O/L විභාග ප‍්‍රතිඵල නිකුත් කෙරේ..


 අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ. ඒ අනුව, විභාගයට පෙනී සිටි සියලුම සිසුන්ට මේ වන විට අන්තර්ජාලය ඔස්සේ තම ප්‍රතිඵල පරීක්ෂා කර බැලීමේ හැකියාව පවතී.

2025 වර්ෂයට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය මෙරට පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට, මෙම වසරේ (2026) පෙබරවාරි 17 වැනිදා සිට පෙබරවාරි 26 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථානවලදී සාර්ථකව පවත්වන ලදී.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවලට අනුව, මෙවර විභාගය සඳහා දිවයින පුරා විසිරී සිටින සමස්ත අයදුම්කරුවන් 451,463 දෙනෙකු පෙනී සිට ඇත.

විභාගයට පෙනී සිටි අපේක්ෂකයින්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති පහත සඳහන් නිල වෙබ් අඩවි වෙත පිවිස, තම විභාග අංකය ඇතුළත් කිරීමෙන් පුද්ගලික ප්‍රතිඵල ලබාගත හැකිය.

www.doenets.lk
results.exams.gov.lk

Previous Post Next Post