සෞඛ්‍ය අමාත්‍යාංශය අසල නොරිස් කැනල් පාරේ කුණු ගොඩ ගැහිලා.. ඩෙංගු මරමස්ථාන...


 කොළඹ ප්‍රදේශයේ බොහෝ මංමාවත්වල කැලිකසල ගොඩගැසී ඇති බවත්, විශේෂයෙන්ම නොරිස් කැනල් පාරේ ස්ථාන කිහිපයක දැඩි ලෙස ඩෙංගු මදුරුවන් බෝවිය හැකි මර්මස්ථාන නිර්මාණය වී ඇති බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා හෙළි කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය අවට පිහිටි විවිධ නිවාස, නිවාස සංකීර්ණ සහ හෝටල් මඟින් ඉවතලන කැලිකසල මේ අන්දමට නොරිස් කැනල් පාරේ ස්ථාන කිහිපයකම ගොඩගැසී පවතී.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙලෙස දින ගණනාවක් තිස්සේ එකතු වී ඇති කසළ ගොඩවල් අතර ඇති තැඹිලි කෝම්බ සහ අනෙකුත් බඳුන් තුළ ජලය රැඳී පවතින බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම අවිධිමත් කසළ බැහැර කිරීම හේතුවෙන්, ඒ අසල පිහිටි කොළඹ ජාතික රෝහලේ සහ අවට පෞද්ගලික රෝහල්වල නේවාසිකව මෙන්ම බාහිර අංශවලින් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිතවලටද බරපතළ සෞඛ්‍ය තර්ජනයක් එල්ල වී තිබේ.

එබැවින්, පවතින මෙම අවදානම් සහගත තත්ත්වය කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කරයි.

එමෙන්ම, මෙම ප්‍රදේශයේ සනීපාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සෘජුවම වගකියන කොළඹ මහ නගර සභාවේ අදාළ අංශ ද මේ පිළිබඳව වහාම පියවර ගත යුතු බව වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

3 Comments


  1. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් හැකර් සහෝදරයන්ට ආඩම්බරයි

    ReplyDelete
  2. දර්ශනයක් දැක්මක් හෝ කිසිදු වැඩක් කිරීම සඳහා ප්‍රායෝගික හැකියාවක් සුදුසුකමක් හෝ නොමැති,. බටහිර ගැති මාලිමාවේ විකටයන්,..June 22, 2026 at 1:02 PM

    සමස්ථ ක්‍රමවේදය වෙනස්කිරීම සඳහා යැයි වංචනීක ලෙසට බලය ලබාගත්,.
    දර්ශණයක් දැක්මක් නොමැතිවම, රාජ්‍ය පාලනය කරනා,..
    පාස්කු ප්‍රහාරයේ විමර්ශණකටයුතු, පාස්කු ප්‍රහාරයටම වගකිවයුතු නිලධාරීන්ම යොදාගනිමින් කවටයකු, අන්දරේ ලෙසට, කුහක ලෙසටම පරීකෂණ මෙහෙවමින්
    නූගත්, කොටළුවකු ලෙසට කටයුතු සිදුකරනා ලංකාවේ පාළකයාහට නොතිබියයුතු අතිශයින්ම බටහිරගැති නූගත් වහල් කෘෘර මාණසිකතවය සහිතව කටයුතු සිදු කරනා
    මාලිමාවේ පච කියනා නූගත් වනචාරියකු වැන මෝඩයා ගේ විකල් වී ඇති සිහිය යථාවත් වීමසඳහා සිදුකරනා සිහිගැන්වීමද ඇතුලුව,..
    ''කන්සා වැනි ඹෟෂධීය ගුනයෙන් අනූන හෙළ වෙදකමේ කප්රැක වන් උතුම් ශාකය තවදුරටත් මෝඩ තිරිසනුන්,වහළුන් ලෙසටම ගිනිබත්කරනා නූගත් වනචාරී වදුරන් වැනි මුග්ධ හොරාපොලිස් පාහරයන්ගේ අමනෝඥ ක්‍රියාවන්ද ඇතුළත්ව සිහිගන්වා,.

    වගකිවයුතු සියළුදෙනාගේ දෑත් දෙපා විලංගු දමා ගුදමාර්ගය පරීකෂා කරනා දිනයක්ද උදාවිය හැකි බවටද ,..
    දර්ශනයක් දැක්මක් හෝ කිසිදු වැඩක් කිරීම සඳහා ප්‍රායෝගික හැකියාවක් සුදුසුකමක් හෝ නොමැති,.
    බටහිර ගැති මාලිමාවේ විකටයන්වැනි රිලවුන්හට,..
    ඇඳිවතේ මළපහ පිටවන්නාසේ දැනුනා වූද,..
    පසුගිය මාස කිහිපය තුලදී අත්විඳිනාලද,..
    ගැඹුරැ තැනකින් පැන නැගී විත් දැනූනාවූ කුතුහලය දනවනා ලද ගුප්තමය බිය සහ සන්තාපය,.
    කල්තියාම සිදුකරනා දැඩි අනතුරැ ඇඟවීමේ සංඥාවක්ම බවටත්,.
    ලබාදුන් බළය භාවිතාකොට දේශයට දීපයට ගැලපෙනා ලෙසට,.
    නිර්මාණශීළීව,..
    යල්පැනගිය බටහිර නාසිවාදී සුද්දන්ගේ නීතිරීති වහාම යාවත්කාළීන කරමින්,.

    සවෙෙරීභාවයට සවාධිපත්‍යයයට මුල්තැන දී,..
    සමස්ථයක් ලෙසට මිනිසුන්ගේ නිදහස ආත්මගරැත්වය ආරකකෂාව රැකෙනා පරිදි,.

    ශ්‍රී ලංකාවේ ඉතිහාසගත රාජ්‍ය,..
    පාළණය කරනාලෙසට, දැඩිලෙස අනතුරැ අගවා,.
    මාලිමාවේ දේශපාලකයන්ට,..
    පවතිනා රජයට, සහ රාජ්‍යයේ වගකීම් දරනා සමස්ථ නිලධාරීන්ගේ දැඩි අවධානය,.!

    ReplyDelete
Previous Post Next Post