේත්රයේ මූල්‍ය විනය තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ සහ මහ බැංකුවේ අපේක්ෂාව වී තිබේ.

ඔය මගුල විතරක් නෙමෙයි අනුරගේ චෞර වළල්ලේ එව්වො වගේම අපනයන කරුවන් බහුතරයක් පිටරට පාර්ක් කරලා තියෙන ඩොලර් ටික ගෙන්න ගනිල්ල.එතන ලංකාවේ ගෙවන්න තියෙන ණය වගේ දෙගුණයක් හංගගෙන ඇති.චෞර වළල්ලලේ එව්වන්ගෙන් වැඩිම පිටරට ඩොලර් පාර්ක් කරලා තියෙන්නේ කන්ටේනර් මගඩිය කරපු බස්නාහිර ආණ්ඩුකාරයා.
ReplyDeleteඑහෙම තමයි කියලා තියෙන්නේ ගැසට් එක කියවලා බලලා කතා කරන්න.
Deleteඅර ඕගොල්ලෝ ගෙනාපු එකා... දෙවෙනි ලංකට්... ගැහුව ගැසට් හරියට අජිත් මුතු කුමාරණ කැසට් ගහන්න වගේ. ඒවා කියෝලා ඕගොල්ලන්ට තාම මෝල් මං හිතන්නේ
ඔයා එක්ස්පෝ එකේ කොටස් අරගෙන කෙලෝ ගත්ත එක්කෙනෙක් නේද පුතා
Deleteමේ ආන්ඩුව හොර ගුලාවක්. එකෙක්ට රටින් පනින්න දෙන්න නරකයි.
ReplyDelete
Delete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි♥️
මුන් සැහෙන ගණනක් හොරෙන් රට පනිනවා සුවර්
Deleteනැත්නම් සිය දිවි නහගන්නවා.
Mu na amu gawaya
ReplyDeleteදුන්නු චන්දෙ ගැන දැන් නම් ආඩම්බරයි පැලෙන්න
ReplyDeleteදන්නේ නැති හින්ද අහන්නේ... අපි ආර්ථික ඔස්තාර්ල නෙවෙයිනෙ.
ReplyDeleteතියන ඩොලර් රුපියල් කරනව කියන්නේ විකුණන එක නේද? එතකොට පස්සේ ඩොලර් ඕන උනාම වැඩි ගානකට ගන්න වෙනවා නේද? එතකොට ඩොලර් මිල තව ඉහළ යනවා නේද?
නැත්නම් වෙන දෙයක්ද?
මහත්මයා නීත්‍යානුකූලව ලංකාවේ මූල්‍ය ආයතන හරහා මුදල් හුවමාරු කරද්දි රුපියල් දෙන්නේ මහ බැංකුවෙන් ඩොලර් ටික අරගෙන.
Deleteමේ කියන්නේ බිස්නස් කරන අය තමන්ගේ භාණ්ඩ හා සේවා පිටරටවල්වලට විකුණලා හම්බු කරන ඩොලර් ඊළඟ මාසෙ දහවෙනිදට කලින් ලංකාව තුළට ගේන්න ඕන කියන එක.
පඩංගුකාරයා මිනිස්සුන්ගේ මොල කුරුවල් වෙන්න තමයි නිව්ස් ලියන්නේ .පණික්කියාගේ විදිය නේ.
රුපියල් වලට මාරු කරන්න අපනයන කරන භාණ්ඩ වල ඩොලර් ලංකාවට එන්න එපැයි, ඒව එහෙදිම වෙන කාටහරි විකුනන අයත් ඉන්නවා.
ReplyDeleteඑහෙම කරනවා ඔය තුට්ටු දෙකේ පොඩි පොඩි කඩකාරයෝ. නමුත් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි සමාගම් වලින් තමන්ගේ ඉපයීම් පෙන්නලා ඊළඟ අවුරුදු වලට කොටස්වල වටිනාකම වැඩි කරගන්න, සමාගමේ අගය වැඩිකර ගන්න අනිවාර්යෙන්ම විකුණන භාණ්ඩ හා සේවාවලින් වැඩි කොටසක මුදල නැවත ලංකාවට ගේනවා.
Deleteගොඩක් වෙලාවට මේ වගේ සමාගම් මුදල් කොටසක් රටෙන් පිට තියාගෙන ඉන්නවා විශේෂ අමුද්‍රව්‍ය සහ වෙනත් යන්ත්‍රෝපකරන ගන්න. මං හිතන්නේ ඒවට ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
City bank, Hsbc, Union Bank, NZD kiyanne Lion brewery, JKH, Brown, Axiata, even commercial bank oya hama ekata pita rate honkong wala salli tiyenne, mama danne eka company ekaka SAP licence fee witharak 6M per year, gewanne Citi bank. habai serama lankawe export. Fund transfer karanne SAP integration eka kale mama.. mama dannwa, mun mona tharam wettu dana pahara compnay da kiyala...allai munge p&&ka.
ReplyDeleteමේ Buwa වගේ පිටරට බැංකු හා මූල්‍ය ආයතනවල වැඩ කරන ලංකාවෙ අය අපේ රටේ මිනිස්සුන්ගේ මුදල් තියෙන තැන් හා ප්‍රමාණ දන්නවා. පැලවත්ත, ටිල්වින්, අනුර ආදී ජෙප්පන්ගේ , රාජපක්ෂලා, ව්‍යපාරිකයින් සහ අල්ලස් ගත් නිලධාරීන්ගේ පිටරට වත්කම් එක සතියෙන් ඒ අය හරහා දැන ගන්න පුලුවන්. පොඩ්ඩක් ඉවසන්න අපි එම කටයුත්තට බහින කල්.
Deleteරාජපක්ෂලගේ සල්ලි ගැන දන්නැතුව ඇති හැබැයි
DeleteOver invoicing under invoicing karala pita rata park korapu Dollaruth genda one da?
ReplyDeleteOw Ow transfer pricing kiyala ape hichchi puthata Dilithge income tax eke hitapu golaya kiyala dunne.
Deleteමුන් සැහෙන ගණනක් හොරෙන් රට පනිනවා සුවර්
ReplyDeleteනැත්නම් සිය දිවි නහගන්නවා.
මුන් දැන් දැන් නන්නත්තාර වේ ඉන්නේ
ReplyDeleteඩොලර් තියාගෙන ඉන්න උන්ගේ ඒ ඩොලේර් ටික ගන්න ගහපු ගේමක්