රටේ ගමන යහපත් කරන්න දඬුවම යම්තාක් දුරට ක්‍රියාත්මක කරන්න වෙනවා..- මන්ත‍්‍රීනි


 පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සිසු නිපුණතා ප්‍රාදේශීය ඇගයීම් 2025 ජයග්‍රහණය කරන ලද දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ මහත්මියගේ සහභාගිත්වයෙන් (21) දින නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විය.

පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති නාවලපිටිය ශ්‍රී කවිශ්වර වේළුවනාරාමාධිපති, කන්ද උඩරට දෙපළාතේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති පූජ්‍ය හකිරිල්ලේ ධම්මාලංකාර මා හිමිපානන්ගේ අනුශාසකත්වයෙන්, පස්බාගේ කෝරලයේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ උඩුබුලත්ගම් පළාතේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති පූජ්‍ය කැන්දගොල්ලේ ධර්ම කීර්ති ශ්‍රී රතනජෝති සුධම්මානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ හා නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් දහම් පාසල් 31 ක සිසු දරු දැරියන් 2500 කට ආසන්න පිරිසකගෙන් තරග ඉසව් 41ක ජයග්‍රාහකයන් 205 දෙනෙකු සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රධානය කරන ලදී.

නාවලපිටිය ශ්‍රී කවිශ්වර වේළුවනාරාම විහාරස්ථ ශ්‍රී සුගතධම්මෝදය දහම් පාසල මෙවර සමස්ත කුසලානය දිනා ගනිමින් ජයග්‍රාහී කණ්ඩායම ලෙස කිරුළු පළඳින ලදී.

මෙහි මූලාසන දෙසුම සිදුකළ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ කියා සිටියේ,

මේ මහා සංඝරත්නය කියන්නේ තමන්ගේ ළමා කාලයේ තරුණ කාලය වැඩිහිටි කාලය සිවුරක් දරාගෙන අහිමි කරගත්ත මිනිස්සු. විටෙක අපවාද විටෙක අවලාද විටෙක ප්‍රශංසා විටක ගෞරව නාම ලාභ අලාභ යස අයස මේ හැම දේකටම ඉවසීමෙන් ශික්ෂණයෙන් මුහුණ දෙන පිරිසක්. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වැඩ නිසා සමස්ත ශාසනයටම දොස් නැගීම කාලෝචිත ක්‍රියාවක් නෙමෙයි. ගිහි සමාජයේ හෝ පැවිදි සමාජයේ හෝ වැරැද්දක් කරන පුද්ගලයාට ඒ වැරැද්දට අනුව දඬුවම් හිමි විය යුතුයි.නමුත් වැරැද්ද නොකරන ගිහි පැවිදි දෙපාර්ශවයම අපි පණමෙන් රැක ගත යුතුයි යනුවෙන් ප්‍රකාශ කළ සිටියහ.

අපිට රජය හැටියට සිද්ධ වෙලා තියෙන්නේ ලස්සන ජනප්‍රිය දේවල් කරන්න නෙමේ කල්ගත වෙන දුෂ්කර කාරියන. ඇතැම් විට ඇතැම් අයට හොඳ නැති වෙනවා දේවල් සිද්ධ වෙනවනම් ඒවා සිද්ධ කරන්න වෙලා තියෙන්නේ රටේ ගමන යහපත් කරන්න සමාජයේ පුරවැසියා යහමගට ගැනීමට. ඒ සඳහා දඬුවම කියන දේ යම්කිසි ප්‍රමාණයකට ක්‍රියාත්මක කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට ජනප්‍රිය වෙනවා වෙනුවට හිත් රිදවීම් වෙන්න පුළුවන් යැයි සභාව අමතමින් පා..තුෂාරි ජයසිංහ මහත්මිය කියා සිටියහ.

දහම් අධ්‍යාපනය නගා සිටීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමට රජයක් ලෙසට තමන් බැඳී සිටින බවයි තුෂාරි ජයසිංහ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ.

ත්‍යාග ප්‍රදාන උත්සවය සඳහා සියලු ත්‍යාග වෙන්ඩෝ ලංකා සමාගමේ සභාපති වෛද්‍ය ගිහාන් ගොඩකන්ද මහතා විසින් ලබා දී තිබූ අතර,මහනුවර ශ්‍රී ලංකා සිංහ රෙජෙමේන්තු බලඇණියේ ප්‍රධාන අණදෙන නිලධාරී සී.කේ. යාපාරත්න, පේරාදෙණි විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් බණ්ඩාර දිසානායක ,පස් බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාපති මංජුල කරුණාරත්න, ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

- රංජිත් රාජපක්ෂ

5 Comments

  1. මිනිසුන්ගේ නිදහස ආත්මගරැත්වය ආරකකෂාව රැකෙනා රාජ්‍ය පාළණය කරනාලෙස දැඩිලෙස අනතුරැ අගවා මාලිමාවේ දේශපාලකයන්ට,පවතින රජයට සහ රාජ්‍යයේ වගකීම් දරනා සමස්ථ නිලධාරීන්ගේ දැඩි අවධානයට,.!June 22, 2026 at 12:34 PM

    සමස්ථ ක්‍රමවේදය වෙනස්කිරීම සඳහා යැයි වංචනීක ලෙසට බලය ලබාගත් දර්ශණයක් දැක්මක් නොමැතිව, රාජ්‍ය පාලනය කරනා, පාස්කු ප්‍රහාරයේ විමර්ශණ පාස්කු ප්‍රහාරයට වගකිවයුතුම නිලධාරීන් යොදාගෙන කවට අන්දරේ ලෙසට වංචනීක,කුහක ලෙස පරීකෂණ මෙහෙයවන නූගත්, කොටළුවකු වැනි නූගත් බටහිර වහලා, සහ මාලිමාවේ පච කියනා නූගත් වනචරයන්වන අනුර මෝඩයා, ඇතුලු ''කන්සා වැනි ඹෟෂධීය ගුනයෙන් අනූන උතුම් ශාකය ගිනිබත්කරනා නූගත් වනචාරී වදුරන් වැනි හොරාපොලිස් පාහරයන් සියළුදෙනාගේ දෑත් දෙපා විලංගු දමා ගුදමාර්ගය පරීකෂා කරනා දිනයක්ද උදාවිය හැකි බව ,දර්ශනයක් දැක්මක් හෝ කිසිදු වැඩක් කිරීම සඳහා ප්‍රායෝගික හැකියාවක් සුදුසුකමක් පවා නොමැති මාලිමාවේ බටහිර ගැති විකටයන්වැනි රිලවුන්හට,ඇතැමුන්ට ඇඳිවතේ මළපහ පිටවන්නාසේ දැනුනා වූද, පසුගිය මාස කිහිපය තුලදී අත්විඳිනාලද, ගැඹුරැ තැනකින් පැන නැගී දැනූනාවූ කුතුහලය දනවනා ලද ගුප්තමය බිය සහ සන්තාපය කල්තියාම සිදුකරනා අනතුරැ ඇඟවීමේ සංඥාවක්ම බවට අවධානයට ලක්කොට,දේශයට දීපයට ගැලපෙනා ලෙසට නිර්මාණශීළීව ලබාදුන් බළය භාවිතාකොට යල්පැනගිය බටහිර නාසිවාදී සුද්දන්ගේ නීතිරීති වහාම යාවත්කාළීන කරමින් සවාධිපත්‍යයය රැකෙනා පරිදි සමස්ථයක් ලෙසට මිනිසුන්ගේ නිදහස ආත්මගරැත්වය ආරකකෂාව රැකෙනා රාජ්‍ය පාළණය කරනාලෙස දැඩිලෙස අනතුරැ අගවා මාලිමාවේ දේශපාලකයන්ට,පවතින රජයට සහ රාජ්‍යයේ වගකීම් දරනා සමස්ථ නිලධාරීන්ගේ දැඩි අවධානයට,.!

    ReplyDelete
    Replies
    1. ප්‍රහාරයේ විමර්ශණ පාස්කු ප්‍රහාරයට වගකිවයුතුම නිලධාරීන් යොදාගෙන


      SIRIL GAMINI CHUN KARANNA

      Delete
  2. යත

    යයයථථ9
    00a0
    0
    L0ඞඝ
    තpp0
    Pp00lppplණඝණණණමඤමඣඤඤමඤමඤමඤමණමමඤඤඤමඤමඤඣමඤඤඤඤඣඤඣඣඤඣඤඤඣණණමඪඪඪඣඪඪ
    ඣණඣඪඪඪඪඣඪඪඪඪඪඪඣමඣඣමඣම
    ණඣඣමමමඣඪමමමමඣඣඣමමමමමඣඣමඣමඣඝඣඣමමමමමමඣඪමඪමඪඣඣම
    ඣඪඪඣමඣමඣඣඣඪමඪමඣඪඪමඣම
    ඪඣඪඣඪඪඣඪමඣඣමමඣඪම

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්ති උඹට මඤ්ඤන්ද 😀

      Delete
    2. පහුගිය මාසෙ සල්ලි තාම ලැබුනේ නෑ කියාංකෝ

      Delete
Previous Post Next Post