පවතින ආර්ථික තත්ත්වය හමුවේ රජය විසින් වාහන මිල ඉහළ දැමීම සඳහා කිසිදු ආකාරයක බදු වැඩි කිරීමක් සිදු කර නොමැති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.
සිරස නාලිකාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ වාහන මිල ඉහළ යාම රජයේ තීරණයක් නොව වෙළඳපොළ තුළ සිදුවූ අත්තනෝමතික හැසිරීමක ප්‍රතිඵලයක් බවයි.
පෞද්ගලික වාහන පාලනයක් පමණයි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වාණිජ වාහන හෝ කුඩා වාහන සඳහා නොව, පෞද්ගලික මෝටර් රථ වැනි වාහන පරිභෝජනය මාස තුනක කාලයකට ප්‍රමාද කරන ලෙස රජය ඉල්ලීමක් කළ බවයි.
එහෙත් එම තීරණයත් සමඟ වෙළඳපොළ තුළ වාහන මිල 50%කින් පමණ ඉහළ නංවා ගැනීමට ඇතැම් පාර්ශව කටයුතු කර ඇති බවත්, එය රජය පැනවූ බදු නිසා සිදු වූවක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ආර්ථිකය හකුළුවන්නේ නැති ප්‍රතිපත්තියක් රටේ පවතින ඩොලර් සංචිත ප්‍රමාණය කළමනාකරණය කර ගැනීම සහ අත්‍යවශ්‍ය දේ සඳහා ප්‍රමුඛතාවය ලබා දීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා පැවසීය.
ලෝක දේශපාලනික තත්ත්වයන් සහ යුධමය වාතාවරණයන් හමුවේ වුවද, රජයේ උපාය මාර්ගය වී ඇත්තේ ආර්ථිකය හකුළුවන්නේ නැතිව ඉදිරියට ගෙන යාම බව ඔහු සඳහන් කළේය.
මිල පාලනය සහ ජනතා සහනය තෙල් මිල ඇතුළු අනෙකුත් භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සහ ඩොලරයේ අගය ඉහළ යාම හමුවේ වුවද රජය උපරිමයෙන් ජනතාවට සහන ලබා දීමට කටයුතු කර ඇති බවයි.
රජය මිල වැඩි කරනවා වෙනුවට භාණ්ඩාගාරය සතු මුදල් උපයෝගී කරගනිමින් පීඩාවට පත් කණ්ඩායම් වෙත සහන ලබා දී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

උඹලා මේ බයිල ගහලා බොරු කියල මිනිස්සුන්ව ජෝක් එකට ඇරගෙන විහිලු කරන්න හදන්න එපා හරිද.මේ රටේ මිනිස්සු ඉන්නේ උඹලත් එක්ක උපරිම මලෙන්.කොයි වෙලේ මල පාත් වෙයිද කියලා දන්නේ නෑ.දැන් තොපේ බොරුවට මිනිස්සු ඇන්දෙන්නේ නෑ.අනිත් එක මහ පොළොවේ උඹලගේ බොරු වලින් ගොඩ නගා ගත්ත බලය හේදිලම ගිහින් ඉවරයි.ඩොබිලා ටිකක් තැන තැන ඉතුරු වෙලා එහෙන් මෙහෙන් කියෙව්වට ඒවා කවුරුත් ගණන් ගන්නේ නෑ.එළවිල්ලක් සෙට් උනොත් උන්ටත් සොරි තමයි.තවදුරටත් උඹලා මේ කෙරුවාවම බයිලා ගගහා බොරු කිය කිය මිනිස්සු අන්දන්න හැදුවොත් ඊළඟට වෙන්නේ කහද ගමගේ පාර්ට් ටූ. අමු හෙළුවැල්ලෙන් කුණු කානු වල වැටිලා 'අනේ මාව හොස්පිටල් එකට ගිහින් දාන්න අයියෝ''.සමහර විට ඊට වඩා නරක දෙයක් වුණත් ඒවා උබලා මේ කාලේ කරපු කියපු දේවල් වලින් හම්බ කරගත්ත දේවල්.අනිත් එක උඹල මේ මිනිස්සුත් එක්ක ඉඳල ගැවසිලා වැඩක් කරලා හම්බ කරගත්ත ජනතා ප්‍රසාදය හින්ද පාර්ලිමේන්තු ආපු එව්වෝ නෙමෙයි.තොපේ පචවලට රැවටිලා ඇස් පියාගෙන ඡන්ද කොලේ ටක්ටික්ටුක් කරලා ගහපු කතිරෙන් ආපු එව්වො
ReplyDeleteලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedNewGovernment #Elections
ReplyDeleteMugen prashnayak ahuvama vinaadi gaanak aran kisima adaalathvayak nathi uththarayak denava. Nivedakayath ohey nikan moona balaagena innava. Perala prashna ahanne na pahugiya paalana kaale meeta vada hodata thibuna neda kiyala.
ReplyDeleteRanil munta deela giye sthaavara karapu ratak. Aeka kiyannavath nivedaka Roshan ta pana na.