‘අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව වු කාර්යාලය සහ පැවති රජයන් සම්බන්ධයෙන් ජනතාවට වේදනා පැවතියේ එවකට පැවති දේශපාලනය ඒ ආයතන මෙහෙය වු ආකාරය නිසයි. අතුරුදහන් වු අයට යුක්තිය ඉටු කිරීමට මෙන්ම විමර්ශනවල අවසානයක් දැකිය යුතුයි’ යයි අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි
ඒ මහතා මෙම අදහස් පළ කළේ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදීය.
එහිදි වැඩිදුරටත් අදහස් පළකළ අමාත්‍යතුමා
“අපේ රජය බලයට ඇවිත් දැනට වසර එක හමාරක් වෙනවා. මම මීට වසරකට පෙර මෙම ස්ථානයට පැමිණි අවස්ථාවේත් අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධයෙන් කථා කරන්න සිදු වුණා. ඒ වන විට මේ අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් වු විමර්ශනය කිරීමේ යාන්ත්‍රණය බිඳ වැටිලා තිබුණේ. වසරක් තුළ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව වු කාර්යාලයට අවශ්‍ය බඳවා ගැනීම් සිදු කර ප්‍රතිපාදන වෙන් කළා. අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව වු කාර්යාලය සහ පැවති රජයන් සම්බන්ධයෙන් ඔබට වේදනා තිබුණා. එවකට පැවති දේශපාලනය ඒ ආයතන මෙහෙය වු ආකාරය එයට හේතු වුණා. පැවති රජයන්ට දේශපාලනිකව අවශ්‍යතාවයක් පැවතියා නම් මේවා කරන්න තිබුණා.2009 වසරේ යුද්ධය අවසන් වුණා . නමුත් අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් ගැටළු පවතිනවා කියන්නේ පෙර පැවති රජයන්ට මේ විමර්ශන අවසන් කිරීමේ අවශ්‍යතාවයක් තිබිලා නැහැ.
තිස් වසරක යුද්ධය නිසාවෙන් උතුරත් දකුණත් ඇති වෙන්න ලේ කදුළු හෙලුවා. නැවතත් එවැනි තත්වයන් සිදු වෙන්න බැහැ. යළි යුද්ධයක් ඇති නොවන්න නම් සහජීවනය මිත්‍රත්වය ගොඩ නැගිය යුතුයි. අතුරුදහන් වු අයට යුක්තිය ඉටු කිරීමට මෙන්ම විමර්ශනවල අවසානයක් දැකිය යුතුයි. ඒ සම්බන්ධයෙන් වත්මන් රජයට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා. මේ වන විට උතුරේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු විධිමත්ව සිදු වෙනවා. මාර්ග විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා.
තවදුරටත් දමිළ ජනතාවට දෙවන පුර වැසියෙක් කියලා හිතන්න දෙන්න බැහැ. උතුරේ ජනතාව තුළ විශ්වාසය ඇති කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් වර්ගවාදයෙන් විෂ වෙලා තියෙන පොළොවක් නිදහස් කරන එක පහසු නැහැ. ඒ වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බවද අමාත්‍යතුමා සදහන් කළේය.
මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දුන් අමාත්‍යතුමා මෙසේ පැවසීය.
ත්‍රස්තවාදය වැළැත්වීමේ පනත අහෝසි කර ජනතාවාදී පනතක් ගේනවා. ඒක ගේන්නේ ඇත්තටම ත්‍රස්තවාදය වෙනුවෙන් මිස පුද්ගලයින් හෝ වෙනත් පාර්ශ්ව මර්දනයට නොවෙයි. තවත් මාස දෙකක් පමණ යන විට එය ඉදිරිපත් කරනවා.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. ඉලංකුමාරන්, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.තිලකනාදන්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්.මුරලිදරන් අතුරුදහන් වු තැනැත්තන් පිළිබද වු කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද යන මහත්වරුන් ඇතුළු එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, සහ අතුරුදහන් වු තැනැත්තන් පිළිබද වු කාර්යාලයේ ප්‍රාදේශිය සම්බන්ධිකාරක නිලධාරීන් සිවිල් සහ මහජන නියොජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සාකච්ඡාවට පැමිණ සිටි සිවිල් සහ මහජන නියෝජිතයින් අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ පැමිණිලි සම්බන්ධයෙන් පවතින ගැටළු ඉදිරිපත් කළ අතර ඒ සඳහා අමාත්‍යතුමා පිළිතුරු ලබා දෙන ලදී.

මූ බැඳල ඉන්නෙ දෙමල ගෑණියෙක්. ඒකයි මූ දෙමලුන්ට මෙච්චර පුක දෙන්නෙ.
ReplyDeleteඌට දෙමෙල්ලු මොක්කු වුනත් බහුතර ජනතාවට නම් උන් කොටි.
Deleteකොහොමත් දෙවෙනි පුරවැසියන් ගොඩක් නෑ, එක දෙවෙනි පුර වැසියයි ඉන්නේ, ඒ අගමැති ධූරය දරණ පුද්ගලයා.
ReplyDeleteලැජ්ජයි, ඒ දෙවෙනි පුර වැසිය ලෙස්බියන් වුන එකට.
DeleteHe is paid by the T-Diaspora, so he thinks the Tigers are the First and Sinhalese are in the last category
ReplyDeleteමු පතනෙ එළුවෙක් නේ
ReplyDeleteවාසුදේවගෙ මස්සිනා ඉස්සර ටැමිල් කොන්ග්රස් නායකය කියල කතාවක් ගියා. මූ එතකොට,
ReplyDeleteමෙයා මේ කතා කරන්නෙ මෙච්චරකල් සිංහල අය දෙමළ මිනිස්සුන්ව පහත් කළා වගේනෙ. ඒ අය අනවශ්‍ය ජාති භේද ඇති කරලා ඒකෙනු වාසි ගන්නයි මූ හදන්නෙ. අර පැත්තෙන් පස්කුවෙන් වාසි ගන්නවා. මේ පැත්තෙන් අතුරුදහන් අයගෙන් වාසි ගන්නවා. ඔක්කොටම කලින් JVP ත්රස්තවාදීන් විසින් ඝාතනය කල 88/ 89 කාලේ අයට සාධාරණයක් කරලා හිටපියව්, ජනතාවගේ සහජිවනය නැති නොකර අනවශ්‍ය ප්‍රශ්න ඇදලා.
ReplyDelete